කාලෙම් පුනරුදය
කාලෙම් පුනරැදය ක්‍රි.ව 1920 සිට 1940 දක්වා අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය කෙරෙහි නව අවධානයක් ඇති කරලිය. හාලෙම් පුනරැදයට පාදක වුයේ අති විශාල සංස්කාතිකමය හා සමාජිය වර්ධනයක් සහිත නිව්යෝර්ක් හි කාලෙම් හි ජන සමාජයයයි. මෙයට නොයෙක් කළු ජාතික කලාකරැවෝ, සංගීතඥයෝ සහ තවත් සම්භාවය කලාකෘති (ජෑස් හා වේදිකාව ඇතුලත්ව) අයත් විය. මෙම පුනරැදය වඩාත්ම ප්‍රචලිත වුයේ එයින් බිහි වු සාහිත්‍යයට යයි සැලකේ.
ලැන්ස්ටන් හියුස් (ඡායාරෑපය කාල් වැන් වෙචන් මගින් 1936)
මේ සමයේ වඩාත්ම ප්‍රචලත ලේඛකයන් අතර ලැන්ස්ටන් හියුස් ද අයත් වේ. හියුස් මුලින්ම අවධානයට ලක් වුයේ 1922 එළිදැක්වු The book of American Negro poetry මගිනි. මෙම ජෙම්ස් වෙල්ඩන් ජොන්සන් මගින් සකසන ලදුව එම කතුවරයා එම අවධියේ වඩාත්ම කුසලතාවෙන් හෙබි කිවිදා ලෙස නම් කරන ලදි. (Claud Mckay නවකතා තුනක් Home the Horlem, Banjo හා Bannana Bottom පළකරන ලදුව තවත් කුසලතාවෙන් හෙබි රචකයෙකු ලෙස සැලකේ)
ක්‍රි.ව 1930 දී හියුස් විසින් කවි එකතුවක්, (The Weary Blues) නවකතාවක් වන Not Without laugnter පළ කරන ලදි. ඔහුගේ වඩාත්ම ප්‍රචලිත කවිය වනුයේ ඔහු නව යෞවනයෙකු සමයේ ලියු The Negra speaks of River යන්නයි. ඔහුගේ එකම වඩාත්ම හදුනාගත් චරිතය වන්නේ ජිස් විය.
සරල, කථා විලාශයකින් හෙබියා වුත් සත්‍යවාදි Herlemite ගේ විනෝදජනක නිරික්ෂණයන් හියුස්ගේ Chicago defender හා New York Post හි ලිපිවල පළවිය. 1950 දී රචිත Simple speaks his mind ඔහු විසින් පළ කළ හොදම සරල කථා ඇතුලත් ග්‍රන්ථය ලෙස නම් කළ හැක. 1967 දී අභාවප්ප්‍රාප්ත වන තුරැම හියුස් විසින් කවි එකතු 9 ක්, කෙටි කතා පොත් අටක්, නවකතා දෙකක් හා කලාකෘති, ලමා පොත් හා පරිවර්තන ද තෙලි තුඩට නගන ලදී.
මෙම පුනරැදයේ තවත් ප්‍රස්ද්ධ ලේඛිකාවක් වන්නේ Zora Neale Horstan ය. ඇය විසින් Their eyes were watching god යන සම්බාව්‍ය ග්‍රන්ථය ලියවුණු ලදි. ඇය විසින් ග්‍රන්ථ 14 ලියවුණු අතර මේවා මානව හැසිරිම් විද්‍යාවේ සිට කෙටි කථාවේ සිට නවකතාවක පරාසය දක්වා විහිදුණි. ඇය කාන්තාවක් විම හා ඇගේ කෘථි සමාජීය හෝ දේශපාලනමය වශයෙන් වැදගත් නොවිම හේතුවෙන් ඒවා දශක කිහිපයක් යන තුරැත් එළි නොදැක්කේය. හර්ස්ටන්ගේ කෘති ක්‍රි.ව 1970 දී ඇලිස් වෝකර් විසින් රචිත ප්‍රසිද්ධ රචනාවක මාර්ගයෙන් නැවත අවධානයට ලක් වුනු අතර, හර්ස්ටන් කළු ජාතික ලේඛිකාවකන් හට මහගු ආදර්ශයක් ලෙස සලකන ලදි.
පුනරැදයෙන් එළි දුටු මහත් අවධානයට ලක් වු ලේඛකයන් ලෙස හියුස් හා හවුස්ටන්ව නම් කළ හැක. මෙයට අමතරව තවත් ලේඛකයන් ද මේ සමයේ ප්‍රසිද්ධියට පත් විය. මේ අතරට cane ලියු ජින් ටුමර් හා The living in Easy විසින් ලියු Dorothy west දැක්විය හැක. තවත් ප්‍රසිද්ධ ලේඛකයකු වුයේ කවුන්ට් කාලන්ය. ඔහු විසින් එදිනෙදා කළු ජාතිකයන්ගේ ජිවිතය විස්තර කරන ලදී. කලන්ගේ කෘති අතරට කවි එකතුවක් වන Color(1925), Copper sun (1927) සහ The Ballad of the Brown girl අයත් වේ. ෆ්‍රෑන්ක් මාෂල් ඩේව්ස්ගේ කවි එකතුවක් වන Black Man's Verse (1935) හා I'am the American Negro (1937) කෘතිහු Black cat press නම් වු මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලදුව මහත්සේ විචාරයට ලක් විය. Wllace Thurman ගේ The Blacker the Berry A Novel of Negro Life (1929) කෘතිය ජාතින් තර පවතින සුදු කළු භේදය විදහා දැක්විය.
හාලෙම් පුනරැදය අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යයේ සන්ධිස්ථානයක් විය. මොයට පෙර කඵළු ජාතිකයන් විසින් ලියන ලද කෘතින් කියවන ලද්දේ තවත් කළු ජාතිකයන් මගින් පමණි. මෙම පුනරැදය හරහා අප්‍රිකානු ඇරමරිකානු සාහිත්‍යය හා අප්‍රිකානු කලා කෘති ඇමෙරිකානු සංස්කෘතියට එක්වීම ඇරඹිනි