කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතය
කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය | |
---|---|
![]() කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය | |
පිහිටීම | දකුණු පළාත, ශ්‍රී ලංකාව |
කිට්ටුම නගරය | ගාල්ල |
ඛණ්ඩාංක | 6°11′N 80°25′E / 6.183°N 80.417°Eඛණ්ඩාංක: 6°11′N 80°25′E / 6.183°N 80.417°E |
වර්ග ප්‍රමාණය | 10,139 හෙක් |
පිහිටවූයේ | 2004 |
පාලක ආයතනය | වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය හෝ ‘‘‘KDN’’’ යනු දකුණු ශ්‍රී ලංකාවේ වන සංකීර්ණයකි. 2004 දී යුනෙස්කෝව විසින් මෙම වන සංකීර්ණය ජෛවගෝල ආරක්ෂිතයක් ලෙසින් නම් කෙරිණි.[1] සිංහරාජය හැරුණු විට ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති අවසන් විශාල වන සංරක්ෂිතය KDN සංකීර්ණය වෙයි.[2] මෙම වන ප්‍රදේශය දකුණු ආසියාවේ ශාකමය අතින් අතිශයින් සාරවත් වූ ප්‍රදේශ අතුරින් එකක් වෙයි.[3] වන සංකීර්ණය පිහිටා ඇත්තේ ගාල්ල නගරයට කිමී 35 ක් වයඹ දෙසටය. මෙම වැසි වනාන්තරය දකුණු ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් ගංගා දෙකක් වන ගිං සහ නිල්වලා ගංගා සඳහා ප්‍රධාන ජලපෝෂිත ප්‍රදේශයකි. ශ්‍රී ලංකාවට ආවේණික බොහෝ ශාක සහ සත්ත්ව විශේෂයන්හට මෙම ජෛවගෝල ආරක්ෂිතය තුල රැකවරණය සැපයෙයි.
භෞතික ලක්ෂණ[සංස්කරණය]
ජෛවගෝලය සමන්විත වන්නේ සමාන්තරව පිහිටි කඳු වැටි සහ නිම්නයන් මාලාවකිනි. මුහුදු මට්ටමෙහි සිට 60 මී සිට 425 මී දක්වා පරාසයක උන්නතාංශය පිහිටයි. [4] මධ්‍යයන වාර්ෂික උෂ්ණත්වය 27.0°C වන අතර වාර්ෂීක උෂ්ණත්ව විචලනය 4°C-5°C වෙයි. වනාන්තරය 3,750 මිමී ක සැලකිය යුතු වර්ෂාපතනයක් ලබයි. ගොන්ඩ්වානාහී බොහෝ පුරාතන වර්ගීකරණ සමූහයන් මෙම වැසි වනාන්තරයන්හී දැකිය හැකිය. ඉන්දුමලයානු ශාක සහ සතුන් වෙතද ඒවා සබැඳියාවක් දක්වති.
ජල විද්‍යාත්මක ලක්ෂණ[සංස්කරණය]
ප්‍රදේශය හරහා ගලන බොහෝ ගංගා සහ දිය ඇලි සඳහා වැදගත් ජලාධාර ප්‍රදේශයක් ලෙසින් වනාන්තර සංකීර්ණය ක්‍රියා කරයි. වනාන්තරයෙන් බටහිර දිශාවට ගලන ගිං ගඟ සඳහාද, වනාන්තරයේ සිට නැගෙනහිර දිශාවට ගලන නිල්වලා ගඟ සඳහාද, වනාන්තරය මූලාශ්‍රයක් වෙයි. [4] කන්නෙලි, නැනිකිත්ත සහ උඩුගම යන කුඩා ඇලි කන්නෙලියෙන් පැන නගින අතර, හෝම දොල සහ ගල් බැඳි දොල මූලාශ්‍ර වන්නේ නාකියාදෙණිය සහ දෙදියගල වෙතිනි.
ශාක සංහතිය[සංස්කරණය]
KDN වනාන්තර සංකීර්ණය විසින් යම් තලයක පුෂ්පක ඒකදේශිකත්වයක් පල කරනුයේ පහතරට ඒකදේශික පුෂ්පක විශේෂයන්ගෙන් සියයට 17ක් මෙම වනාන්තර ප්‍රදේශයට සීමා වී ඇති බැවිනි. [3] මෙම පෙදෙසෙන් හමු වී යැයි ලේඛනගතව ඇති කාෂ්ඨීය ශාකයන් 319 ක් අතුරින්, සියයට 52 පමණ ඒකදේශික වෙති. KDN සංකීර්ණයෙහි වෘක්ෂලතාදිය නිරුපණය කරනුයේ ශ්‍රී ලංකා පහතරට වැසි වනාන්තර වෙති. [3][4]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "යුනෙස්කෝ ප්‍රොටෙක්ට්ස් 19 නිව් බයෝස්පියර් රිසර්ව්ස්". ens-newswire.com (ඒනවයරන්මන්ට් නිව්ස් සර්විස්). නොවැම්බර් 2, 2004. http://www.ens-newswire.com/ens/nov2004/2004-11-02-04.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-06-09.
- ↑ ඩි ලිවේරා, ලංකිකා (ඉරිදා සැප්තැම්බර් 9, 2007). "රිග්‍රොවිං ලොස්ට් රේන්ෆොරස්ට්ස්". ද සන්ඩේ ටයිම්ස්. http://sundaytimes.lk/070909/Plus/plus0011.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-06-09.
- ↑ 3.0 3.1 3.2 බණ්ඩාරතිලක, එච්.එම්. (2003). "කමියුනිටි පාර්ටිසිපේෂන් ඉන් ද මැනේජ්මන්ට් ඔෆ් ද කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය ප්‍රොපෝස්ඩ් බයෝස්පියර් රිසර්ව්" (PDF). ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනමෙහි ජර්නලය. ජාතික විද්‍යා පදනම. Retrieved 2009-06-09.
- ↑ 4.0 4.1 4.2 සේනාරත්න, පී.එම්. (2005). ශ්‍රී ලංකාවේ වනාන්තර (පළමුවන සංස්.). සරසවි ප්‍රකාශකයෝ. පිටු. 107–112. ISBN 955-573-401-1.