එටිසලාට් (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්
එටිසලාට් ලංකා (පුද්) සමාගම
වර්ගයපුද්ගලික සමාගම
ස්ථාපිතය1989 (1989) කොළඹ, ශ්‍රී ලංකාව
මූලස්ථානයකොළඹ 3, ශ්‍රී ලංකාව
කර්මාන්තයවිදුලිසංදේශනය
නිෂ්පාදිතයන්ජංගම දුරකථන සේවා
මූලකාරකහච් (ශ්‍රී ලංකාව)
වෙබ්අඩවියetisalat.lk

2007 වර්ෂය තෙක් සෙල්ටෙල් සහ 2007-2010 කාලය තුලදී ටීගෝ ලෙස හැඳිනුම් වහරේ පැවති එටිසලාට් ලංකා යනු ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්නිවේදන ජාලයක් වේ. එහි වර්තමානය හිමිකාරීත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කොට ගත් විදුලිසංදේශන ආයතනයක් වන එටිසලාට් සතුවෙයි. 2012 පෙබරවාරි අවසන් වන විට එටිසලාට් ලංකා සතුව මිලියන 4.2ක සේවාලාභීන් පිරිසක් විය.නමුත් 2015 වර්ෂයෙ අග භාගයෙදී එටිසලාට් එජන්තවරයකු ලංකීය බෞද්ධයන්ගේ සේම, ලෝකවාසී බෞද්ධයන්ගෙ උතුම් ගෞරවාදරයට ලක්වන ශ්‍රී පාද වන අඩවිය හෙළි කරමින් හෝටලයක් තැනිමට උත්සහ කිරිමත් සමඟ කුපිතවු සිංහල තරුණයන් එටිසලාට් සිම්පත් කැඩිමඩ පටන් ගත්හ. මේ කරුණ මත මිලියන 4.2 ක ප්‍රමාණයක්ව පැවති එටිසලාට් සමාගමේ පාරිභෝගික පිරිස ලක්ෂ 5.7 ක ප්‍රමාණය දක්වා අඩු විය. පසුව මේ 2018 වර්ෂයේ මහනුවර ඇති වු කලබලකාරී සිංහල මුස්ලිම් ගැටුම නිසාද පාරිභෝගික පිරිස තවත් අඩු විය. අද වන විට ඔවුන්ට සිටින්නේ ලක්ෂ 2.9 ක පාරිභෝගික පිරිසකි. සමාගම මේ වන විට හච් දුරකතන සමාගමට විකුණා ඇති අතර 2019 ජනවාරි විට නව සමාගමිකින් ලාංකීය ජනතාවට සේවා සපයනු ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=එටිසලාට්_(ශ්‍රී_ලංකාව)&oldid=435688" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි