Jump to content

ක්‍රීඩා එන්ජිම - විශ්ලේෂණය

විකිපීඩියා වෙතින්

ක්‍රීඩා එන්ජිම - විශ්ලේෂණය

ක්‍රීඩා එන්ජිම නැවත පාවිච්චි කල හැකි මෘදුකාංග සංරචක වලට අමතරව දෘෂ්‍යය වර්ධක උපකරණ කට්ටලයක් ලබාදේ. මෙම කට්ටල දත්ත වලින් වැඩකරන ආකාරයේ සංකලිත වර්ධක පරිසරයක් ඇතිකරනු ලබයි. මෙම ක්‍රීඩා එන්ජිම මිලෙන්, සංකීර්ණතාවයෙන් අඩු අතර අවශ්‍යම වන ශ්‍රිතීයතාවය ලබාදෙන සුනම්‍යය හා නැවත පාවිච්චි කල හැකි මෘදුකාංග පදනමක් ලබාදේ.

එලෙසම ක්‍රීඩා එන්ජිම විවිධ පදනම් හා ක්‍රීඩා කොන්සෝල (console) එකම ක්‍රීඩාවක් කිරීමට ලබාදේ. බොහෝවිට මෙම පද්ධති වඩා විශේෂිත උපකරණ වන හැවොක් (භෞතික උපකරණ සඳහා) FMOD (ශබ්දය සඳහා) හෝ ස්පීඩ්ට්‍රී (ප්‍රවාචනය සඳහා) වලින් වර්ධනය කර ගත හැක. එසේවුවත් මෙලෙස සිදුකරන වර්ධනය කිරීම අවශ්‍යයතාවය මත රඳා පවතී. මෙම ක්‍රීඩා එන්ජිම අනිකුත් වර්ගයේ අන්‍යෝන්‍ය භාවිත වලටද යොදගනී. ඒවාට උදාහරණ නම් අලෙවිකරණ ප්‍රදර්ශන, පුහුණුකිරීම් ප්‍රයෝග; මොඩල නිර්මාණය කිරීම වැනි ඒවාය.

සමහර ක්‍රීඩා එන්ජිම ලබ‍ාදෙන්නේ ත්‍රිමාණ හැකියාවන් පමණි. මෙවන් ක්‍රීඩා එන්ජිම අවශ්‍යය ශ්‍රිතීයතාවය ලබාගැනීමට අමතර සංරචක මත රඳා පවති. මෙවන් එන්ජිම "ග්‍රාපික එන්ජිම", "ප්‍රවාචන එන්ජිම", හෝ "ත්‍රිමාන එන්ජිම" ලෙසද හඳුන්වයි. මෙවන් එන්ජිම වලට උදාහරණ වන්නේ "රියල් එම් ජෝර්ජ්", "ඕගර්", "පවර් රෙන්චර්", "ක්‍රිස්ටල් ස්පේස්", "පේනෙසිස් 3D" හා "ජේමන්කි එන්ජින්" වැනි ඒවාය. තවත් ක්‍රීඩා හා ග්‍රාපික එන්ජිම ක්‍රීඩා එන්ජිම සරල ආකාරයට පත්කර ඇති අතර වඩා කාර්යක්ෂම තාත්වික දර්ශන ලබාදේ.