කමල් හාසන්

විකිපීඩියා වෙතින්
(කමලා හාසන් වෙතින් යළි-යොමු කරන ලදි)

කමල් හාසන්
උපත
Kamal Haasan
සක්‍රීය වසර1959–වර්තමානය
කලත්‍රයා(යන්)Vani Ganapathy
(1978–1988)
Sarika Haasan
(1988–2004)
සහකරුවා(වන්)Gouthami Tadimalla
(2004–present)

ඉන්දියානු ජාතික දමිල නළුවෙකු, තිර රචකයෙකු හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන කමල් හාසන්, ඉන්දියානු සිනමාවේ ප්‍රමුකතම ක්‍රමවේද නළුවෙකු ලෙස දේශපාලනඥයා හඳුන්වයි. ඔහු විසින් ඉන්දියානු සිනමා සම්මාන කිහිපයක්ම දිනාගෙන ඇත. මොහු ඉන්දියානු චිත්‍රපට සම්මානය හා ෆිල්ම්ෆෙයාර් සම්මාන වැඩිම ප්‍රමාණයක් දිනා ගත් අයෙකි. ඔස්කාර් සම්මාන උලෙලේ විදේශ චිත්‍රපට අංශය නියෝජනය කළ බොහොමයක් නිර්මාණ කමලා හාසන් විසින් දායකත්වය සැපයූ ඒවා වෙයි. මීට අමතරව මලයාලම්, හින්දි, තෙලිගු, කන්නඩ හා බෙංගාලි සිනමාවේදී රංගනයෙන් දායක වූ චිත්‍රපටද ඇත.

රඟපෑමට හා අධ්‍යක්ෂණයට අමතරව ඔහු, තිර රචකයෙකු, ගීත රචකයෙකු, පිළිවැයීම් ගායකයෙකු හා නර්තන නිර්මාණකරුවෙකුද විය. "රාජ්කමල් ඉන්ටර්නැෂනල්" යනු ඔහුගේම චිත්‍රපට නිෂ්පාදන සමාගමයි.

ඔහු, ළමා නළුවෙකු ලෙස ප්‍රථමයෙන් "කලතූර් කන්නම්මා" නම් දෙමළ චිත්‍රපටයෙන් සිනමාවට පා තැබූ අතර 1975 වර්ෂයේදී "අපූර්වා රාගන්ගල්" යන නාට්‍යයෙහි ප්‍රධාන චරිතයක පණ පොවමින් කරලියට පැමිණියේය. වි‍යැති ගැහැණියකට ප්‍රේම කරන හිතුවක්කාර තරුණයෙකු මෙම නාට්‍යයේ ඔහු පණ පෙවු චරිතයයි. ඔහු විසින් 1982 දී "මූන්ඩ්‍රම් පිරායි" හි අවංක ගුරුවරයෙකු ගේ චරිතය වෙනුවෙන් ජාතික චිත්‍රපට සම්මානය දිනා ගන්නා ලදී. සුප්‍රකට "ටයිම්" සඟරාව විසින්, ඔහු රඟපෑ මණිරත්නම් ගේ "නායගන්" චිත්‍රපටය කාලාන්තරයකට පසුව බිහිවූ හොඳම චිත්‍රපටයක් ලෙස නම් කෙරිණි. එවක් පටන් ඔහුගේම අධ්‍යක්ෂණයන් වන "හේ රාම්" , "විරුමාන්ඩි" සහ එකවර චරිත දහයකට පණපෙවූ "මැග්නම් ඕපස්, දසාවතාරම්" වැනි නිර්මාණ වල විශිෂ්ට රංගනයක නිරත විය.

සටහන[සංස්කරණය]

Kamal_Haasan
"https://si.wikipedia.org/w/index.php?title=කමල්_හාසන්&oldid=586715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි