කම්කරු දිනය (ඇ.එ.ජ.)

විකිපීඩියා වෙතින්

එක්සත් ජනපදයෙහි කම්කරු දිනය, කම්කරු ව්‍යාපාරයෙහි සම්භවය සහ ඇමරිකානු කම්කරුවන්ගේ සාමාජීය සහ ආර්ථික මස්තකප්‍රාප්තීන් සඳහා වෙන් කොට, සැප්තැම්බර් මස පළමු සඳුදා දිනයෙහිදී සැමරෙන දිනයකි. එහිදී සිදුවන්නේ, ඔවුන්ගේ රටෙහි ශක්තිය, සමෘද්ධිය සහ, ශුභ-සාධනය සඳහා කම්කරුවන් විසින් සැපයුණු දායකත්වය වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය පුද කිරීමකි.

බොහෝ රටවලදී, කම්කරු පංතීන් විසින් මැයි දිනය නිල නිවාඩුවක් බවට පත් කර ගැනීමට වෙහෙසුනු අතර, බොහෝ ලෙසින් ඔවුන්ගේ උත්සාහයන් සාර්ථකවී ඇත. කෙසේවෙතත්, එක්සත් ජනපදයෙහි සහ කැනඩාවෙහි, කම්කරුවන් සඳහා නිල නිවාඩුව වන්නේ සැප්තැම්බරයෙහි යෙදෙන කම්කරු දිනය (ඇඑජ) වෙයි. නිව්යෝර්ක් නගරයෙහි පළමු පෙළපාළිය සංවිධානය කළ, මධ්‍යම කම්කරු සංගමය සහ නයිට්ස් ඔෆ් ලේබර් සංවිධානය විසින් මෙම දිනය සුදුසු බව හුවා දක්වන ලදි. හේමාර්කට් සංහාරයෙන් පසුව, එජ ජනාධිපති ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් බියවූයේ, මැයි 1 දිනදී කම්කරු දිනය සැමරීමට ඉඩ සැලසීමෙන්, එම සිද්ධිය සිහිකිරීමට අවස්ථාවක් සැලසේය යන කරුණ පිළිබඳවය. එහෙයින්, 1887දී, තීරණය කරනු ලැබුයේ, නයිට්ස් ඔෆ් ලේබර් සංවිධානයේ ප්‍රසාදය පරිදී, සැප්තැම්බර් මසදී නිල නිවාඩුවක් සඳහා අනුග්‍රහය දැක්වීමටය. [1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. නයිට්ස් ඔෆ් ලේබර්. ප්‍රොග්‍රෙසිව් හිස්ටෝරියන්ස් (2007-09-03).
"https://si.wikipedia.org/w/index.php?title=කම්කරු_දිනය_(ඇ.එ.ජ.)&oldid=591639" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි