Jump to content

කපුටු ගණය

විකිපීඩියා වෙතින්

කපුටු ගණය
කාලීන ව්‍යාප්තිය: 5–0 Ma
Late Miocene origin based on molecular clock[1]
American crow (Corvus brachyrhynchos)
විද්‍යාත්මක වර්ගීකරණය e
Missing taxonomy template (fix): Corvus
Type species
Corvus corax
Linnaeus, 1758
Species

Many, see List of Corvus species

Diversity
50 species[2]

කාක්කා හෙවත් කපුටා යනු ජීව විද්‍යාත්මක වර්ගීකරණයට අනුව කෝවස් ගණයට අයත් වන පක්ෂියෙකි

කපුටා සතුන් අතරින් පරාර්ථකාමී සත්වයාය. ඌ කිසිවිටෙක ආහාරයක් තනිවම අනුභව නොකරයි. සනුහරේටම අඬ ගසයි. පුළුවන් හැටියට සියල්ලෝම කයි. වෙනත් කුරුල්ලෙකුගේ එනම් කොහාගේ පැටවුන් ඇතිදැඩි කරයි..

ජන විශ්වාසයන් තුළ යම් හෝ සත්‍යයක් ඇති බව බැහැර කළ නොහැකි කරුණකි.ඒ අතර විවිධ සතුන්ගේ හැසිරීම් ඔවුන්ගේ ශබ්ද සහ ඔහුගේ ක්‍රියාවන් තුළින් විවිධ වූ සුභ අසුභ මිනිසාට ලැබෙන බව යම් විශ්වාසයකි.මේවා නිමිති ගනයටද වැටේ.(යම් මතයක් ගොඩනැගෙන්නට නම් එහි යම් හෝ සත්‍යයක් ඇති බව කර්තෘ මතයයි)මෙම පෙරනිමිති පිළිගැනීම පිළිපැදීම බහුතරයක් ගැමි සමාජය තුළද යම් ප්‍රමාණයක් නාගරික සමාජය තුළද අදටත් පවතී.නීති විරෝධයේ සමාජ විරෝධී නැති ඕනෑම දෙයක් ඇදහීම පිළිපැදීම පිළිබඳව නිදහසක් ඕනෑම අයකුටඇත.මිථ්‍යා මත සිංහල ජනතාව අතර පමණයි, බෞද්ධ ආගමිකයන් අතර පමණයි, ලංකාවේ මිනිස්සු අතර පමණයි, යන මත පැවතුනද ලොව බොහෝ දියුණු රටවල පවා මේ හා සමාන විවිධ වූ වෙනස් වූ ජන විශ්වාසයන් ඇත.

මෙසේ මිනිසාට සුබ අසුභ පෙර නිමිති ගෙනෙන සතුන් අතර කපුටා ප්‍රමුඛ ස්ථානයක් ගන්නා සතෙකි, මේ ඒ අතරින් ඔහුගේ හැසිරීම් ඔහුගේ ක්‍රියාකාරකම් අනුව විවිධ සුභ අසුභ නිමිති රැසක් ජන ගතවීී ඇත.

කපුටකු නොනවත්වාම කෑගසයි නම් අද නම් මොකක් හරි වෙනවා යන්න කියන්නට තරම් ගැමි සමාජය පුරුදුව සිටියහ.ඒ අද නවීන සමාජයමෙන් වීඩියෝවක් ලිපියක් කියවා නොව ප්‍රායෝගික අත්දැකීම් තුළ  ගොඩනගාගත් මතයන් වේ.

අවලස්සන කළු පාට කුරුල්ලෙකු ලෙසින් ප්‍රචලිත කපුටා මිනිසා විසින් ඇති කරන පක්ෂියෙක් නොවුවද ශ්‍රී ලංකාවේ සෑම පරිසරයකම වෙසෙන සතෙකි.කපුටා පරාර්ථකාමී පක්ෂියෙක් ලෙස නම් කරයි ඒ කෑමක් පවා ලැබුණු පසු තනිව භුක්ති නොවිද තම සනුහරේ සියල්ලටම කෑ ගසා එය සමූහයක් වශයෙන් බෙදා හදා ගැනීම හේතුවෙන් සහ තවත් කපුටෙකුට විපතක් කරදරයක් සිදු වූ විට විශාල රංචු වශයෙන් තම සගයා බේරා ගැනීමට සහ සහයවීමට සෙසු කපුටන් එක්රැස්වීම වැනි හේතූන් මතය.

ජීවිත කාලයටම එක සහකරුවකු පමණක් සිටින බවද සත්ත්ව විද්‍යාඥයන්ගේ මතයයි.වසර 14 -15 ක් පමණ ආයු කාලයක් කපුටෙකුට ඇත.සාමූහික බව ලොවට කියාපාන සත්වයෙකි. සෙන්ටිමීටර් හතළිහක පමණ ප්‍රමාණයක ශරීරයකින් හෙබි.corvus splendens යන විද්‍යාත්මක නාමයෙන් කපුටා හඳුන්වනු ලබයි.පෘෂ්ඨ වංශිකයන්ට අයත් සත්ව විශේෂයකි.ආසියාව ආශ්‍රිතව උපත ලබා ඇති මෙම සත්වයින් ඉන්දියාව නේපාලය පකිස්ථානය ශ්‍රී ලංකාව මාලදිවයින බංගලාදේශය,වැනි රටවල අධික ව්‍යාප්තියක් ලබා ඇත.ශ්‍රී ලංකාවේ කපුටන් වර්ග දෙකක් ඇත.ඒ භාවිතයේදී  කොළඹ කපුටන් සහ ගම් කපුටන් ලෙසය.කොළඹ කපුටන් ප්‍රමාණයෙන් කුඩා සහ අලු පැහැ හුරු වර්ණයක්ද දක්නට ඇත.ගම් කපුටන් ලෙස හඳුන්වන වර්ගය තද කළු පැහැ සහ ප්‍රමාණයෙන් මඳක් විශාල වේ.

පරිසර හිතකාමී සත්වයෙකි කෘමීන් විසකුරු සතුන් සත්ව මළකුණු,ආහාරයට ගැනීමෙන් පරිසරයේ සමතුලිතතාවය රඳවා ගැනීමට කපුටා දායක වේ.

කපුටා පිළිබඳ තොරතුරු සොයා යෑමේදී තවත් අපූරු තොරතුරු සොයා ගැනීමට හැකි විය. ඒ කපුටන් රෝගී වූ විට කුහුඹුවන් වැඩිපුර සිටින ස්ථානයකට ගොස් කුහුබුවන්ට තම ඇඟ පුරා යෑමට සැලැස්වීමයි.කුහුඹුවන් ප්‍රති පරපෝෂිත සහ ප්‍රතිබැක්ටීරිය ගුණයෙන් යුක්ත වීම තුළ කපුටන්ගේ මෙම රෝගී තත්ත්වයන් සුවවේ.

ජෝතිෂ්‍ය විෂයේ දී සෙනසුරුගේ වාහනය ලෙසින්ද කපුටා හඳුන්වනු ලබයි.අවලස්සන සතෙකු වුවත් ඥානවන්ත සතෙකු ලෙසින් කපුටා හඳුන්වයි.මේ හේතුවෙන්ම කපුටා නිවෙස්වල ඇති කිරීම නීතියෙන්ම තහනමට ලක්වී ඇත.ඒ කපුටන් යොදාගෙන විවිධ වූ සොරකම් වැනි දේ කිරීමටද ඇති හැකියාව හේතුවෙනි.එලෙසින්ම මහා කෑදර සතෙකු ලෙසින්ද හඳුන්වනු ලබයි."කපුටා හැමෝගෙම මාළු කනවා කපුටාගේ මාළු කන්න කවුරුත් නෑ " මේ පැරණි ජන සමාජයේ ප්‍රචලිත වදනකි.කොතරම් කෑවත් කුසගින්න නිවෙන්නේ නැති පක්ෂියෙක්ද වේ.එනිසාම එළඟි තෙල් මිශ්‍ර කොට කිරිබත් දීම වැනි දේ කපුටාට කරන්නේද එහි යම් විද්‍යාත්මක පදනමක් මත කපුටාගේ කුසගින්න නිවෙන නිසාය.සතෙකු හෝ යමකුගේ කුසකින්ද නිවීම ඉතාම කුසලයක් වන අතර සෙනසුරාදා උදේට කිරිබත් කපුටාටදීම ඇතැමෙකු අවඥාවෙන් හාස්‍යයෙන් බැලූවද යම් කුසලයක් කිරීම තුළ යමකුගේ අපල දුරුවීම නොමැති නම් කුසල් පිරීම ඕනෑම ආගමික අයකුටද ආගමක් දහමින් තොරව සිදුවේ.

පැරණි පොත්පත්වලටත් ජනප්‍රවාදවලටත් අනුව, කාල වර්ණ පැහැයකට හිමිකම් කී කාවන්තිස්ස රජතුමා කපුටු භාෂාව දැන සිටි බව සඳහන් ය.  

මේ අනුව කපුටා සිටින දිශාව ඔහු හඬන නාද අනුව ගෙනෙන සුභ අසුභ නිමිති විවිධාකාර වෙයි.

හඬන දිශාව අනුව

උතුරු දිශාවේ සිට - රළු හඬින් කපුටකු හඬයි නම් වැඩ කටයුතු අසාර්ථක වෙයි.ඥාති හිතවතුන්ගේ මරණයක්අසන්නට සිදුවේ.උතුරු දිශාවේ සිට සෞම්‍ය ලෙස හැඬීම ධන ලාභ ගෙන දෙන්නකි.

දකුණු දිශාවේ සිට කපුටෙකු හැඬීම හැඩීම බලාපොරොත්තු ඉටුවන ඉහල පුද්ගලයන් හමුවන ඉඟියකි.

බස්නාහිර දිශාවේ සිට මෘදු ලෙස හැඬීම වාසනාව ධන ලාභ ගෙන දෙන්නකි.නිරිත දිශාවේ සිට රළු හඬින් හැඬීම අශුභ ඵල ගෙන දේ,ඊශාන දිශාවේ සිට සෞම්‍ය හඬින් හැඬීම ලාභලාභ සැප සතුට ගෙන දෙන අතර ඊශාන දෙස සිට රළු හඬින් හැඩිම රෝග ගෙන දෙන්නකි. වයඹ දෙස සිට කරවු කිරීම ස්ත්‍රීන්ගේ ආදරයට ගෞරවයට පත්වෙයි.ඊශාන දිසාවේ සිට සෞම්‍ය ලෙස හැඩිම ලාභ සැප සතුට ගෙනදේ.

පිළිකන්න ප්‍රදේශයේ සිට ඉර මුදුන් වේලාවේදී කපුටකු කරව් කිරීම ඥාතීන් පැමිණීම ද,ගොම්මං කළුවර වැටෙන කාලයේදී කපුටෙකු කරව් කිරීම දුක් කරදර පිළිබඳ පෙර නිමිත්තකි.නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිට හොටෙන් බිම හාරමින් රළු හඬකින් කෑ ගසයි නම් දුක්මුසු ආරංචි මරණ වැනි දේ සිදුවීමට ඇති නිමිත්තක් බව කියැවෙනවා.

දහවල්කාලයේදී නිවසේ වහල මත සිට කපුටෙකු රළු හඬින් හැඬීම නිවසියන්ට විපත් කරදර ගෙන දෙන්නකි.එලෙස මෘදු හඬින් හැඬලීම යහපත් කරුණු ගෙන දෙන්නකි.

කපුටෙකු  හිස මත වැසීම තුළද විවිධ ප්‍රතිඵල ගෙනදෙයි.ඉර මුදුන් යාමයේ කපුටෙකු හිස මත වැසීම තුළ විවිධ විපත් කරදර ගෙන දෙයි.මරණය වුවද සිදු වියහැක.කපුටෙකු ශරීරයට කෙටීමද අශුභඵල ගෙන දෙන්නකි.කපුටකු තමාට සමාන්තරව  හිසමතින් පියඹා යාමද මරණය තරම් විපත් කරදර ගෙන දෙන්නකි. කොහොඹ  වැනි තිත්ත ගසක සිට කපුටෙකු නාද කරයි නම් කරන කටයුතු අසාර්ථක වන බවට පෙරනිමිත්තකි.

එමෙන්ම දිරාගිය ශාකයක්, කුණුකසල ගොඩක සිට කපුටෙකු කෑගැසීම තුල එම නිවැසියන්ට දුක් කරදර මතුවන බව ද කියවේ.

කපුටෙකු පාර අසල ජලය තිබෙන ස්ථානයක ,(දියකඩිත්තකින්) දිය නායිනම් එදින සවස එම ප්‍රදේශයට වර්ෂාපතනය ලැබෙන බවට පෙර නිමිත්තකි.(මෙහි විද්‍යාත්මක පදනමක් ඇති බවද මතයකි)

කෙසේ නමුත් කපුටකු තම නිවස ඉදිරිපිට හෝ නිවසක් තුළ කූඩු සැදීම අසුභඵල ගෙන දෙන්නකි.කරදර පීඩා අඩ දබර, නිවැසියන්ට අත් වූ බවට සාක්ෂි පවතී.එමෙන්ම නිවස තුළට කපුටකු පැමිණීමද අසුභ ප්‍රතිඵල ගෙන දෙන බව මතයයි.

කපුටෙකු නාද කිරීම කෑරීම වැනිම තවත් නිමිති ගෙන කරුණක් නම් කපුටන් මලපහ කිරිමයි(පැහැරීම)ඒ අනුව ශරීරයේ විවිධ අංග වලට  පැහැරීම තුල විවිධ ප්‍රතිඵල ගෙන දේ

උරහිස නින්දා අපහාස,නළල සැප සම්පත්,බෙල්ල උඩ නම් රෝග බයද, කණට පැහැරීම තුළ හිතමිතුරන් අමනාප වීමද,ලයට පැහැරීම වස්තුව දේපල අහිමි වීමද,සිදුවේ.තවද කපුටා පහරන මලපහවල පැහැය අනුවද පලාඵල වෙනස් වේ.ඒ අනුව සුදු පැහැ පැහැයෙන් සුබ බවද කළු පැහැයෙන් අසුභ බවද සංකේතවත් වෙයි.

සුදු පාටින් පිටෙහි මත පැහැරීම සැප සම්පත්ද පයෝදර තුළට මංගල යෝගද, හිස මතට පැහැරීම තුළ සතුටද උදාවේ.

කළු පැහැයන් හිස මතට  අසුභ ප්‍රතිඵලද,දළ හිස මරණයද,හස්තය තුළට මල පහ කිරීම තුළ ඥාති හිත මිතුරුන්ට අපල උපද්‍රවද උදාවේ.මුවට හෝ මුව තුළට මලපහ කිරීම තුළ හදිසි දන ලාභ අත්වේ.

තවත් විශෙෂත්වයක් නම් කපුටා පැහැරීමේදී ස්ත්‍රීන්ට වම් පසද පුරුෂයන්ට දකුණු පස ද සුභ පළ ගෙන දෙනබවයි.

  1. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; radiation නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. ^ Gill, Frank; Donsker, David; Rasmussen, Pamela, eds. (August 2024). "Crows, mudnesters, birds-of-paradise". IOC World Bird List Version 14.2. International Ornithologists' Union. සම්ප්‍රවේශය 16 September 2024.
"https://si.wikipedia.org/w/index.php?title=කපුටු_ගණය&oldid=743527" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි