එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න

විකිපීඩියා වෙතින්
K A S W Kasthurirathne
උපත
කස්තුරි ආරච්චිගේ සැම්සන් විජයවර්ධන කස්තුරිරත්න

නොවැම්බර් 11, 1911(1911-11-11)
වේයන්ගොඩ
මියගිය දිනයFebruary 19, 1998(1998-02-19) (වයස 86)
බණ්ඩාරවෙල
මිහිදන් කල තැනබණ්ඩාරවෙල
ජාතිකත්වයශ්‍රී ලාංකික
වෙනත් නම්එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න
දරුවන්කස්තුරි ආරච්චිගේ සිසිල් පුෂ්පකුමාරි විජයවර්ධන කස්තුරිරත්න

කස්තුරි ආරච්චිගේ ශ්‍රීමතී විජයලක්ෂ්මී කස්තුරිරත්න

කස්තුරි ආරච්චිගේ ඉන්දිරා විජයලක්ෂ්මී කස්තුරිරත්න

කස්තුරි ආරච්චිගේ සුසන්ත විජයවර්ධන කස්තුරිරත්න

කස්තුරි ආරච්චිගේ රංජිත් විජයවර්ධන කස්තුරිරත්න

කේ ඒ එස් ඩබ්ලිව් කස්තුරිරත්න (කස්තුරි ආරච්චිගේ සැම්සන් විජයවර්ධන කස්තුරිරත්න) යනු ශ්‍රී ලාංකික ග්‍රන්ථ කතුවරයෙක්, ජ්‍යොතිෂවේදියෙක් හා තාරකාවේදියෙක් වේ.[1][2] [3] [4] [5] පංචාංග ලිත් අතර මුල් තැනක් ගන්නා ලංකා ග්‍රහස්ථුට පංචාංග ලිත් මාලාවේ නිර්මාර්තෘ වන කස්තුරිරත්න මහතා ශ්‍රී ලංකාවේ ප්‍රවීන ජ්‍යෝතිර්වේදීන් රැසක් බිහිකල බණ්ඩාරවෙල පෙරදිග ජ්‍යොතිෂ විද්‍යාල‌යේ නිර්මාර්තෘ ‌වේ.

පෞද්ගලික ජීවිතය හා අධ්‍යාපනය[සංස්කරණය]

කේ ඒ එස් ඩබ්ලිව් කස්තුරිරත්න මහතා 1911 වසරේ නොවැම්බර් මස 11 වන දින වේයන්ගොඩ පත්තලගෙදර දී උපත ලැබීය.

තරුණ අවධියේ සිටම සාහිත්‍යය, බෞද්ධ ධර්මය, සහ භාෂාවන් හැදෑරූ ඔහු එවකට වේයන්ගොඩ විසූ ප්‍රවීන හිමිනමක් වූ පූජ්‍ය මාකොල පඤ්ඤා ශ්‍රී හිමියන්ගෙන් ජ්‍යොතිෂ අධ්‍යාපනය ලබා ගත්තේය. ඉන් පසුව බී. වී. රාමන් වැනි සමකාලීනයන්[6] සමඟ ඉන්දියාවේ දී තාරකා විද්‍යාව, ගණිතය හා ජ්‍යොතිෂ ශාස්ත‍්‍රය මෙන්ම සංස්කෘත හාෂාව වැඩි දුරටත් හදාරන ලදී. ඉන්දියාවේ සමකාලීන ජ්‍යෝතිර්වේදීන් හා තාරකාවේදීන් සමඟ සමීපව කටයුතු කල ඔහු තම පර්යේෂණ කටයුතු ආදිය පිළිබඳ ඔවුන්ව නිතර මුණ ගැසී සාකච්ඡා කල බවත් සඳහන් ය.

මැදි වියේ දී කඳුකරයේ බණ්ඩාරවෙල ප්‍රදේශය ස්ථිර පදිංචිය සඳහා තෝරා ගත් ඔහු ග්‍රන්ථ රචනයට, ජ්‍යොතිෂ කටයුතු වලට සහ ඉගැන්වීම් කටයුතු සඳහා වැඩි කාලයක් ගත කරන ලදී. ජ්‍යොතිෂ සේවා සැපයීමේදී ඒ සඳහා නිශ්චිත මිළ ගණන් අය කිරීමට දැඩි ලෙස විරුද්ධ වූ කස්තුරිරත්න මහතා සරල සහ නිස්කලංක ජීවිතයක් ගත කිරීමට කැමැත්තක් දක්වන ලදී. ඔහුට දියණියන් තිදෙනෙක් සහ පුතණුවන් දෙදෙනෙක් වූහ. වසරක් පමණ රෝගාතුර ව සිටි ඔහු 1998 වසරේ පෙබරවාරි මස 19 වන දින බණ්ඩාරවෙල දී අභාවප්ප්‍රාත වූ අතර බණ්ඩාරවෙල සුසාන භුමියේ මිහිදන් කටයුතු සිදු විය.

an image of K A S W Kasthurirathne and his family when he was young
කුඩා කල තම පවුලේ සාමාජිකයන් සමඟ

වෘත්තීය හා පර්යේෂණ කටයුතු[සංස්කරණය]

ඉන්දියාවේදී සිද්ධාන්තමය ජ්‍යොතිෂය ඇතුළු තවත් ශාස්ත්‍රීය දැනුම හැදෑරූ ඔහු එකල බොහෝ ජ්‍යෝතිර්වේදීන් අතර පොදු මතයක් වූ පුද්ගලයෙකුගේ උපන් වේලාව හා නවාංශකය අනුව ස්ත්‍රී පුරුෂ භාවය නිගමනය කිරීමත්, නවාංශකය අනුව තීරණය වන ස්ත්‍රී පුරුෂ භාවය උපන් දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය හා සැසඳිය නොහැකි විට උපන් වේලාව මිනිත්තු කිහිපයකින් වෙනස් කර නවාංශකය උපන් දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය හා ගැළපීමේ ක්‍රමයේ ප්‍රායෝගික නොවන හා අනුකූල නොවන බව සොයා බැලීමට පර්යේෂණයක් ආරම්භ කරන ලදී. ඔහු ලංකාවේ පමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදය, බෙල්ජියම, ජර්මනිය වැනි ලෝකයේ බොහෝ රටවලින් එකම වේලාවක උපන් පුද්ගල සමූහයන්ගේ දත්ත තම පර්යේෂණයට යොදා ගන්නා ලදී.

ඊට අමතරව ජනප්‍රිය කලාකරුවන්ගේ ග්‍රහ පිහිටීම්, දේශපාලනඥයින්ගේ හා රාජකීයයන්ගේ ග්‍රහ පිහිටීම්, හදිසි ධන ලාභ හා ධන හානි වලට බලපාන ග්‍රහ පිහිටීම් වැනි දෑ පිළිබඳ බොහෝ රට වලින් දත්ත රැස්කරමින් පර්යේෂණ කටයුතු වල නිරත විය. දළ කේන්ද්‍රයකින් විසඳා ගත නොහැකි කරුණු වලදී භාව කේන්ද්‍රය උපයෝගී ගත යුතු බව ද ඔහු තම පර්යේෂණ ඔස්සේ නිගමනය කරන ලදී. පසු කලෙක ඔහු විසින් රචිත ග්‍රන්ථ සඳහා එම පර්යේෂණ වල ප්‍රතිඵල යොදා ගන්නා ලදී.

1959 වසරේ ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමත් සමඟ තාරකා විද්‍යාව පිළිබඳ ආචාර්ය තනතුර ප්‍රථම වරට එස් ඩබ්ලිව් කස්තුරිරත්න මහතාට පිරිනමන ලද නමුත් පර්යේෂණ ග්‍රන්ථ රචනය වෙනුවෙන් ඔහුගේ සම්පූර්ණ කාලය ‌යෙදවීම සඳහා එම තනතුර ප්‍රතික්ෂේප කර ඇත.

භාෂා කිහිපයකම විශාරදයෙක් වූ ඔහු රචනා කල ග්‍රන්ථ අතර ගෝචර ඵල සහ ග්‍රහ රාශී චාරය[7] සහ හඳහන බැලීමේ ගුරුමුෂ්ටිය යනාදී ග්‍රන්ථ වේ. ලංකාව හා ලෝකය මෙන්ම අනාගතය ගැන කරැණු රැසක් එතුමා රචිත පොත්වල දක්වා ඇත.[8]

පෙරදිග ජ්‍යොතිෂ විද්‍යාලය පිහිටුවීම[සංස්කරණය]

පසු කලෙක ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රවීන ජ්‍යෝතිර්වේදීන් රැසක් බිහිකල බණ්ඩාරවෙල පෙරදිග ජ්‍යොතිෂ විද්‍යාලය ආරම්භ කර බොහෝ ශිෂ්‍ය පිරිසකට තම ශාස්ත‍්‍ර ඥාණය ලබා දෙන ලදී. [9] [10] ඔහුගේ ශිෂ්‍යයන් අතර මහාචාර්ය විමල් ජී බලගල්ලේ [11], ආචාර්ය රෝහන් සිසිර කුමාර [12], ශ්‍රීමතී කස්තුරිරත්න, ඒ.විජයසූරිය[13] යනාදීන් වේ. [14] 80 දශකයේ ඔහු විසින් ආරම්භ කරන ලද ලංකා පංචාංග ග්‍රහස්ඵුට ලිත් මාලාව පසු කලක තම ශිෂ්‍ය තලවතුගොඩ ජ්‍යොතීර් විද්‍යා පර්යේෂණායතනයේ ආචාර්ය ආර්.කේ.රෝහණ සිසිරකුමාර මහතාට ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ලබා දෙන ලදී.[12]

ජ්‍යොතිෂය පිළිබඳව දැක්වූ අදහස්[සංස්කරණය]

ගුරුවරයකු මෙන්ම සිය ගණනක් ජ්‍යෝතිර්වේදීන් බිහිකළ ලිත් කතුවරයකු වූ එස්. ඩබ්. කස්තුරිරත්න මහතාගේ ‘හඳහන’ නම් ග‍්‍රන්ථයේ ජ්‍යොතිෂ ශාස්ත‍්‍රඥයාගේ බලය ගැන මෙසේ ලියා තිබේ[15].

"දක්‍ෂ විචක්‍ෂණ ජ්‍යොතිෂ් ශාස්ත‍්‍රඥයකුගේ දසතුරින් පිටවන සාරවත් කියමන් නිසා මහජනයා වශී වන්නේ දිව්‍ය මන්ත‍්‍රයටත් වඩා බලවත් ලෙසය. කොතරම් පාප ග‍්‍රහයකුගේ වුවත් අගුන මකා දමන ශුභ දෘෂ්ටි ආදිය සොයා ගනිමින්, ලබන්ට යන පාප දශාවකට අස්ථාන භයෙන් මිරිකී සිටින්නෙකුගේ කොතරම් අමිහිරි උපහාසයක් වුවත් පහව යන ලෙස ස්වකීය වාග් රසයෙන් රසවත් කොට දක්වා සනසවන බැවින් එයට ආශා නොකරන, කන් යොමු නොකරන කිසිවෙක් මේ මිහිපිට නැත." [16]

ජ්‍යොතිෂය පිළිබඳව අන්ධ විශ්වාස රැසක් ඔහුගේ ග්‍රන්ථ හරහා විවේචනය කල කස්තුරිරත්න මහතා ඔහුගේ හඳහන බැලීමේ ගුරු මුෂ්ටි - 2 කෘතියේ පෙරවදනේ මෙසේ සටහන් කර ඇත:[17]

"මේ ශාස්ත්‍රය පිළිබඳව ප්‍රකට රහසක් කීමට තිබේ. එනම් යම් කෙනෙකුට හැකි තරමින් ඉගෙන රක්ෂාවක් වශයෙන් කරමින් ජීවනෝපාය ගෙන යාමට නම් මෙය හොඳ ශාස්ත්‍රයක් මිස සියයට සියයක්ම හරියන ලෙස අනාවැකි කීමට හැකි ආකාරයට සත්‍යම සිද්ධාන්ත මත ගොඩ නගා තිබෙන විද්‍යාත්මක පදනමක් ඇති ශාස්ත්‍රයක් නොවන බවයි. නොඑසේ නම් මේ ශාස්ත්‍රය හරි හැටි බලා කියන අනාගත කියමන් කවුරු කීවත් එක සමානව හරි නොයන්නට හේතුවක් නැත.ඇත්ත වශයෙන් ම කියනවා නම් මේ ශාස්ත්‍රය ඉතා ඉහළට ම ඉගෙන ගත් තැනැත්තාට ද, එහෙන් මෙහෙන් එකක් දෙකක් අහුලාගෙන යාන්තමින් ශාස්ත්‍රය ලෙව කාපු තැනැත්තාට ද යන මේ දෙදෙනාට ම මෙයින් වැඩක් කර ගැනීමට නුපුළුවන.ඉහළටම ඉගෙන ගත් තැනැත්තාට ශූභ හෝ අශූභ හෝ මොන කරුණක් කියන්නට ගියත් හැම පැත්තෙන් ම එයට බාධක හෝ සාධක ග්‍රහයෝග පෙනෙන නිසා එකක්වත් ස්ථිර නිගමනයකට බැසීමට නුපුළුවන. ශාස්ත්‍රය යාන්තමින් ලෙවකාපු තැනැත්තාට සිදුවන්නේ එකක්වත් නියම ශුභාශූභයක් හරියක් වැරැද්දක් නොදන්නා නිසා දන්නා තරමටත් වඩා ලොකුවට ‘පම්පෝරි’ ගැසීමට ගොස් එකෙන් දෙකෙන් අප්‍රසාදයට පත්වී ඇද වැටීමය. සමහර විට දරුවකු  උපන්නාය කියන වේලාවට දෛවඥවරයා නිගමනය කරන පුරුෂ හෝ ස්ත්‍රී උත්පත්ති නො වී නම් ‘එහෙනම් වේලාව අරන් තිබෙන හැටි වැරදිය’ යි කියා එය ඉතා නිවැරදිව ගත් වේලාවක් වුවද වැරදියයි එයට තව මිනිත්තු කිහිපයක් එක්කර හෝ එයින් අඩුකර හෝ නූපන් බොරු වේලාවකට හඳහන සාදාදීමට අද ඇතැම් දෛවඥවරුන්ට සිදුවී තිබෙන අවාසනාවන්ත සිද්ධියකි. එමෙන් ම තවත් සැමතැනදීම හරි නොයන ජ්‍යොතිෂ නිගමනයක් නම් කුජ චන්ද්‍ර යෝගය හෝ දෘෂ්ටිය අනුව මල්වර වෙනවාය කියන නිගමනයයි. එම දෘෂ්ටි සංයෝගයක් අසලකවත් නැති දිනවල දී මල්වරවීම අනන්තවත් සිදුවන බව අපට නොයෙක් වර අත්දකින්නට ලැබී තිබේ."


ඔහු ශාස්ත්‍ර විරෝධී බොරු අනාවැකි මුල පටන්ම දැඩිව හෙළා දකින ලද අතර ශාස්ත්‍ර කටයුතු සඳහා මිලක් නියම කිරීමට දැඩි ලෙස විරුද්ධ වූ අයෙකු ලෙස ද ප්‍රසිද්ධය. මූල ග්‍රන්ථ වල සඳහන් පාඨයක් වන "අශ්ව ප්ලූතන් වෘක්ෂණ ගර්ජිතන්වෙත්, ද්‍යාද්වර්ෂණන් වාප්‍යථ වර්ෂණාවා, ස්ත්‍රී තාන්ච චිත්තන් පුරුෂයිය භාග්‍යන්, දෙවො නජානාති කුතො මනුෂ්‍යක්" යන්න උපුටා දක්වමින් ඔහු වරෙක මෙසේ සඳහන් කර තිබිණ.

"මනුෂ්‍යයකුට තබා දෙවියකුටවත් දැනගත නොහැකි කරුණු 06 කි. අශ්වයාගේ පිම්මද හෙවත් දිනන අශ්වයා තේරීමද, අහස ගෙරවීම හෝ අකුණු වැදීම ගැනද, අද වර්ෂාව වහිනවා හෝ නොවහිනවා යැයිද, ස්ත්‍රීන්ගේ සිත මේ ආකාරයයි නිශ්චය කිරීමද, පුරුෂයකුගේ භාග්‍යය මේ ලෙස උදා වේ යැයිද, යන මේ කරුණු 06 කීමට දෙවියෙක්වත් නොදනී. එබැවින් ඒවා ගැන මනුෂ්‍යයකු කල් තබා කියන්නේ කෙලෙසද?" [18]

ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

  • ගෝචරඵල සහ ග්‍රහ රාශී චාරය (The influence of planets in transit and planetary positions for periods of 300 years to 1000 years) [19] [20] [21] [22] [23]
  • ජ්‍යොතිෂ ශාස්ත්‍ර ඥානය
  • හඳහන - ප්‍රථම භාගය [24]
  • හඳහන - දෙවන භාගය
  • ජ්‍යොතිෂ පාඩම් මාලාව
  • ගෝචර ඵල සහ අවුරුදු 300 -1000 [25]

එස් ඩබ්ලිව් කස්තුරිරත්න මහතාගේ ශිෂ්‍ය ආචාර්ය රෝහන් සිසිර කුමාර මහතා පහත ග්‍රන්ථ සඳහා දායකත්වය දක්වන ලදී.

  • හඳහන බැලීමේ ගුරුමුෂ්ටි 1 [26] [27] [28]
  • හඳහන බැලීමේ ගුරුමුෂ්ටි 2 [29] [30] [31]
  • ලංකා පංචාංග ග්‍රහස්ඵුට ලිත 1982-1984 [32]
  • ලංකා පංචාංග ග්‍රහස්ඵුට ලිත - 1992 [33]
  • ලංකා පංචාංග ග්‍රහස්ඵුට ලිත - 1994 [34] [35]
  • ලංකා පංචාංග ග්‍රහස්ඵුට ලිත - 1985 / 86 [36]
  • ලංකා පංචාංග ග්‍රහස්ඵුට ලිත - 1996 [37]

  • මෙය එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න විසින් රචිත ජ්‍යොතිෂ ශාස්ත්‍ර ඥානය පොතේ පළමු මුුුුුද්‍රණයේ පොත් කවරයයි. මෙය 1942 ප්‍රකාශනයේ කවරයේ ඡායාරූපයකි. එකල එය අලෙවි කර ඇත්තේ රු. ශත 50 කට වේ.
    මෙය එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න විසින් රචිත ජ්‍යොතිෂ ශාස්ත්‍ර ඥානය පොතේ පළමු මුුුුුද්‍රණයේ පොත් කවරයයි. මෙය 1942 ප්‍රකාශනයේ කවරයේ ඡායාරූපයකි. එකල එය අලෙවි කර ඇත්තේ රු. ශත 50 කට වේ.
  • මෙය එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න විසින් රචිත හඳහන - ප්‍රථම භාගය නම් සිංහල පොතේ පළමු ප්‍රකාශනයේ පොත් කවරයේ ඡායාරූපයකි. එකල එය අලෙවි කර ඇත්තේ රු. 6 ශත 50 කට වේ. දැනට එහි පිටපත් ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇත.
    මෙය එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න විසින් රචිත හඳහන - ප්‍රථම භාගය නම් සිංහල පොතේ පළමු ප්‍රකාශනයේ පොත් කවරයේ ඡායාරූපයකි. එකල එය අලෙවි කර ඇත්තේ රු. 6 ශත 50 කට වේ. දැනට එහි පිටපත් ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇත.
  • මෙය එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න විසින් රචිත හඳහන - දෙවන භාගය පොතේ කවරයයි. මෙය 1969 වර්ෂයේ කුරුණෑගල පෙරදිග ජ්‍යොතිෂ විද්‍යාල ශිෂ්‍ය සංගමය මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර කස්තුරිරත්න මහතාගේ ජ්‍යෝතිර් විද්‍යා ග්‍රන්ථ මාලාවේ තුන්වන කොටස විය.
    මෙය එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න විසින් රචිත හඳහන - දෙවන භාගය පොතේ කවරයයි. මෙය 1969 වර්ෂයේ කුරුණෑගල පෙරදිග ජ්‍යොතිෂ විද්‍යාල ශිෂ්‍ය සංගමය මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර කස්තුරිරත්න මහතාගේ ජ්‍යෝතිර් විද්‍යා ග්‍රන්ථ මාලාවේ තුන්වන කොටස විය.
  • මෙය එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න විසින් රචිත ගෝචරඵල සහ ග්‍රහ රාශී චාරය සහ අවුරුදු 300 ක සහ අවුරුදු 1000 ක ඉදිරි පසු ග්‍රහ රාශී චාරය නම් සිංහල පොතේ කවරයේ ඡායාරූපයකි. මෙය මොරවක කීර්ති අබේවික්‍රම මගින් ප්‍රකාශයට පත් කරන ලදී.
    මෙය එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න විසින් රචිත ගෝචරඵල සහ ග්‍රහ රාශී චාරය සහ අවුරුදු 300 ක සහ අවුරුදු 1000 ක ඉදිරි පසු ග්‍රහ රාශී චාරය නම් සිංහල පොතේ කවරයේ ඡායාරූපයකි. මෙය මොරවක කීර්ති අබේවික්‍රම මගින් ප්‍රකාශයට පත් කරන ලදී.
  • මෙය එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න විසින් රචිත ජ්‍යොතිෂ පාඩම් මාලාව නම් සිංහල පොතේ කවරයේ ඡායාරූපයකි. එකල ඔහු මෙම පාඩම් මාලාව තම ශිෂ්‍යයන්ට තැපැල් මාර්ගයේ ජ්‍යොතිෂය ඉගැන්වීමට භාවිතා කර ඇත.
    මෙය එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න විසින් රචිත ජ්‍යොතිෂ පාඩම් මාලාව නම් සිංහල පොතේ කවරයේ ඡායාරූපයකි. එකල ඔහු මෙම පාඩම් මාලාව තම ශිෂ්‍යයන්ට තැපැල් මාර්ගයේ ජ්‍යොතිෂය ඉගැන්වීමට භාවිතා කර ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

  1. මෙසේම ලාංකාවේ වාසය කළ අග්රගන්‍ය ජ්‍යේතිෂ් ශාස්ත්රපති එස්. ඩබ් කස්තුරිරත්න මහතාද ලංකාව හා ලෝකය හෙට ගැන කරැණු රැසක් එතුමා රචිත පොත්වල දක්වා ඇත. එතුමාට අනුව බුද්ධ ශාසනය තුළ සංග පරපුරේ පිරිහීමද, එමෙන්ම බුදු සසුනේ උගතුන් මිස පිළිපදින්නන් අනාගතයේදි බිහිනොවන බවත් පවසා ඇත.[1]
  2. “එහෙත් මීට බොහෝ කලකට ඉහත දී ද මෙරට විසූ ප්‍රවීණ ජ්‍යොතිෂවේදියෙකු මෙන්ම ඒ පිළිබඳ ගත්කතුවරයෙකු වූ ඩබ්. කස්තුරිරත්න මහතා ද මේ පිළිබඳ ව මුලින්ම හෙළිදරව් කර ඇති බව........“ https://mawbima.lk/entertainment-more/865[permanent dead link]
  3. මෙරට සිටි කෘතහස්ත ජ්‍යොතිෂවේදියෙකු වූ එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න සූරීහු වරෙක මේ බොරු අනාවැකි කපුටන් අරභයා වෛදික ජ්‍යොතිෂයෙන් උපුටා ගත් ශ්ලෝකයක් මෙසේ ගෙන හැර දැක්වූහ. 'අශ්ව ප්ලූතං වෘක්ෂණ ගර්ජිතංවෙත් ද්‍යාද්වර්ෂණං වාප්‍යථ වර්ෂණාවා ස්ත්‍රී තාංච චිත්තං පුරුෂයිය භාග්‍යං දේවෝ නජානාති කුතෝ මනුෂ්‍යක් ' එක පෙළට සිටින අශ්ව රංචුවක් තරගයට දුවන්නට ගතහොත් ඉන් දිනන්නේ කුමන අශ්වයාද ? අහස ගෙරවීම සහ අකුණු පහර වදින්නේ කොතැන ද ? මේ වේලාවට වසින්නේ ද නො වසින්නේ ද ? කිසියම් කෙනෙකුගේ වාසනාව හරියට ම කුමන මොහොතක උදා වන්නේ ද ? යන මේ කරුණු ගැන කල් තබා කීමට දෙවියෙකුට වත් නො හැකිය. එසේ නම් මනුෂ්‍යයන් මේවා ගැන කියන්නේ කොහොම ද ? යනු මේ ශ්ලෝකයේ අර්ථය වේ.http://www.dinamina.lk/2016/06/15/17746
  4. සංරක්ෂිත පිටපත, http://www.silumina.lk/2017/08/05/%E0%B6%BB%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B1/%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%C2%AD%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B7%84%E0%B7%90%E0%B6%BB-%E0%B6%8B%E0%B6%B4%E0%B7%90%C2%AD%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92-%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F, ප්‍රතිෂ්ඨාපනය 2020-05-15 
  5. https://divaina.com/sunday/index.php/visheshanga1/12531-2019-12-06-06-51-79[permanent dead link]
  6. https://netizenme.com/blog/south-asian-astrologers/
  7. එහෙත් මේ රට විසූ කීර්තිමත් ජ්‍යොතිර්වේදියකු වූද ශිෂ්‍යයන් සිය ගණනක්‌ ජාතියට දායාද කළා වූද. ග්‍රන්ථ රාශියක්‌ රචනා කළා වූද, බණ්‌ඩාරවෙල ඇස්‌. ඩබ්. කස්‌තුරිරත්න ශූරීන් 21 වන සියවස ගැන 1970 දශකයේ ලියා ඇති අනාවැකිවල මෙසේ ලියා ඇත. "බුද්ධ ප්‍රතිමා විහාරවලින් අන්තර්ධාන වී දේව ප්‍රතිමා බවට පෙරළයි. නගරවල මංසන්ධිවල පදික වේදිකාවල ලොකු ගස්‌ යට බුද්ධ ප්‍රතිමා බැඳීමට පටන් ගනී. බුද්ධ පූජාව දේව පූජා වට්‌ටියට යට වී යයි. ගෞරවයත්, ශ්‍රද්ධාවත් වැඩිවන්නේ දේව පූජාවලටය."(ගෝචරඵල) https://www.divaina.com/2015/12/13/naka07.html සංරක්ෂණය කළ පිටපත 2020-02-24 at the Wayback Machine
  8. https://wasithaya.blogspot.com/2016/04/
  9. බණ්ඩාරවෙල පෙරදිග ජ්‍යොතිෂ විද්‍යාලයාධිපති  එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න මහතා සහ තලවතුගොඩ ජ්‍යොතිර් විද්‍යා පර්යේෂණායතනයේ ආචාර්ය රෝහන් සිසිර කුමාර මහතා එක්ව ලියන ලද ‘හඳහන් බැලීමේ ගුරුමුෂ්ඨි 2’ පොතේ හැඳින්වීමේ තබන ලද පහත සටහනින් ජ්‍යොතිෂයේ සැබෑ ස්වභාවය හෙළිවෙයි. ‘තවත් මේ ශාස්ත්‍රය පිළිබඳ ප්‍රකට රහසක් කීමට තිබේ. එනම් යම් කෙනෙකුට හැකි තරමින් ඉගෙන රක්ෂාවක් වශයෙන් කරමින් ජීවනෝපාය ගෙනයාමට නම් මෙය හොඳ ශාස්ත්‍රයක් මිස සියයට සියයක්ම හරියටම හරියන ලෙස කීමට හැකි ආකාරයට සත්‍යම සිද්ධාන්ත උඩ ගොඩ නගා තිබෙන විද්‍යාත්මක පදනමක් ඇති ශාස්ත්‍රයක් නොවන බවයි. නොඑසේ නම් මේ ශාස්ත්‍රය හරි හැටි බලා කියන අනාගත කියමන් කවුරු කීවත් එක සමානව හරි නොයන්නට හේතුවක් නැත.’https://pmdhr.org/%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B6%BB-%E0%B6%AD%E0%B7%9A-%E0%B6%B4%E0%B7%9D%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A/[permanent dead link]
  10. මේ ශාස්ත්‍රය අනුව සියයට සියයක්ම සත්‍යවන කරුණු ප්‍රකාශ කිරීමට නම් කිසිම ජ්‍යොතිෂ්ශාස්ත්‍රඥයෙකුට පුළුවන් කමක් නැත. සියයක් කියනවිට එයින් හරියන්නේ හැට හැත්තෑවක් පමණි. නැතහොත් 10ක් 15ක් පමණි. ගල් කැට 10ක් 12ක් ගහගෙන යනවිට එයින් දෙකතුනක් වත් නොවදින්නේ නැත. ~ එස්.ඩබ්ලිව් කස්තුරිරත්න (පෙරදිග ජ්‍යොතිෂ විද්‍යාලයයාධිපති )https://radicaladahas.wordpress.com/tag/%E0%B6%91%E0%B7%83%E0%B7%8A-%E0%B6%A9%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%8A-%E0%B6%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1/
  11. ඊට අමතරව, සුප්‍රකට ජ්‍යෝතිර් විද්‍යාඥයෙකු වූ එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න මහතාගෙන් පිරිවෙනේදීම ජ්‍යෝතිර් විද්‍යාව ද මනා සේ හැදෑරීමට අවස්ථාව ලබා ගත්තේය. https://www.sjp.ac.lk/wp-content/uploads/2014/12/Prof-Balagalle-Article-Prof-Suraweera.pdf
  12. 12.0 12.1 http://archives.dailynews.lk/2003/04/11/fea05.html
  13. සිසු අවධියෙන් පසුව ජ්‍යොතිෂ විශාරදයකු වූ බණ්ඩාරවෙල කස්තුරිරත්න පඬිතුමාගෙන් පාඨමාලාවක් හදාලෙමි.http://avedicastro.blogspot.com/p/about_17.html
  14. මෑත යුගයේ කස්තුරිරත්න හා හෙන්ද්‍රික් හෙට්ටිගොඩ වැනි ජ්‍යොතිෂ වියතුන් බිහිවිය. https://www.naifmvlog.com/2020/04/02/adrushyamana-balawega/ සංරක්ෂණය කළ පිටපත 2022-10-06 at the Wayback Machine
  15. [2][permanent dead link]
  16. සංරක්ෂිත පිටපත, https://divaina.com/sunday/index.php/visheshanga2/9550-2019-04-18-10-44-85, ප්‍රතිෂ්ඨාපනය 2020-05-15 
  17. https://www.vinivida.lk/%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%9C%E0%B6%AD%E0%B7%92%E0%B7%82%E0%B6%BA-%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%9A/
  18. ශ්‍රී ලංකාවේ ජීවත් වූ ඉසිවරයකු බඳු සම්භාවනාවට පාත්‍ර වූ අද සිටින ජ්‍යෝතිෂ ගුරුන්ගේත් ගුරුවරයකු වූ එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න සූරීහු, මේ ශාස්ත්‍ර විරෝධී අමන අනාවැකි මුල පටන්ම දැඩිව හෙළා දුටහ.https://www.facebook.com/sinhalaastrologyorg/posts/413898812135328/
  19. මේ 21 වැනි ශත වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ බුද්ධ ධර්මය යන වචනය පවා අතුරුදන් වන බවත්, සිල්වත් භික්‌ෂූන්ගෙන් හිස්‌වන බවත්, මහජන අනුකම්පාවෙන් බණ පිරිත්, අර්ථයෙන්, ධර්මයෙන් දේශනා කරන භික්‌ෂුවක්‌ ගැන අසන්නටවත් නොලැබෙන බවත්, භික්‌ෂූහු ප්‍රසිද්ධියේම නොයෙක්‌ ක්‍රමයේ වෙළෙඳ ව්‍යාපාර රැකී රක්‌ෂා කිරීමට පටන්ගන්නා බවද සඳහන්ය. මෙය ඇස්‌. ඩබ්ලිව්. කස්‌තුරිරත්න සූරීන්ගේ ගෝචර ඵල නමැති ජ්‍යෙdතිෂ ග්‍රන්ථයේ දැක්‌වෙන කරුණුය. [3] සංරක්ෂණය කළ පිටපත 2023-03-31 at the Wayback Machine
  20. ඇස්.ඩබ්. කස්තුරිරත්න මහතා විසින් රචිත ග්‍රහගෝචර පලාපල ග්‍රන්ථයේ මිය ගිය ප්‍රභූ කේන්ද්‍ර සටහන් 100 ක් ඇතුළත් කර ඇති අතර එම සියලු දෙනා මිය ගොස් ඇත්තේ සෙනසුරු ඒරාශ්ඨක අපල වලිනි.[4][permanent dead link]
  21. Gochara pala saha graha rashi charaya = The influence of planets in transit and planetary positions for periods of 300 years to 1000 years S.W. Kasturiratne http://libuop.lib.pdn.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=102320&query_desc=pb:Kumara[permanent dead link]
  22. GOCHARA PALA SAHA GRAHA RASHI CHARAYAhttps://sarasavi.lk/Book/Gochara-Pala-Saha-Graha-Rashi-Charaya-9554448600[permanent dead link]
  23. ගෝචර ඵල By Kasthurirathna, S.W. http://infosys.lib.vpa.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=451&query_desc=au:%22Kasthurirathna,%20S.W%22[permanent dead link]
  24. Handahana : Prathama Bhagaya S.W. Kasturiratne By: Kasturiratne, S. W. http://libuop.lib.pdn.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=107668&query_desc=au:%22Kasturiratne,%20S.%20W.%22[permanent dead link]
  25. GOCHARA PALA SAHA AURUDU 300 -1000https://www.sarasavi.lk/Book/Gochara-Pala-Saha-Aurudu-300--1000-2420000046[permanent dead link]
  26. Handahana balime guru mushtiya I S. W. Kasturiratnehttp://libuop.lib.pdn.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=107665&query_desc=au:%22Kasturiratne,%20S.%20W.%22[permanent dead link]
  27. හඳහන බැලීමේ ගුරු මුෂ්ඨි - 1 By Kasthurirathna, S.W. Contributor(s): Sisirakumara, R.K. Roshan. http://infosys.lib.vpa.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=2997&query_desc=au:%22Kasthurirathna,%20S.W%22[permanent dead link]
  28. අප ගුරුවරයකු මෙන්ම සිය ගණනක් ජ්‍යෝතිර්වේදීන් බිහිකළ ලිත් කතුවරයකු වූ ඇස්. ඩබ්. කස්තුරිරත්න මහතාගේ ‘හඳහන’ නම් ග‍්‍රන්ථයේ ජ්‍යොතිෂ් ශාස්ත‍්‍රඥයාගේ බලය ගැන මෙසේ ලියා තිබේ. ‘දක්‍ෂ විචක්‍ෂණ ජ්‍යොතිෂ් ශාස්ත‍්‍රඥයකුගේ දසතුරින් පිටවන සාරවත් කියමන් නිසා මහජනයා වශී වන්නේ දිව්‍ය මන්ත‍්‍රයටත් වඩා බලවත් ලෙසය. කොතරම් පාප ග‍්‍රහයකුගේ වුවත් අගුන මකා දමන ශුභ දෘෂ්ටි ආදිය සොයා ගනිමින්, ලබන්ට යන පාප දශාවකට අස්ථාන භයෙන් මිරිකී සිටින්නෙකුගේ කොතරම් අමිහිරි උපහාසයක් වුවත් පහව යන ලෙස ස්වකීය වාග් රසයෙන් රසවත් කොට දක්වා සනසවන බැවින් එයට ආශා නොකරන, කන් යොමු නොකරන කිසිවෙක් මේ මිහිපිට නැත.’ https://divaina.com/sunday/index.php/visheshanga2/9550-2019-04-18-10-44-85 සංරක්ෂණය කළ පිටපත 2019-05-11 at the Wayback Machine
  29. Handahana balime mushti 2 S.W. Kasturiratnahttp://libuop.lib.pdn.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=107666&query_desc=au:%22Kasturiratne,%20S.%20W.%22[permanent dead link]
  30. හදහන් බැලීමේ ගුරු මුෂ්ටි - 2 By Kasthurirathna, S.W. Contributor(s): Sisirakumara, R.K. Roshan. http://infosys.lib.vpa.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=10023&query_desc=au:%22Kasthurirathna,%20S.W%22[permanent dead link]
  31. https://iranama.tharunaya.us/page.php?id=1511153019
  32. Lanka pagnachangga grahasputa litha - 1982-1984 S. W. Kasturiratne, R. K. Rohan Sisira Kumara By: Kasturiratne, S. W. Contributor(s): Sisira Kumara, R. K. Rohan. http://libuop.lib.pdn.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=150210&query_desc=au:%22Kasturiratne,%20S.%20W.%22[permanent dead link]
  33. Lanka pagnachangga grahsaputa litha - 1992 S. W. Kasturiratne, R. K. Rohan Sisira Kumara By: Kasturiratne, S. W. Contributor(s): Sisira Kumara, R. K. Rohan. http://libuop.lib.pdn.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=150211&query_desc=au:%22Kasturiratne,%20S.%20W.%22[permanent dead link]
  34. Lanka pancanga grahasputa lita 1994 S.W. Kasturiratne, R.K. Rohan Sisirakumara By: Kasturiratne, S. W. Contributor(s): Sisira Kumara, R. K. Rohan. http://libuop.lib.pdn.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=150215&query_desc=au:%22Kasturiratne,%20S.%20W.%22[permanent dead link]
  35. Lanka panchanga grahasputa litha - 1994 S. W. Kasturiratne, R. K. Rohan Sisira Kumara http://libuop.lib.pdn.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=150217&query_desc=au:%22Kasturiratne,%20S.%20W.%22[permanent dead link]
  36. Lanka panchanga grahasputa litha - 1985 / 86 S. W. Kasturiratne, R. K. Rohan Sisira Kumara http://libuop.lib.pdn.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=150216&query_desc=au:%22Kasturiratne,%20S.%20W.%22[permanent dead link]
  37. Lanka panchanga grahasputa litha - 1996 S. W. Kasturiratne, R. K. Rohan Sisira Kumara By: Kasturiratne, S. W. Contributor(s): Sisira Kumara, R. K. Rohan http://libuop.lib.pdn.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=150218&query_desc=au:%22Kasturiratne,%20S.%20W.%22[permanent dead link]