Jump to content

ඔඩිසියස්

විකිපීඩියා වෙතින්
ඔඩිසියස්
රෝම යුගයේ හෙලනිස්තික කිරිගරුඬ ප්‍රතිමා සමූහයකට අයත් ඔඩිසියස්ගෙ ශීර්ෂය; මෙහි ඔඩිසියස් විසින් පොලිෆීමස් අන්ධ කරන අයුරු නිරූපිත ය, ඉතාලියේ ස්පර්ලොන්ගා හි ටයිබීරියස් විලාවෙනි.
තොරතුරු
අභිධානයඉතකාවේ රජ
කලත්‍රයා (කලත්‍රයන්)පිනිලොපී
දරුවෝටෙලිමේකස් (ඔඩිසි තුළ)
ටෙලිගෝනස්, කැසිෆොනී, ඇග්‍රියස්, ඇන්ටෙයස්, ආර්ඩියස්, රෝමස්, පොලිපෝර්තීස්, ලැටිනස්, නෝසිනස්, නෝසිතස්, යුරියලස් (පසුකාලීන මූලාශ්‍රවල)
ඥාතියෝලීර්ටීස් (පියා)
ඇන්ටික්ලියා (මව)
ටිමීනී (සහෝදරිය)
ජාතිකත්වයග්‍රීක

ග්‍රීක සහ රෝම පුරාණෝක්තිවේදය තුළ, ඔඩිසියස් (අසන්නi/əˈdɪsiəs/;[1] පුරාතන ග්‍රීක: Ὀδυσσεύς, Ὀδυσεύς, රෝමානුකෘත: Odysseús, Odyseús, IPA: [o.dy(s).sěu̯s]), නැතහොත් ලතින් බසින් ‍යූලීසිස් (/juˈlɪsiz/, /UKalsoˈjulɪsiz/; ලතින්: Ulysses, Ulixes), ‍යනුවෙන් හැඳින්වෙන්නේ ජනප්‍රවාදගත ඉතකාවේ ග්‍රීක රජ කෙනකු වන අතර, ඔහු හෝමර් විසින් රචිත වීර කාව්‍යයක් වන, ඔඩිසි හි ප්‍රධාන කථා නායකයා වේ. ඔඩිසියස් හට හෝමර්ගේ ඉලියඩ් කෘතිය තුළ ද ප්‍රධාන ස්ථානයක් හිමිව ඇත.

ලේර්ටීස් සහ ඇන්ටික්ලියාගේ පුත්‍රයා වූත්, පිනිලොපීගේ සැමියා වූ සහ ටෙලිමේකස්, ඇකියුසිලස් සහ ටෙලිගොනස්ගේ පියා වූ ද, ඔඩිසියස් ඔහුගේ බුද්ධිමය තීක්ෂණභාවය, කපටිකම සහ බහුකාර්යතාව ( පොලිට්‍රොපොස් ) සඳහා ප්‍රසිද්ධය, එබැවින් ඔහු කපටි ඔඩිසියස් ( පුරාතන ග්‍රීක: μῆτις, රෝමානුකෘත: mêtis, අර්ථය.'cunning intelligence' රෝමකරණය:) යන විරුදාවලියෙන් හැඳින්වේ [2] ). දශකයක් පුරා පැවති ට්‍රෝජන් යුද්ධයෙන් පසු සිදුවීම් බහුල වසර දහයක් ගත වූ ඔහුගේ නොස්ටෝස් නොහොත් "නැවත පැමිණීම" සඳහා ඔහු වඩාත් ප්‍රසිද්ධය. [3]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. "Odysseus". Odysseus. Oxford University Press. http://www.lexico.com/definition/Odysseus.
  2. "μῆτις – Liddell and Scott's Greek-English Lexicon". Perseus Project. 4 September 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 April 2018.
  3. "Greek & Roman Mythology - Homer". www2.classics.upenn.edu. සම්ප්‍රවේශය 2024-07-30.
"https://si.wikipedia.org/w/index.php?title=ඔඩිසියස්&oldid=796068" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි