ක්ෂුද්‍ර පාෂාණිධාතු විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ක්ෂුද්‍ර පාෂාණික ධාතු විද්‍යාව වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
ප්ලැට්ස්මිත් චර්ට්, රෙඩ් ඕක්, අයෝවා වෙතින් හමුවී ඇති ෆුසුලින්ඩ් (ට්‍රිටිසෙට්ස්) (පර්මියානු).

ක්ෂුද්‍ර පාෂාණිධාතු විද්‍යාව යනු පාෂාණිධාතු විද්‍යාවෙහිම ශාඛාවක් වන අතර, ක්ෂුද්‍ර ෆොසිල, හෙවත් නැරඹීමට අණ්වීක්ෂයක් අවශ්‍ය වන්නාවූ ජීවින්ගේ ෆොසිල, ඒවායේ රූප විද්‍යාව සහ ඒවායේ ගුණාත්මක විස්තර එය විසින් අධ්‍යයනය කරයි.

ක්ෂුද්‍ර ෆොසිල[සංස්කරණය කරන්න]

ඩයටමාකාර පාංශු යනු තනි සෛල ඩයටමයන්ගේ ඩයටම සිලිකා බිත්ති (කවච) ආකාරයේ ක්ෂුද්‍ර ෆොසිලයන්ගෙන් සැදුණු මෘදු, සිලිකාමය, අවසාදිත පාෂාණයකි. මෙම නියැදිය සමන්විත වී ඇත්තේ කේන්ද්‍රික (අරිය සමමිතික) සහ පක්ෂවත් (ද්වි පාර්ශ්වික සමමිතික) ඩයටමයන්ගේ මිශ්‍රණයක් වෙතිනි. ජලයෙහි පවතින ඩයටමාකාර පාංශු අංශුන්ගේ මෙම රූපයෙහි පරිමාණය වන්නේ 6.236 පික්සල/μමී වන අතර, සම්පූර්ණ රූපය විසින් දළ වශයෙන් 1.13 දිග සහ 0.69 මිමී පළල පරාසයක් ආවරණය කරයි.

සාමාන්‍යයෙන් මිලිමීටර සතරකට වඩා විශාල සහ පොදු වශයෙන් එක් මිලිමීටරයකට වඩා කුඩා ප්‍රමාණයෙහි ෆොසිල ලෙසින් දැක්විය හැකි ක්ෂුද්‍ර ෆොසිල පිළිබඳ අධ්‍යයනය සඳහා ආලෝක හෝ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය අවශ්‍ය වෙයි. පියවි ඇසින් හෝ අත් කාචය වැනි අඩු-බලැති විශාලකයන් භාවිතයෙන් හෝ අධ්‍යයනය කල හැකි ෆොසිල හැඳින්වෙන්නේ , මහා ෆොසිල ලෙසිනි. සමහරක් ජීවින් ක්ෂුද්‍ර ෆොසිල ලෙසින් සැලකිය යුතුද නැද්ද යන බව තීරණය කිරීම දුෂ්කර විය හැක්කේ ඒවා සඳහා නියත ප්‍රමාණයෙහි සීමා නොපවතින බැවිනි.[උපහරණ ඇවැසිය]

නිදසුනක් වශයෙන් ගත් කල, බ්‍රයොසෝවා (විශේෂිත වශයෙන් කීලොස්ටොමාටා) වැනි සමහරක් ගණවාසී ජීවීන්හට සාපේක්ෂ වශයෙන් විශාල ගණවාසයන් තිබුණද, ගණවාසයෙහි කුඩා තනි ජීවීන්ගේ සියුම් කංකාල විස්තර අනුව පදනම් වෙමින් උන් වර්ගීකරණය කෙරෙයි.

තවත් නිදසුනක් ගත් කල ප්‍රාක්තමයන් වන ෆොරැමිනිෆරා ගණයන් අතරින් නිව්මියුලිටයන් වැනි ගණයන්ගේ බොහෝ ෆොසිල පිළිබඳ දැනගත හැකිවන්නේ කාසියක් පමණ විශාල කවච (“ටෙස්ට්” නමින් හැඳින්වෙන) මාර්ගයෙනි.

ක්ෂුද්‍ර පොසිල යනු ප්‍රාග් කේම්බ්‍රිය යුගයේ සිට ප්ලොයෝසීන යුගය දක්වා වූ භූ විද්‍යාත්මක දත්තවලට අනුව සොයා ගන්නා ලද පොසිලය. සාගර පරිසරවල සුලභ වුවත් කලපු ජලයේ, මිරිදිය හා ගොඩබිමද අවසාධිත නිධි ලෙස මේ පොසිල හමුවේ. සෑම ජීව රජධානියක් පිළිබඳව ක්ෂුද්‍ර පොසිල මගින් නිරූපණය වන අතර වඩාත් සුලභ වන්නේ ප්‍රෝටිස්ටා සැකිලි හෝ කෝෂ්ඨය. මේවා Chrysophyta, Pyrrhophyta, Sarcodina, acritarchs සහ chitonozoans යන ජිවී ආකාරයන්ට අයත් වන ඒවා වන අතර මීට අමතරව සනාල ශාකවල පරාග හා බිජානුද හමුවේ.


ක්ෂුද්‍ර පාෂාණික ධාතු විද්‍යාව

a) Cal careus - අපෘෂ්ටවංශීන් පිළිබඳ
b) Phosphatic - පෘෂ්ටවංශින් පිළිබඳ
c) Siliceous - ඩයටම හා Radiolaria
d) organic - පරාග හා බිජානු පිළිබඳ යන ඒවා වේ.

මෙම කොටස් නීර්ණය කර ගැනෙන්නේ ෆොසිලයේ රසායනික සංයුතිය මතයි. මෙහිදි වෙනත් තක්සෝන හෝ පරිසර විද්‍යාත්මක නීති වලින් බලපෑම නොවේ. මෙම ක්ෂේත්‍රයේ බොහෝ විශේෂඥයින් ක්ෂුද්‍ර පාෂාණික ධාතු විද්‍යාඥයින් ලෙස හැඳින්වන අතර ඔවුන් තක්සෝන එකක් හෝ කිහිපයක් පිළිබඳව විශේෂ දැනුමක් ඇත්තවුන්ය.