Jump to content

කමිඳු මෙන්ඩිස්

විකිපීඩියා වෙතින්

කමිඳු මෙන්ඩිස් (උපත: 30 සැප්තැම්බර් 1998), යනු  තරඟ රටා තුනෙහි දී මැ ජාතික ක්‍රිකට් පිලටත් දේශීය වැ කොළොඹැ ක්‍රිකට් සමාජ පිලටත් ක්‍රීඩා කරන වෘත්තීය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. හේ දකුණතින් මෙන් මැ වමතින් ද පන්දු යවයි.

2018 අගෝස්තුවේ දී, ආසියානු කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පෙරයුරු සංචිතයට නම් වුණු කමිඳු මෙන්ඩිස් 2018 ඔක්තෝබර් 27 වන දින එංගලන්තයට එරෙහි වැ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය පළමු T20I තරඟයට ක්‍රීඩා කරමින් ලකුණු 24 ක් ලබා ගති. 2019 මාර්තු 10 වන දින දකුණු අප්‍රිකාවට එරෙහි වැ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය පළමු එක්දින තරගයට පිවිසි කමිඳු මෙන්ඩිස් 2022 ජූලි 8 වන දින ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් එහි දී තම පළමු ටෙස්ට් අඩ සියය ද රැස් කළ.

"https://si.wikipedia.org/w/index.php?title=කමිඳු_මෙන්ඩිස්&oldid=764599" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි