කැමරාව-පටල පටයේ ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

1876 සිට හර්ටර් සහ ඩි‍්‍රෆීල්ඞ් ආලෝක සංවේදී පටල පටයක් නිර්මාණය කිරීමට පුරෝගාමී වූහ. ඩැගියුරේගේ ඡායාරූපකරණය වැනි මුල් කාලීන ඡායාරූපගැනීමේ ක‍්‍රමවේදයන්හිදී පටලපට භාවිතයට නොගැනුනි. ඊස්ට්මන් කොඩැක් 1885 දී ප‍්‍රථම නම්‍යශීලී ඡායාරූප පටල පටය නිපදවිමට සමත්විය. එය කඩදාසි මත රසායනික ස්ථරයන් ආලේප කරන ලද්දක් විය. ප‍්‍රථම පාරදෘෂ්‍ය ප්ලාස්ටික් පටල පටය නිපදවන ලද්දේ 1889 දීය. ඊට පෙර වීදුරු ඡායාරූපකරණ තහඩු භිවිතයට ගැනුනි. ඒවා මිළ අධික කැඞී බිඳී යා හැකි වූ නමුත් ඉහල ගුණාත්මකභාවයකින් යුතු විය. පළවැනි ඡායාරූප පටල පටය නිපදවන ලද්දේ වහා ගිනි ඇවිලෙන සුලූ නයිට්‍රොසෙලියුලෝස් සහ සුවිකාරකයන් ලෙස කපුරු යොදාගනිමිනි. 1920 ගණන්වලදී නියටේ‍්‍රට් පටල පටය සෙලියුලෝ ඇසිටේට් පටල පට මගින් ආදේශ කරනු ලැබු අතර ඒවා වඩාත් ආරක්‍ෂාකාරී විය. මෙම වෙනස්කම 1933 වන විට x කිරණ පටල පට සඳහාද 1951 වන විට චලන චිත‍්‍ර පටල පට සඳහාද යොදාගනු ලැබිණ.

සුවිශේෂී සංවේදීතාවය[සංස්කරණය]

මුල් පටල පට සංවේදීවුයේ නිල් ආලෝකයට පමණකි. 1879 දී කොළ සිට නිල් දක්වා වර්ණ පරාසයට සංවේදී වන සම්‍යයක් වර්ණදායී පටල පට හඳුන්වා දෙනු ලැබිණි. පසුකාලීනව ද්‍රෘෂ්‍ය වර්ණාවලියේ සියලූම වර්ණයන්ට සංවේදී සර්වවර්ණදායී පටල පට හඳුන්වාදෙනු ලැබිණි. වර්ණාවලි සංවේදීතාවය නොසලකා මේ සියලූ පටල පට යොදාගැනුනේ කලූ සුදු ඡායාරූප ලබාගැනීම සඳහාය.

වර්ණ ඡායාරූප ලබාගැනීම සඳහා වූ පර්යේෂණ 1861 සිටම සිදුවිය. නමුත් ප‍්‍රායෝගිකව භාවිතාකළ හැකි තෛලෝදයන් භාවිතයට පැමිණියේ 1930 ගණන්වලදීය. දෙවන ලෝක යුද්ධයෙන් පසු එහි විශාල දියුණුවක් ඇතිවූ අතර බහුතරයක් ඡායාරූප සඳහා වර්ණ පටල පට යොදාගැනීම ආරම්භ විය.

කාච සහ උපකරණ නිර්මාණය කෙරෙහි ඇතිවූ බලපෑම[සංස්කරණය]

ඡායාරූපකරණ කාච සහ උපකරණ නිර්මාණයේදීද යොදාගනු ලබන පටල පටයන් සැලකිල්ලට ගන්නා ලදී. මුල්කාලීන කාචයන් නාභිගත වියයුතු වූයේ නිල් ආලෝකයට පමණකි. සම්‍යයක් වර්ණදායී පටල පට හඳුන්වාදීමත් සමග වර්ණාවලියේ කොළ සිට නිල් දක්වා වර්ණයන්ට නාභිගත වීම අවශ්‍ය විය. ඒ අනුව පටල පටයේ රූප රාමු සංඛ්‍යාව බලාගැනිම සඳහා රතු පැහැති කවුලූවක් යොදා ගැනුන අතර එයින් කිසියම් රතු ආලෝකයක් නිකුත්වුවද එය පටල පටයට කිසිදු බලපෑමක් සිදු නොකරන ලදී. එමෙන්ම අඳුරු කාමරයන්හිද රතු ආලෝකය යොදාගනු ලැබිණි. සර්ව වර්ණදායී පටල හඳුන්වාදීමත් සමග වර්ණාවලියේ සියලූම වර්ණ නාභිගත කළහැකි කාචයන්ගේ අවශ්‍යතාවය පැනනැඟුනි. පෙර පැවැති සියලූ ක‍්‍රමයන්හිදී වස්තුවක ලා පැහැ ඡායාවන් සහ කාචය මත වැටුනු වර්ණයන් බලපෑමක් ඇතිනොකරන ලදී. එමඟන් වියහැකි උපරිම හානිය වූයේ වර්ණ තීව‍්‍රතා වෙනස මඳක් වෙනස්වීම පමණකි. නව පටල පටය භාවිතයේදී එසේ නොසලකා හැරීම් සිදුකළ නොහැකි විය. ඒ අනුව වඩාත් නිරවද්‍ය කාච යොදාගැනීමේ අවශ්‍යතාවය පැනනැගුනි.

විවිධ පටල පට වර්ග සඳහා යොදාගත් පෙරනයන්ද විවිධ විය.