කයිල් ඇබට් (ක්‍රිකට් ක්‍රීඩකයා)

විකිපීඩියා වෙතින්
කයිල් ඇබට්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමකයිල් ජෝන් ඇබට්
උපත18 ජුනි 1987 (1987-06-18) (වයස 36)
එම්පන්ගෙනී, නටාල් පළාත, දකුණු අප්‍රිකාව
පිතිකරන විලාසයදකුණතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් මද වේග පන්දු
භූමිකාවපන්දු යවන්නා
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමදකුණු අප්‍රිකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
2009–2010 ක්වසූලු-නටාල්
2009–2016 ඩොල්ෆින්ස්
2012කිංස් XI පන්ජාබ්
2014 හැම්ප්ෂයර්
2015චෙන්නායි සුපර් කිංස්
2015 ක්වසූලු-නටාල් ඉන්ලන්ඩ්
2016කිංස් XI පන්ජාබ්
2016 වොෂ්ටර්ෂයර්
2016–වර්තමානය වොරියර්ස්
2017–වර්තමානය හැම්ප්ෂයර්
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා පපෙ ලැඒ
තරග 11 28 71 88
රැස් කල ලකුණු 95 76 1,344 391
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 6.78 8.44 16.39 16.29
100ඒවා/50ඒවා 0/0 0/0 0/4 0/0
වැඩිම ලකුණු 17 23 80 45*
යැවුනු පන්දු 2,081 1,303 12,818 3,903
කඩුළු 39 34 259 114
පන්දු යැවීමේ සාමාන්‍යය 22.71 30.91 22.46 29.18
ඉනිමකදී කඩුළු පහක් 3 0 16 0
තරගයකදී කඩුළු 10 ක් 0 අ/නැ 2 n/a
හොඳම පන්දු යැවීම 7/29 4/21 8/45 4/21
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 4/– 7/– 16/– 24/–
මූලාශ්‍රය: ක්‍රිකට්ආකයිව්, 2017 5 ජනවාරි


කයිල් ජෝන් ඇබට් (උපත 1987 ජූනි 18[1]) යනු හිටපු දකුණු අප්‍රිකානු ටෙස්ට්, එදිජා, සහ වි20 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ පළමු-පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු දකුණතින් මද වේග පන්දු යවන්නෙකි. එංගලන්තයෙහි හැම්ප්ෂයර් සමාජය හා එක්වීමට පෙර ඔහු දකුණු අප්‍රිකාවෙහි ඩොල්ෆින්ස් සඳහා ක්‍රීඩා කළේය

දේශීය අභිවෘත්තිය[සංස්කරණය]

2006 සහ 2007 වසර වලදී කයිල් විසින් ක්‍රිකට් ක්‍රීඩා කළේ එංගලන්ත මුහුදුබඩ නගරයක් ආශ්‍රිත ක්ලීව්ඩන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් වූ අතර[2] එය බ්‍රිස්ටල් සමර්සෙට්හී වෙස්ට් ඔෆ් ඉංග්ලන්ඩ් ප්‍රිමියර් ලීගය තුල ක්‍රීඩාවෙහි යෙදුණි. මෙහිදී ඔහුගේ දක්ෂතා හඳුනාගත් සමර්සෙට් ප්‍රාන්ත ක්‍රිතට් සමාජය විසින් ඔවුන්ගේ දෙවන පෙළ කණ්ඩායම නියෝජනය කිරීමට ඔහු තෝරා ගැනිණි.

2015 වසරෙහිදී අයිපීඑල්8 වෙන්දේසියෙහිදී චෙන්නායි සුපර් කිංස් විසින් ඇබට් මිලදී ගැනිණි. 2015 අප්‍රිකා වි20 කුසලාන සඳහා ක්වසූලු-නටාල් ඉන්ලන්ඩ් සංචිතයට ඔහු ඇතුලත් කෙරිණි. [3] 2016 වසරෙහිදී අයිපීඑල්9 වෙන්දේසියෙහිදී කිංස් XI පන්ජාබ් විසින් ඇබට් මිලදී ගැනිණි.

ජාත්‍යන්තර අභිවෘත්තිය[සංස්කරණය]

පකිස්තානයට එරෙහිව 2013 පෙබරවාරි මස පැවති තුන්වන ටෙස්ට් තරගය සඳහා, දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඔහු නම් කෙරුණේ තුවාල ලද මෝර්න් මෝක්ල් වෙනුවට ආදේශයක් වශයෙනි.[4]

විශ්‍රාම ගැනීම[සංස්කරණය]

2017 ජනවාරි 5 දිනදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගය නිමාවට පත් වෙත්ම, ඇබට් විසින් හැම්ප්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සමගින් කොල්පැක් ගනුදෙනුවක් අත්සන් කළ අතර එනිසා දකුණු අප්‍රිකාව නියෝජනය කිරීමට ඔහු අයෝග්‍ය වූ බැවින් ඔහුගේ ජාත්‍යන්තර අභිවෘත්තියෙහි නිමාව සනිටුහන් විය.[5]

ජාත්‍යන්තර කාර්යඵලයන්[සංස්කරණය]

ටෙස්ට් කඩුළු 5 දවාලීම්[සංස්කරණය]

# පන්දු යැවීම් සටහන් තරගය එරෙහි කණ්ඩායම ස්ථානය නගරය රට වසර
1 7/29 1  පකිස්තානය සුපර්ස්පෝට් පාක් සෙන්චූරියන් දකුණු අප්‍රිකාව 2013
2 5/40 5  ඉන්දියාව ෆෙරෝස් ෂා කෝට්ලා දිල්ලිය ඉන්දියාව 2015
3 6/77 8  ඕස්ට්‍රේලියාව බෙලරීව් ඕවල් හෝබාට් ඕස්ට්‍රේලියාව 2016

ජාත්‍යන්තර ප්‍රදාන[සංස්කරණය]

ටෙස්ට් ක්‍රිකට්[සංස්කරණය]

තරගයේ වීරයා ප්‍රදාන[සංස්කරණය]

අනු අංකය තරග මාලාව තරග කාල වාරය තරගයේ කාර්යඵලය ප්‍රතිඵලය
1 3වන ටෙස්ට් තරගය - දකුණු අප්‍රිකාවෙහි පකිස්තාන ටෙස්ට් තරග මාලාව 2012/13 1වන ඉනිම: 13 (28 පන්දු, 1x4) ; 11.4-4-29-7
2වන ඉනිම: පිතිකරණයෙහි නොයෙදිණි ; 17-7-39-2
 දකුණු අප්‍රිකාව ඉනිමකින් සහ ලකුණු 18 කින් ජයගති.[6]
2 2වන ටෙස්ට් තරගය - ඕස්ට්‍රේලියාවෙහි දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග මාලාව 2016/17 1වන ඉනිම: 12.4-3-41-3 ; 3 (9 පන්දු)
2වන ඉනිම: 23.1-3-77-6 ; පිතිකරණයෙහි නොයෙදිණි
 දකුණු අප්‍රිකාව ඉනිමකින් සහ ලකුණු 80 කින් ජයගති.[7]

එදිජා ක්‍රිකට්[සංස්කරණය]

තරගයේ වීරයා ප්‍රදාන[සංස්කරණය]

අනු අංකය එරෙහි කණ්ඩායම ස්ථානය දිනය තරගයේ කාර්යඵලය ප්‍රතිඵලය
1 ඕස්ට්‍රේලියාව සෙන්ට් ජෝර්ජ්ස් පාක්, පෝට් එලිසබෙත් 9 ඔක්තොම්බර් 2016 8-0-40-4 ; පිතිකරණයෙහි නොයෙදිණි  දකුණු අප්‍රිකාව කඩුළු 6 කින් ජයගති.[8]
  1. "ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ ප්‍රොෆයිල්". සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2013.
  2. http://www.clevedon-cricket-club.co.uk/about-us/
  3. ක්වසූලු-නටාල් ඉන්ලන්ඩ් ස්ක්වඩ් / ප්ලේයර්ස් – ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 31 අගෝස්තු 2015.
  4. ඉන්ජර්ඩ් මෝක්ල් අවුට් ඔෆ් තර්ඩ් ටෙස්ට්, කයිල් ඇබට් ඉන්
  5. "ඇබට්ස් ටෙස්ට් කරියර් ඕවර් ඈස් හැම්ප්ෂයර් මූව් ඊස් කන්ෆර්ම්ඩ්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 5 ජනවාරි 2017.
  6. "පකිස්තාන් ඉන් සවුත් ඇෆ්රිකා ටෙස්ට් සීරීස්, 2013 – 3ර්ඩ් ටෙස්ට්".
  7. "සවුත් ඇෆ්රිකා ටුවර් ඔෆ් ඕස්ට්‍රේලියා, 2න්ඩ් ටෙස්ට්: ඕස්ට්‍රේලියා වර්සස් සවුත් ඇෆ්රිකා ඇට් හෝබාට්, නොවැ 12-15, 2016".
  8. "ඕස්ට්‍රේලියා ටුවර් ඔෆ් සවුත් ඇෆ්රිකා, 4ත් ඕඩීඅයි: සවුත් ඇෆ්රිකා වර්සස් ඕස්ට්‍රේලියා ඇට් පෝට් එලිසබෙත්, ඔක් 9, 2016".