Jump to content

කමිල් මිෂාර

විකිපීඩියා වෙතින්

කමිල් මිෂාර (උපත: 2001 අප්‍රේල් 24) යනු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. හේ 2022 පෙබරවාරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිල වෙනුවෙන් පළමු වරට ජාත්‍යන්තර වැ තරඟ වැදිණි. 2019 වසරේ පාසල් පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කමිල් මිෂාර සම්මානයට පාත්‍ර විය. හේ මෙම ශූරතාව දිනූ සිව්වෙනි රාජකීය විදුහල් සිසුවා බවට පත්විය. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක හා රාජකීය විදුහලේ වමත් ආරම්භක පිතිකරු කමිල් 2019 වසරේ දී ආනන්ද විදුහලට එරෙහි වැ ඔවුන්ගේ සිංගර් කුසලාන වයස අවුරුදු 19 න් පහළ තරඟයේ දී පන්දු 270 කින් ලකුණු 250 ක් ලබා ගනිමින් තම ක්‍රීඩා දිවියේ හොඳම ලකුණු සංඛ්‍යාව රැස් කළේ හතරේ පහර 32 ක් හා හයේ පහර 5 ක් හා සමඟිනි.

"https://si.wikipedia.org/w/index.php?title=කමිල්_මිෂාර&oldid=764545" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි