ක්‍රීඩා පත්‍රකලාවේදය
ක්‍රීඩා පත්‍රකලාවේදය යනු ක්‍රීඩා පුවත් සහ සිද්ධි පිළිබඳව වාර්තාකරණයයි. ක්‍රීඩා පත්‍රකලාවේදීන් බැරෑරුම් සිද්ධි වාර්තා නොකරන නිසා බොහෝ පුවත්පත්වල ක්‍රීඩා අංශයට “ සෙල්ලම් බඩු අංශය ”නම් නමක් පටබැඳ ඇත. ධනයෙන් , බලයෙන් සහ බලපෑමෙන් ක්‍රීඩා වැඩෙන විට මෙම පත්‍රකලාවේදය ද වර්ධනය වී ඇත.
ප්‍රවෘත්ති ආයතනයක ක්‍රීඩා ජනමාධ්‍ය අත්‍යවශ්‍ය අංගයකි. සමහර ප්‍රවෘත්ති ආයතන ක්‍රීඩා සඳහා ම කැපවී ඇත. උදාහරණ - ප්‍රංශයේ “ ලා ඉක්විප් ”, ඉතාලියේ “ ලා ගැසටා ඩෙලෝ ස්පොට් , සහ දැන් ප්‍රකාශනය නොවන බ්‍රිතාන්‍යයේ "ස්පෝටින් ලයෆ්" ය.
ගවේෂණාත්මක පත්‍රකලාවේදය සහ ක්‍රීඩා
[සංස්කරණය]1990 සිට ක්‍රීඩාවේ වැදගත්කම, ලෝක ව්‍යාපාර සම්බන්ධයෙන් එහි බලපෑම සහ අනුග්‍රාහකත්වය සදහා වැය කෙරෙන විශාල මුදල ආදිය හේතු කරගෙන ගවේශනාත්මක පත්‍රකලාවේදය ද ක්‍රීඩාවට ආකර්ශනය වී ඇත. ක්‍රීඩා පත්‍රකලාවේදීන් වාර්තාකරන කරුණුවල සංවේදී බව මෙන් ම මේ සදහා වියදම් දැරීමට පුවත්පත් ආයතනවලට නොහැකි වීම නිසා මෙවැනි දිගු කාලීන ව්‍යාපෘති බොහෝ විට රූපවාහිනී වාර්තා වැඩසටහන් ලෙස එලි දැක්වේ.
2003 ටොම් රචනා කළ “ බ්‍රෝකන් ඩ්‍රීම්ස් ” නම් ක්‍රීඩා කෘතියෙන් ඔහු බ්‍රිතාන්‍ය පාපන්දු ක්‍රීඩාව ගවේශනය කළේය. ඔහු අනුගමනය කළේ ඊට දශකයකට පමණ පෙර ඇන්ගු ජෙනන්ස් සහ විවී සම්ස් සන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ දූෂණ විමර්ශනය කිරීමේ දී අනුගමනය කළ සම්ප්‍රදායයි. ජෙනන්ස් සහ සම්සන්ගේ දර් ලෝඩ් ඕෆ් තර් රින්න්ස් හරහා ඔවුන් 2002 ශීත ඔලිම්පික් තරගාවලියේ දී ඇති වීය හැකි දූෂණ පිළිබඳව ඉඟි කළහ. ඔලිම්පික් සහ ෆිපා “ ලෝක පාපන්දු සම්මේලනය ” පිළිබඳව තවත් කෘතී දෙකක් ජෙනන්ස් රචනා කළේය. “ දර් ගාඩියන් ” පුවත්පතේ ඩන්මන් මැකේ සහ ස්ටීවර් ඩවුන්ස් වැනි සම්මානනීය ලේඛකයන් 1996 දී ඔවුන් ගේ “ රනින් ස්කෙයාඩ්’ නම් කෘතියෙන් දූෂණ විශාල ගණනක් හෙළි කළ අතර, ක්ලෆ්ටෙම්පල් නම් ක්‍රීඩා ජනමාධ්‍යවේදියාට සිය දිවි නසාගැනීමට දුන් මන්පැන් ද, ක්‍රීඩා නිලධාරීන්ගේ තර්ජන පිළිබඳව ද එහි සඳහන් වේ.
ප්‍රංශ සවාරියට එක්වූ වෘත්තීයමය සයිකල් ධාවකයෙකු වූ වර්තමාන ( සංඩේ ටයිම්ස් ) ලේඛක පෝල්ඩ්කමේප් පවසන්නේ මෙවන් හෙළිදරව්වල දී පිටස්තර පුද්ගලයා ක්‍රීඩකයන් සහ ක්‍රීඩා නිලධාරීන් සමග එදිනෙදා ගනුදෙනුවල නොයෙදෙන කෙනෙකු වීම වැදගත් බවය. එහෙත් ක්‍රීඩා බලවතුන් අමනාපකර ගැනීමේ පාඩුව අතිවිශාල විය හැක. 2007 බ්‍රිතාන්‍ය FA කුසලාන විකාශන අයිතිය BBC යට අහිමි වූයේ ඔවුන් බ්‍රිතාන්‍ය පාපන්දු කණ්ඩායම දැඩිව විවේචනය කළේ යන චෝදනාව නිසාය. මෙය BBC යට අහිමි වූ මිලියන ගණනක කොන්ත්‍රාත්තුවක් විය.
සමාජ හා දේශපාලන වැදගත්කම
[සංස්කරණය]මුද්‍රිත මාධ්‍යවේදීන්ට සිය තරගවලදී විශේෂ කාර්ය භාරයක් පැවරුවේ ලිග් බේස්බෝල් ක්‍රීඩාවේදී ය. ඔවුන් නිල ලකුණු සටහන් කරුවන් ලෙස නම් කෙරුණු අතර ලීගයේ නිල වාර්තාවල කොටස් කළ ලකුණු සටහන් සකස් කළේය.1980 දී මෙම කාර්යයෙන් ක්‍රියාකාරී පත්‍රකලාවේදීන්ව ඉවත් කෙරුණි. ඔවුන්ගේ හවුල්වීම තරගයේ ප්‍රතිඵලයට බලපෑම් නොකළද අවශ්‍යතාවන්ගේ ගැටීමක් ඇතැයි සැලකීම මේ සඳහා හේතු විය.
ක්‍රීඩා සිදුවීම් ක්‍රීඩාවට ම සීමා නොවන අතර සමාජයීය හා දේශපාලන වැදගත්කමකින් ද යුක්ත විය. උදාහරණ:- රෝමින්සන් බේස්බෝල් වර්ණ බාධකය බිඳ දැමීම. වර්තමාන සුපිරි ක්‍රීඩා තරුවල ආදායම් මට්ටම, තහනම් උත්තේජක භාවිතය,ක්‍රීඩා භූමි ආදිය ගොඩනැගීම සඳහා රජය දරණ වියදම් ආදිය සැලකීමේ දී තවමත් ක්‍රීඩා පුවත් වැදගත් බවක් පෙනීයයි.
අනෙක් වාර්තාකරුවන් මෙන් නොව ක්‍රීඩා වාර්තාකරුවන්ට වාර්තාකරණය සඳහා ඇති කාලය සීමිතය. මන්ද ක්‍රීඩා ඇරඹෙන්නේ දිනයේ සැඳෑ භාගයේ වන බැවිනි. එහෙත් අනිකුත් වාර්තාකරුවන් මෙන් මොවුන් ද වෘත්තීයමය සහ සදාචාරාත්මක සම්මතයන් පිළිපැදිය යුතුය. කිසිම කණ්ඩායමකට නැඹුරුවක් නොදැක්විය යුතුය. ක්‍රීඩා කණ්ඩායම්වල දත්ත වාර්තා ගොනු කිරීමට සිදුවේ.
ලොව දක්ෂ සහ ගෞරවනීය මුද්‍රිත මාධ්‍යවේදීන් බොහෝදෙනා ක්‍රීඩා වාර්තාකරුවන් ය.
ක්‍රීඩා ග්‍රන්ථ
[සංස්කරණය]ක්‍රීඩා පත්‍රකලාවේදීන් ක්‍රීඩා, චරිත පාදන ඉතිහාස සහ විමර්ශන ආදී ක්‍රීඩා අංශ සම්බන්ධයෙන් ජනප්‍රිය ග්‍රන්ථ රචනා කොට ඇත.
1980 සහ 1990 දශකවල ලන්ඩනයේ චැරීන් හරස්වීදියේ එක් වෙළඳ සැලක් සම්පූර්ණයෙන් ම ක්‍රීඩා ග්‍රන්ථ සඳහා වෙන් කොට තිබිණි. එහෙත් ඇමසන් වැනි අන්තර්ජාල පොත් අලෙවි වෙබ් අඩවි නිර්මාණය කිරීමත් සමග මෙම අලෙවි සැල වසා දැමුනි.
එහෙත් මෙසේ වසා දැමීමට පෙර සිට ම විලියම් හිල්ගේ අනුග්‍රාහකත්වයෙන් වසරේ ක්‍රීඩා ග්‍රන්ථය සඳහා වාර්තා ත්‍යාගයක් නිර්මාණය කෙරුණි. 1989 දී මුල්වරට මෙය දිනා ගත්තේ විශ්වවිද්‍යාල ඔරු පැදීමේ තරග පිළිබඳව ඩැන් ටොපොල්ස්කි රචනා කළ ග්‍රන්ථයකට ය.
සම්මානවල සහ ග්‍රන්ථවල තත්ත්වය 1992 දී නක් හොම්බිගේ “ ෆීවර් පිච් ” කෘතිය සම්මානය දිනා ගැනීමත් සමග ඉහළ නැංවුණි. ‘ෆීවර් පිච්’ සහ 'ටෘ බිලු ” කෘතීන් පසුකලෙක සිනමාවට නැගිණි. වරකට වැඩි ගණනක් මෙම ත්‍යාගය දිනා ඇත්තේ ඩොනල් මැක්ක්‍රේ පමණි. ( 1996 සහ 2002 )
ක්‍රිකට් සහ පාපන්දු පිළිබඳව ලියවුණු පොත් සම්භාරයක් මෙම ත්‍යාගය දිනා ඇත.
මෑත කාලයේ දී මෙම සම්මානය විවාදයට තුඩු දුන්නේ ය. 2002 දී මෙම ත්‍යාගය හිමි වුණේ ලාන්ස් ආමස් ක්‍රෝම්ගේ “ ඉස්ට් නොට් අබවුට් දර් බයක් ” කෘතියට ය. බයිසිකල් ක්‍රීඩා මන්ත්‍රණය පිළිබඳව විවේචනය කළ පෝලි කතේප්ගේ රෆ්‍රයඩ් කෘතියට 1990 දී සම්මානය පරිනමා 2000 දී ප්‍රංශ සවාරි ජයග්‍රාහකයාගේ කෘතියට එය පිරිනැමීම කාගේත් අවධානයට ලක්විය.
2006 දී ජෙෆ්රි වෝඩ් ගේ ‘අනෝෆගිබල් බැලැක්නස්’ කෘතියට සම්මානය පරිනැමීම විවේචනයට ලක් වූයේ එය 2004 ප්‍රකාශිත කෘතියක් වූ බැවිනි.
ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වූ ඩන්කන් හැමිල්ටන් නොටින් හෑම් පොරස්ට්හි කළමනාකාර බ්‍රැයන් ක්ලෝ සමග ගනුදෙනු කිරීමේදී ලද අත්දැකීම් ඇතුළත් “ ප්‍රවයිඩඩ් යූ ඩෝන්ට් කස්මි ” කෘතියට 2007 සම්මානය පිරිනැමුණේ නොවැම්බර් 27 පිකාඩ්හි වෝටර් ස්ටෝන් හි පැවති උත්සවයක දීය.
මාධ්‍යවේදයට පැමිණි ක්‍රීඩා තරු
[සංස්කරණය]දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය පුවත් පත් වල ක්‍රීඩා අංශය වර්ධනය විය. වර්තමානයේ ද සමහර පුවත්පත්වල වෙනම ක්‍රීඩා අංශයක් ඇත. සමහර ටැබ්ලොයිඩ් පුවත්පත්වල ක්‍රීඩා පිටුවට අමතරව පෙර දින පාපන්දු වාර්තා සඳහා වෙනම කොටසක් පවා ඇත. මෙම පාපන්දු පුවත් ප්‍රාදේශීය පුවත්පත්වල ක්‍රීඩා පුවත් පළ කළ ආකාරයට බෙහෙවින් සමාන ය.
සමහර පුවත්පත් ක්‍රීඩා තීරු සඳහා සුපිරි ක්‍රීඩා තරු යොදා ගෙන ඇත. උදා :- 1924 ඔලිම්පික් 100m ජයග්‍රාහක හැරල්ඩි එම්බ්‍රහම් ද සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් ද, හිටපු එංගලන්ත ක්‍රිකට් නායක සර් ලෙනාඩ්, ඊවිනින් නිව්ස් පුවත්පත මගින් ද යොදා ගැනුණි. මුලින්ම මෙම තීරු රචකයා කවුදැයි ප්‍රසිද්ධියට පත් නොකෙරිණි. එහෙත් මෙසේ නිර්නාමිකව ලියවුණු ලිපි වියතුන්ගේ විවේචනයට ලක්වූහ. එමෙන් ම එම පළකිරීම් ක්‍රීඩා පත්‍රකලාවේදයේ දියුණුවට හේතු නොවීය.
එහෙත් බ්‍රිතාන්‍යයේ පුවත්පත් කලාවට සුපිරි ක්‍රීඩා තරු රැසක් ඇදී ආහ උදා “ ඩෙලිමිරල් ” හි ‘පිටර් විල්සන් , “ ඔක්සවර් හා පසුව ” “ සන්ඩේ ටයිම්ස් ” හයුමැක් ඉල්වානි, “ ඩේලි මේල් ” හි ඉයන්වුල් රිග් සහ “ සන්ඩේ ටයම්ස් හි ” බ්‍රයන් ගැල්විල්. විසිවන සියවසේ ක්‍රීඩා මාධ්‍යවේදය අති ප්‍රසිද්ධියට පත් වූයේ ක්‍රීඩාව තුළ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් පුවත්පත් මගින් හෙළි කිරීම නිසාය. උදා 1972 යුනික් ඔලිම්පික් තරගාවලියේ ඝාතන සිදුවීම, 1974 ජෝප් ෆෝමන් සමග ඇතිකර ගත් ගැටුම ඇතුළු මොහොමඩ් අලීගේ ජීවන සිදුවීම්, හෙසර් ක්‍රීඩාංගණයේ ඛේදවාචකය මෙන් ම ජෝප් බෙස්ට්, ලේසර් පගට් සුපිරි ක්‍රීඩා තරුවල ජීවන තොරතුරු.