Jump to content

කැනඩා නර්තන ප්‍රසංග සමාගම්

විකිපීඩියා වෙතින්
(කැනේඩියානු නර්තනය වෙතින් යළි-යොමු කරන ලදි)

කැනේඩියානු බැලේ සමාගම් ප‍්‍රධාන ලෙස පහත පරිදි වේ. රෝයල් විනිපෙග් බැලේ, ටොරන්ටෝ හි නැෂනල් බැලේ ඔෆ් කැනඩා, බැලේ ජෝර්ගන් කැනඩා, (ටොරන්ටෝ), ල ග‍්‍රෑන්ඞ්ස් බැලේ කැනඩියන්ස් (මොන්ටි‍්‍රයල්), ද ඇල්බර්ටා බැලේ (කැල්ගරි* බැලේ බී සී (වැන්කුවර්* බැලේ කෙලොව්නා බැලේ ඩු ප‍්‍රින්ටෙම්ප්ස් (වැන්කුවර්* බැලේ වික්ටෝරියා, කැනේඩියන් පැසිෆික් බැලේ (වික්ටෝරියා), ගෝ බැලේ (වැන්කුවර්). එසේම පහත දැක්වෙන නූතන නර්තන සමාගම් ද එහි පිහිටා ඇත . ටොරන්ටෝ ඩාන්ස් තියටර්, ඕ වර්ටිගෝ (මොන්ටි‍්‍රයල්), ඩැනී ග්‍රොස්මන් ඩාන්ස් කම්පනි (ටොරන්ටෝ), මෝසියන් ඩාන්ස් (හාල්ෆැක්ස්), විනිපෙග් කන්ටෙම්පරරි ඩාන්සර්.

රටෙහි විශාලතම සමාගම වන්නේ කැනඩාවේ ජාතික බැලේ සමාගමයි. රාජකීය විනිපෙග් සංගමය පැරණිතම සමාගම වන අතර උතුරු අමෙරිකාවේ රාජකීය නාමය දරන එකම බැලේ සමාගම වෙයි. මෙය එම මහාද්වීපයේම පැරණිතම හා තවමත් කි‍්‍රයාකාරී බැලේ සමාගම වේ. පස්වන විශාලතම සමාගම වන බැලේ ජෝර්ගන් කැනඩා විශාලතම සාමාජිකයන් සංඛ්‍යාව දරන අතර සංචාරක සමාගමක් ලෙස ආරම්භ වූවකි.

බොහෝ සංක‍්‍රමණියන් එස්වමරෙල්ඩා එන්රිකි ස්පාඥ්ඥ නර්තන සමාගම හා බැලේ ක‍්‍රියොල් වැනි සමාගම් හරහා තම සම්ප‍්‍රදායික නර්තනයෝ වෘත්තීය හෝ ආධුනික මට්ටමෙන් පවත්වා ගෙන යති. එම සමාගම් ඉතාමත් විශාල හා සාර්ථක වන අතර ටොරන්ටෝ හි සබැඳි පාසල් පවත්වා ගෙන යති.

කැනේඩියානු ස්වදේශික නර්තන ‘පව් වව්ස්’ හි පැවැත්වේ.