කණිකා මහේෂ්වරී

විකිපීඩියා වෙතින්
(කනිකා මහේෂ්වරී වෙතින් යළි-යොමු කරන ලදි)
කණිකා මහේෂ්වරී
උපත24 අප්‍රේල් 1981 (1981-04-24) (වයස 42)
ජාතිකත්වයඉන්දියානු
උගත් ශාස්ත්‍රාලයචිත්‍රපට සහ රූපවාහිනිය පිළිබඳ ආසියානු ඇකඩමිය
රැකියාවනිළියක
සක්‍රීය වසර2001-වර්තමානය
කලත්‍රයා(යන්)අංකුර් ඝායි (2012-වර්තමානය)[2][3]
දරුවන්1
වෙබ් අඩවියkanikamaheshwari.com/

කණිකා ‍මහේෂ්වරී (උපත 24 අප්‍රේල් 1981) යනුවෙන් හඳන්වනු ලබන්නේ ඉන්දියානු රූපවාහිනී රංගන ශිල්පිණියකි. ඇය ප්‍රසිද්ධියට පත්වූයේ කහානි ඝාර් ඝාර් කී, රාජා කි ආයේගි බරාත්, කභි ආයේ නා ජුදායි, විරාසත්, ගීත් - හුයි සබ්සේ පරායි සහ දියා ඕර් බාති හම් වැනි රූපවාහිනී කතාමාලාවල චරිත නිරූපණය ‍කිරීමෙනි. දියා ඕර් බාති හම් රූපවාහිනී කතාමාලාවේ මීනාක්ෂිගේ චරිතය නිරූපණය වෙනුවෙන් කණිකා 2012 සහ 2013 වර්ෂවල සී ස්වර්ණ සම්මාන උළෙලවල දී සහ 2012 ස්ටාර් පරිවාර් සම්මාන උළෙලේ දී ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳහා හිමි සම්මානය දිනාගත්තා ය.

දියා ඕර් බාති හම් රූපවාහිනී කතාමාලාවේ මීනාක්ෂි රාති‍ගේ චරිතය නිරූපණය හේතුවෙන් කණිකා ඉමහත් ජනප්‍රියත්වයට පත්වූවා ය.මීට අමතරව ඇය ඉන්ඩියා කෝලිං, සෞර්යා ඕර් සුහානි, ශ්‍රී ආදි මානව්, දිල් මිල් ගයියේ, රේත්, කාව්‍යාංජලි, ඒක් ලඩ්කි අන්ජානි සි, පියා කා ඝාර් වැනි රූපවාහිනී කතාමාලා සඳහා දායක වී ඇත. එසේම ඇය සාන්ජ් සවේරා නම් ටෙලිචිත්‍රපටයට ද සිය රංගන දායකත්වය ලබා දී ඇත.

මුල්කාලීන දිවිය[සංස්කරණය]

ඉන්දියානු රූපවාහිනියේ නිළියක වන කණිකා වසර කිහිපයක් තුළ විවිධත්වයකින් යුත් චරිත ගණනාවක් නිරූපණය කරමින් ප්‍රසිද්ධියට පත්වූවා ය. ඇය උපත ලැබූයේ අලිගාර්[1] ප්‍රදේශයේ ය. පසුව ඇගේ දෙමාපියන් ඇය සමග නව දිල්ලියේ වාසයට පැමිණ තිබේ. කණිකා ඇගේ දෙමාපියන්ගේ එකම දරුවා ද වේ. කණිකා හැමවිටම ඇගේ පවුල සමගින් දිවි ගෙවන්නට වූවා ය. සිය උපාධිය ලබා ගුනීමෙන් පසුව, රංගන ක්ෂේත්‍රයට පිවිසීමට ප්‍රථම ඇය වාස්තු ශාස්ත්‍රය සහ වර්ණ චිකිත්සාව හැදෑරුවා ය. ඇකඩමියේ දී ඇය අභිවාහ්‍ය කලා උගත් අතර, සිය දක්ෂතා හඳුනා ගැනීමට සමත් වූවා ය. මුම්බායිහි ඇ‍ගේමා නාමයක් ගොඩනගා ගැනීමට ඇගේ ගුරුවරුන් සහ උපදේශකයින් විසින් ඇයව ධෛර්යමත් කරවන ලදී. ඇය රංගන ක්ෂේත්‍රය තුළ ඇගේම අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට සමත් වූවා ය. කණිකාගේ වසර කිහිපයක රංගන දිවිය සම්මාන හිමි කරගැනීමට සමත් වූ චරිත කිහිපයකින් වර්ණවත් විය. ඇය ඇගේ දැඩි කැපවීම සහ කාලයට අනුව කටයුතු කිරීම හේතුවෙන් ප්‍රකට වූවා ය. ඇගේ විජයග්‍රාහී ස්වභාවය ඇ‍ගේ දිවියට නව මානයන් රැගෙන එන ලදී.[1]

පෞද්ගලික දිවිය[සංස්කරණය]

2012 ජනවාරි මස කණිකා ව්‍යාපාරිකයකු වූ අංකුර් ඝායි සමග විවාහ වූවා ය. 2013 නාච් බාලියේ 6 රියැලිටි වැඩසටහන සඳහා ඇය සිය සැමියා වූ අංකුර් ඝායි සමග තරගකාරිණියක ලෙස සහභාගී වූවා ය.

කෘති[සංස්කරණය]

Kanica with DABH cast
දියා ඕර් බාති හම් රංගන ශිල්පීන් සමග අමීර් ඛාන්ට යාබදව ඡායාරූපයකට පෙනී සිටින කණිකා (මධ්‍යයට වන්නට).
වර්ෂය තේමාව චරිතය සටහන්
2011–2016 දියා ඕර් බාති හම් මීනාක්ෂි රාති
රාජා කි ආයේගි බරාත් භූමි කුමරිය
කහානි ඝාර් ඝාර් කී නීලිමා ගාර්ග් [4]
විරාසත් ජුහි ලම්බා [4]
India Calling ආමි [5]
ෂෞර්යා ඕර් සුහානි මල්ලිකා කුමරිය [6]
ගීත් සාෂා
සාන්ජ් සවේරා ටෙලිචිත්‍රපටයකි
ශ්‍රී ආදි මානව්
2007 දිල් මිල් ගයියේ මායා
රේත් [4]
කාව්‍යාංජලි
ඒක් ලඩ්කි අන්ජානි සි
පියා කා ඝාර් මන්ත්‍රයින් [4]
Lipstick [5]
හේයි...යෙහී තෝ හේ වෝ! ෂහානා [5]
F.I.R. [5]
සාත් සාත් [5]
කභි ආයේ නා ජුදායි ආරම්භක චරිතයයි.[5]
2013 නාච් බලියේ 6 අංකුර් ඝායි සමග තරගකාරිණියක ලෙස

සම්මාන[සංස්කරණය]

දියා ඕර් බාති හම් රූපවාහිනී කතාමාලාවේ මීනාක්ෂි රාතිගේ චරිතය නිරූපණය වෙනුවෙන් මහේෂ්වරී පහත සම්මාන හිමි කරගත්තා ය.

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය ප්‍රතිඵලය
2013 සී ස්වර්ණ සම්මාන ඍණාත්මක චරිතයක හොඳම නිළිය දිනාගති
2012 සී ස්වර්ණ සම්මාන ඍණාත්මක චරිතයක හොඳම නිළිය දිනාගති
2012 ඉන්දියානු ටෙල්ලි සම්මාන ඍණාත්මක චරිතයක හොඳම නිළිය දිනාගති

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "Who is kanika Maheshwari?".
  2. Sinha, Seema (June 3, 2012). "Kanika Maheshwari to play a mom". Times of India. සම්ප්‍රවේශය June 22, 2012. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  3. Maheshwri, Neha (Nov 23, 2011). "Wedding bells for Kanika Maheshwari". Times of India. සම්ප්‍රවේශය June 22, 2012. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  4. 4.0 4.1 4.2 4.3 Padukone, Chaitanya (June 29, 2006). "Smooch queen". DNA India. සම්ප්‍රවේශය July 9, 2012. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  5. 5.0 5.1 5.2 5.3 5.4 5.5 Venkatesh, Jyothi (April 5, 2009). "Tele Buzz: Being fair". Deccan Herald. සම්ප්‍රවේශය July 9, 2012. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  6. "Chatter box: New princess in town". Indian Express. June 15, 2009. සම්ප්‍රවේශය July 9, 2012. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Nach Baliye 6

"https://si.wikipedia.org/w/index.php?title=කණිකා_මහේෂ්වරී&oldid=540554" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි