එක්සත් ජනපද කොංග‍්‍රස් මණ්ඩලය

විකිපීඩියා වෙතින්

එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය හෝ එ.ජ. කොංග්‍රස් මණ්ඩලය යනු, එක්සත් ජනපදයෙහි ෆෙඩරල් රජයෙහි ද්විමණ්ඩල ව්‍යවස්ථාදායකය වන අතර මණ්ඩල දෙකක් වෙතින් සමන්විත වෙයි: නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව. කොංග්‍රස් මණ්ඩලය රැස්වන්නේ වොෂිංටන්, ඩී.සී. හී පිහිටි එක්සත් ජනපද කැපිටෝල් මහා මන්ත්‍රණසභා ශාලා ගොඩනැගිල්ල තුලය. ආණ්ඩුකාරවරයා විසින් සිදුකෙරෙන පත්වීමක් තුලින් සෙනෙට් සභාවෙහි පුරප්පාඩු පිරවිය හැකි වුවද, සෙනෙට් සභිකයන් සහ නියෝජිත මන්ත්‍රීවරු යන දෙවගයම තෝරාගනු ලබන්නේ සෘජු මැතිවරණ වෙතිනි. සෙනෙට් සභිකයන් 100 දෙනෙකු සහ නියෝජිත මන්ත්‍රීවරුන් 435 දෙනෙකු ලෙසින්, ඡන්දය-භාවිතා කරන මන්ත්‍රීවරු 535 දෙනෙක් වෙතින් කොංග්‍රස් මණ්ඩලය සමන්විත වන අතර, මෙම දෙවන වර්ගයෙහි ප්‍රමාණය නිර්ණය වන්නේ 1929 වසරෙහි ප්‍රතිවිභාජන පනත අනුවය. මෙයට අමතර වශයෙන්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ඡන්දය-නොදෙන මන්ත්‍රීවරු හයදෙනෙකු අඩංගු වන අතර, මේ අනුව එජ කොංග්‍රස් මණ්ඩලයෙහි සම්පූර්ණ සාමාජිකත්වය 541 දෙනෙකු වන නමුදු [1] පුරප්පාඩු පවතින විටෙක මෙම ප්‍රමාණය අඩු මට්ටමක පැවතිය හැකිය.

සටහන්[සංස්කරණය]

උපහරණ[සංස්කරණය]

  1. "මෙම්බර්ෂිප් ඔෆ් දි 116ත් කොංග්‍රස්: අ ප්‍රොෆයිල්". කොංග්‍රස් මණ්ඩලීය පර්යේෂණ සේවාව. p. 4. සම්ප්‍රවේශය 5 මාර්තු 2020. Congress is composed of 541 individuals from the 50 states, the District of Columbia, Guam, the U.S. Virgin Islands, American Samoa, the Northern Mariana Islands, and Puerto Rico (සිංහල- ජනපද 50 වෙතින් සහ, ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා, ගුවාම්, එ.ජ. වර්ජින් දිවයින්, ඇමරිකානු සැමෝවා, උතුරු මරියානා දිවයින්, සහ පුවර්ටො රීකෝ අතරින් තේරීපත්වන පුද්ගලයින් 541 ක් වෙතින් කොංග්‍රස් මණ්ඩලය සමන්විත වෙයි).