එක් ජේ ඡිලෝ රාජා
| එක් ජේ ඡිලෝ රාජා | |
|---|---|
චිත්‍රපට පෝස්ටරයක් | |
| අධ්‍යක්ෂණය | ශ්‍රීජිත් මුඛර්ජී |
| රචනය | ශ්‍රීජිත් මුඛර්ජී |
| තිර රචනය | ශ්‍රීජිත් මුඛර්ජී |
| පාදක වූයේ | භාවල් රාජාගේ ජීවන ශෝකාන්තය |
| රංගන ශිල්පීන් | ජිශූ සේන්ගුප්තා |
| සිනෙමාරූපණය | ගෛරික් සර්කාර් |
| සංස්කරණය | ප්රොණොයි දාස්ගුප්තා |
| සංගීතය | ඉන්ද්රාදීප් දාස්ගුප්තා |
නිෂ්පාදන සමාගම | එස්වීඑෆ් ස්ටූඩියෝස් |
| බෙදාහැරීම | එස්වීඑෆ් එන්ටර්ටේන්මන්ට් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | 147 මිනිත්තු |
| රට | ඉන්දියාව |
| භාෂාව | බෙංගාලි |
| පිරිවැය | ₹2.5 කෝටි |
| ආදායම | ₹5.7 කෝටි |
එක් ජේ ඡිලෝ රාජා යනු එස්වීඑෆ් එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගමේ බැනරය යටතේ ශ්‍රීජිත් මුඛර්ජී විසින් අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු බෙංගාලි නාට්‍ය චිත්‍රපටයකි. [2] මෙහි ජිශූ සෙන්ගුප්තා මහාරාජා මහේන්ද්‍ර කුමාර් චෞධරිගේ ප්‍රධාන චරිතය මෙන්ම භවාල් සන්යාසි ලෙස ද රංගනයෙන් දායක වේ. මෙම චිත්‍රපටයේ ජයා අහ්සාන්, අපර්ණා සේන්, අනිර්බන් භට්ටාචාර්ය, අංජන් දත්, රුද්රනීල් ඝෝෂ් සහ ශ්රීනන්ද ශංකර් ද රංගනයෙන් දායක ඒති. [2] චිත්‍රපටය මුදාහැරුණේ 2018 දුර්ගා පූජා අතරතුරය. [2] [3] චිත්‍රපටයේ වැඩි කොටසක් රූගත කරන ලද්දේ මුර්ෂිදාබාද්හි කත්ගෝලා හිදීය. මෙම චිත්‍රපටය ඉන්දියාවේ 66 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී බෙංගාලි භාෂාවෙන් හොඳම වෘත්තාන්ත චිත්‍රපටය සඳහා වන ජාතික චිත්‍රපට සම්මානය දිනා ගත්තේය. [4]
කථාපුවත
[සංස්කරණය]මෙම චිත්‍රපටය පදනම් වී ඇත්තේ භාවල් නඩුව මත වන අතර එය දශකයකට පෙර මියගිය බවට අනුමාන කරන ලද භාවල් කුමාරයා යැයි කියාගත් වංචනිකයෙකු පිළිබඳ දීර්ඝ ඉන්දියානු අධිකරණ නඩුවකි.
චරිත නිරූපණය
[සංස්කරණය]- ජිශූ සෙන්ගුප්තා, රාජා මහේන්ද්‍ර කුමාර් චෞධරි/නාග සන්යාසි ලෙස
- ජයා අහ්සාන්, මෘන්මයී දේබී ලෙස
- අනිර්බන් භට්ටාචාර්ය, සත්‍ය බැනර්ජී ලෙස
- නීතිඥ භාස්කර් මුකර්ජි ලෙස, අංජන් දත්තා
- අපර්ණා සේන්, නීතිඥ අනුපමා බාසු ලෙස
- රුද්රනීල් ඝෝෂ්, වෛද්‍ය අශ්විනි දාස්ගුප්තා ලෙස
- චන්ද්‍රාවතී දේවි ලෙස, රාජනන්දිනී පෝල්
- බරුණ් චන්දා, විනිසුරු ලෙස
- රැන්කින් ලෙස, ඇලෙක්ස් ඕ'නෙල්
- කාදම්බරී (බෛජී) ලෙස ශ්රීනන්ද ශංකර්
ශබ්ද පටය
[සංස්කරණය]සියලුම ගීත රචනය ශ්රීජාතෝ, සියලුම ගීතවල සංගීත නිර්මාණය ඉන්ද්රාදීප් දාස්ගුප්තා.
| අංකය. | ගීතය | ගායක(යන්) | කාලය |
|---|---|---|---|
| 1. | "ඒශෝ හේ" | ශ්‍රේයා ඝෝෂාල් සහ ඉශාන් මිත්‍රා | 3:37 |
| 2. | "තූ දික්ඛේ නා" | කෛලාශ් ඛේර් සහ ඉශාන් මිත්‍රා | 5:56 |
| 3. | "මහාරාජෝ" | සහානා බාජ්පයී | 4:16 |
| 4. | "කේ අමී කොථායි" | අරිජිත් සිං | 3:03 |
| 5. | "රුඨේ නේනා" | කෞශිකි චක්‍රබොර්තී | 2:42 |
නිකුත් කිරීම සහ පිළිගැනීම
[සංස්කරණය]එක් ජේ ඡිලෝ රාජා 2018 ඔක්තෝබර් 12 වන දින නිකුත් කරන ලදී. බෙංගාලි පුවත්පතක් වන ආනන්දබසාර් පත්‍රිකා ඔවුන්ගේ සමාලෝචනයේදී ජිශූ සෙන්ගුප්තාගේ රංගනය ඔහුගේ වෘත්තීය ජීවිතයේ හොඳම නිරූපණයන්ගෙන් එකක් බව ලිවීය. ඔවුහු ජයා එහ්සාන්ගේ රංගනය ද අගය කළහ. [5]
සම්මාන
[සංස්කරණය]66 වන ජාතික චිත්‍රපට සම්මාන
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ "Jaya starrer 'Ek Je Chhilo Raja' releases new track 'Maharajo'". 30 September 2018.
- 1 2 3 Mazumdar, Shreyanka (17 April 2018). "Dubbing for Ek Je Chilo Raja starts". The Times of India. Retrieved 1 June 2018.
- ↑ "'Ek Je Chhilo Raja': Anirban Bhattacharya spills the beans on his character". The Times of India. Retrieved 10 October 2018.
- ↑ "66th National Film Awards: Full winners list". India Today (in ඉංග්‍රීසි). Ist. Retrieved 2020-01-12.
- ↑ রায়, অময় দেব. "মুভি রিভিউ: যিশুর সেরা অভিনয়, তবে কামাল করলেন জয়া". Anandabazar Patrika (in Bengali). Retrieved 12 October 2018.
- ↑ "66th National Film Awards" (PDF). Directorate of Film Festivals. Retrieved 9 August 2019.
- ↑ "National Film Awards 2019: Full winners list". The Indian Express. 9 August 2019. Retrieved 9 August 2019.
බාහිර සබැඳි
[සංස්කරණය]- එක් ජේ ඡිලෝ රාජා හා සබැඳි අයිඑම්ඩීබී යොමුව