ඊඩිපස් සහ ස්ෆින්ක්ස් (ඇන්ග්ර)
පෙනුම
| ඊඩිපස් සහ ස්ෆින්ක්ස් | |
|---|---|
ඊඩිපස් සහ ස්ෆින්ක්ස් යනු ප්රංශ නව සම්භාව්ය චිත්ර ශිල්පියෙකු වන ශෝන්-ඕගූස්ට්-ඩොමිනික් ඇන්ග්ර විසින් නිර්මාණය කරන ලද සිතුවමකි. මුලින් 1808 දී පින්තාරු කරන ලද ශිෂ්ය කෘතියක් වන මෙය 1827 දී විශාල කර නිම කරන ලදී. මෙම සිතුවම ඊඩිපස් විසින් ස්ෆින්ක්ස්ගේ ප්රහේලිකාව පැහැදිලි කරන ආකාරය නිරූපණය කරයි. කැන්වසය මත තෙල් සිතුවමක් වන එය සෙන්ටිමීටර 189 x 144 ක් වන අතර එය 1878 දී අත්පත් කරගත් ලූවර් හි ඇත.