කලා උපාධිය
Appearance

කලා උපාධිය (ඉංග්‍රීසි: Bachelor of Arts), සාමාන්‍යයෙන් හඳුන්වන්නේ බී.ඒ. හෝ B.A. කියලා, යනු මූලික පාසල් අධ්‍යාපනයෙන් පසු ලබා ගන්නා උසස් විශ්ව විද්‍යාල උපාධියකි. එය සාමාන්‍යයෙන් ප්රදානය කරනු ලබන්නේ ලිබරල් කලාවන්හි උපාධි අපේක්ෂක පන්ති සම්පූර්ණ කිරීම සඳහා ය.
- මෙම උපාධිය සාමාන්‍යයෙන් වසර හතරකින් සිදු කළ හැක්කේ: ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, සෞදි අරාබිය, රුසියාව, සිංගප්පූරුව, පකිස්ථානය, බංග්ලාදේශය, කුවේට්, කටාර්, චීනය, ජපානය, සහ දකුණු කොරියාව යන රටවල.
- මෙම උපාධිය සාමාන්‍යයෙන් වසර තුනකින් සම්පූර්ණ කළ හැක්කේ: එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ඊශ්‍රායලය, සහ කැනේඩියානු ක්විබෙක් පළාතේ.