Jump to content

එයාර් ඉන්දියා 171 පියාසැරිය

Coordinates: 23°03′20″N 72°36′56″E / 23.0555°N 72.6156°E / 23.0555; 72.6156
විකිපීඩියා වෙතින්
එයාර් ඉන්දියා 171 පියාසැරිය
VT-ANB,අනතුරට ලක් වූ ගුවන් යානය, 2024 දී
අනතුර
දිනය12 ජුනි 2025 (2025-06-12)
සාරාංශයගුවන්ගත වී ටික වේලාවකින් ගොඩනැගිල්ලක ගැටී ඇත; විමර්ශනය කරමින් පවතී
ස්ථානයඉන්දියාවේ අහමදාබාද්, සර්දාර් වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල B.J. වෛද්‍ය විද්‍යාලය
23°03′20″N 72°36′56″E / 23.0555°N 72.6156°E / 23.0555; 72.6156
මුළු මරණ274[1]
මුළු තුවාල61+
ගුවන් යානය
ගුවන් යානා වර්ගයබෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර්
ක්‍රියාකරුඑයාර් ඉන්දියා
IATA ගුවන් ගමන් අංකයAI171
ICAO ගුවන් ගමන් අංකයAIC171
ඇමතුම් ලකුණAIRINDIA 171
ලියාපදිංචියVT-ANB
පියාසර ආරම්භයසර්දාර් වල්ලභභායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ, අහමදාබාද්, ඉන්දියාව
ගමනාන්තයලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපළ, ලන්ඩන්, එක්සත් රාජධානිය
ගමන්ගත් සියල්ලන්242[2]
මගීන්230
කාර්ය මණ්ඩලය12
මරණ241[3]
තුවාල1
අතුරුදහන්නොදනී
දිවි ගලවා ගත් අය1[4][5]
Ground casualties
පොළව මත මිය ගිය ගණන33[1]
පොළව මත තුවාල ලැබූ ගණන60+

එයාර් ඉන්දියා පියාසැරි 171 යනු බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් මගින් ක්‍රියාත්මක කරන ලද ජාත්‍යන්තර මගී ගුවන් යානයකි. 2025 ජුනි 12 වන දින, ගුවන්ගත වී සුළු මොහොතකට පසු එහි ගමන් කරමින් සිටි මගීන් 230ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සමග ඉන්දියාවේ අහමදාබාද්හි මේඝානි නගර් ප්‍රදේශයට කඩා වැටුණි.

පසුබිම

[සංස්කරණය]

ගුවන් යානය

[සංස්කරණය]

අනතුරට ලක් වූ ගුවන් යානය, ජෙනරල් ඉලෙක්ට්‍රික් GEnx එන්ජින් දෙකකින් සමන්විත, VT-ANB ලෙස ලියාපදිංචි කරන ලද, අවුරුදු 11ක් පැරණි බෝයිං 787-8 Dreamliner යානයකි.[6]2011 දී බෝයිං 787 යානයක් හඳුන්වා දීමෙන් පසු සිදු වූ පළමු මාරක අනතුර මෙය විය.

මගීන් සහ කාර්ය මණ්ඩලය

[සංස්කරණය]

ඉන්දියානු සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGCA) සහ එයාර් ඉන්දියා ආයතනයට අනුව, ගුවන් යානයේ මගීන් 242 දෙනෙකු සිට ඇති අතර, ඉන් ළමුන් 11 දෙනෙකු සහ ළදරුවන් දෙදෙනෙකු ඇතුළුව මගීන් 230 දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනෙකු, ගුවන් සේවිකාවන් 10 දෙනෙකු ඇතුළුව කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සිට ඇත.[7][8]

එයාර් ඉන්දියා පියාසැරි 171 හි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය[9]
ජාතිකත්වය මගීන් කාර්ය

මණ්ඩලය

එකතුව
  ඉන්දියාව 169 12 181
 එක්සත් රාජධානිය 53 0 53
 පෘතුගාලය 7 0 7
 කැනඩාව 1 0 1
එකතුව 230 12 242

මගීන් අතර ගුජරාටයේ හිටපු මහ ඇමති විජේ රූපානි ද විය.[10]


මෙම ගුවන් ගමනේ ප්‍රධාන නියමුවා වුයේ කපිතාන් සුමීත් සබර්වාල්, පළමු නිලධාරි ක්ලයිව් කුන්දර් සහයක නියමුවා විය.

අනතුර

[සංස්කරණය]
Airport CCTV footage showing the crash
Map of flight path and impact

ලන්ඩන් ගැට්වික් බලා යමින් සිටි ගුවන් යානය අහමදාබාද් ගුවන්තොටුපළේ ධාවන පථය 23 න් දේශීය වේලාවෙන් 13:38 ට (08:08 UTC) ගුවන් ගත විය.[2]

UTC 08:08:50 ට ධාවන පථය 05 අවසානයට අඩි 230 (මීටර් 70) ක් පමණ දුරින්, ගුවන් යානයේ ADS-B ට්‍රාන්ස්පොන්ඩරය අඩි 625 (මීටර් 191) ක උන්නතාංශයක් වාර්තා කළේය.ගුවන් නියමුවන් අහමදාබාද්හි ගුවන් ගමන් පාලක වෙත "MAYDAY" ඇමතුමක් නිකුත් කළහ.[2]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b "Air India plane crash: Toll mounts to 274; 33 on-ground deaths confirmed". Times of India. 14 ජූනි 2025. සම්ප්‍රවේශය 14 ජූනි 2025.
  2. ^ a b c "At least 200 killed after Air India plane to London crashes moments after take-off in Ahmedabad". BBC News. 12 June 2025. සම්ප්‍රවේශය 12 June 2025.
  3. ^ "More than 200 killed as Air India plane crashes after take-off in Ahmedabad". Reuters. 12 June 2025. සම්ප්‍රවේශය 12 June 2025.
  4. ^ "Ahmedabad Air India Flight Crash Live Updates: Miracle rescue as police finds a survivor in seat 11A". Firstpost (ඉංග්‍රීසි බසින්). 12 June 2025.
  5. ^ Yadav, Danita (12 June 2025). "Air India Ahmedabad plane crash LIVE: Ex-Gujarat CM Rupani on board, confirms Naidu; 1 survivor reported in Ahmedabad". Hindustan Times (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 12 June 2025.
  6. ^ ලී, ඩැනී; සිද්ධාර්ත් වික්‍රම්, පිලිප්; මිෂ්රා, මිහිර් (12 ජූනි 2025). "Over 200 Dead After London-Bound Boeing Jet Crashes in India Air India Boeing 787 Bound for London Crashes After Takeoff". බ්ලූම්බර්ග් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 12 ජූනි 2025. The aircraft involved in Thursday's accident carried the VT-ANB registration and was almost 12 years old. The plane was powered by two General Electric Co. GEnx engines.
  7. ^ "Why did Ahmedabad-London Air India flight crash? Black box holds all answers – here's what it is". Financial Express (ඉංග්‍රීසි බසින්). 12 ජූනි 2025. සම්ප්‍රවේශය 12 ජූනි 2025.
  8. ^ සොලංකි, අජිත්; රෝයි, රාජේෂ් (12 ජූනි 2025). "London-bound Air India flight with more than 240 aboard crashes after takeoff from Ahmedabad, India". AP News (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 12 ජූනි 2025.
  9. ^ "Ahmedabad plane crash live updates: Chances of any survivors slim, say sources". හින්දුස්ථාන් ටයිම්ස් (ඉංග්‍රීසි බසින්). 12 ජූනි 2025. 2025-06-12 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජූනි 2025.
  10. ^ "Over 200 Dead in Air India Crash, Official Says" [එයාර් ඉන්දියා ගුවන් අනතුරින් 200 කට වැඩි පිරිසක් මිය ගිය බව නිල වාර්තා පවසයි]. නිව් යෝර්ක් ටයිම්ස් (ඉංග්‍රීසි බසින්). 12 ජූනි 2025. සම්ප්‍රවේශය 12 ජූනි 2025.

බාහිර සබැඳි

[සංස්කරණය]