කම්බියමොස්

විකිපීඩියා වෙතින්
කම්බියමොස්.

කම්බියමොස් (ස්පාඤ්ඤ: "අපි වෙනස් කරමු") යනු, 2015 වසරෙහිදී තැනුනු, ආර්ජන්ටිනියානු මධ්‍ය-වාමාංශික සහ මධ්‍ය-දක්ෂිණාංශික අතර [1] දේශපාලන සභාගයකි. එය සමන්විත වන්නේ රිපබ්ලිකන් ප්‍රොපෝසල්, රැඩිකල් සිවික් යූනියන්, සිවික් කොයලිෂන් යන පක්ෂ වලිනි. ඔක්තොම්බර් 25 දින පැවැත්වෙන 2015 ජනාධිපතිවරණය තුලදී අත්‍යන්තයේදී තරග වදින්නේ කුමන අපේක්ෂකයන්ද යන්න තෝරාගැනුමට , 2015 අගෝස්තු මසදී පැවැත්වුනු ප්‍රාථමිකයන්හිදී තරග වදින තම නියෝජිතයන් ලෙසින්, මෙම පක්ෂ තුන විසින්, පිළිවෙලින් මවුරීසියෝ මක්රී , අර්නෙස්ටෝ සන්ස්, සහ ඉලීසා කරියෝ නම් කරනු ලැබූහ.[2]

2015 අගෝස්තු 9 දිනදී ඡන්දදායකයන් විසින්, ජනාධිපතිවරණයේදී කම්බියමොස් නියෝජනය කරන්නා ලෙසින් මවුරීසියෝ මක්රී තෝරා ගත්හ. නොවැම්බර් 22 දිනදී, මක්රී විසින් ජනාධිපතිවරණය ජය ගන්නා ලදි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. El desafío que la nueva alianza opositora debe pasar en Diputados
  2. "Las 8 alianzas que competirán en las próximas elecciones" (ස්පාඤ්ඤ බසින්). ලා නසියොන්. ජූනි 11, 2015. සම්ප්‍රවේශය ජූනි 12, 2015. {{cite web}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=කම්බියමොස්&oldid=351465" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි