ඉසුරු ලිනක්ස්
![]() | මෙම ලිපිය විකිපීඩියාවෙහි තත්ත්ව ප්රමිතීන් පුර ලනු වස් ශුද්ධ පවිත්‍ර කිරීමට අවශ්‍ය විය හැක. කරුණාකර ඔබට හැකි නම් මෙම ලිපිය වැඩි දියුණු කරන්න . |
![]() | |
ISURU Linux 20.04 | |
සමාගම / විකාශකයා | Ministry Of Education, Sri Lanka |
---|---|
මෙ.ප පෙළපත | Unix-like |
වැඩකරන තත්ත්වය | Current |
මූලාශ්‍ර ආකෘතිය | Free and open source software |
ප්‍රථම නිකුතුව | 30 ජුනි 2012 |
නවතම ස්ථාවර නිකුතුව | 20.04 LTS / 30 අප්‍රේල් 2020 |
ලැබිය හැකි භාෂා | Multilingual |
යාවත්කාලීන ක්‍රමය | APT (Software Updater, GNOME Software) |
පැකේජ කළමනාකරු | dpkg, Snappy |
කරළි | i386, AMD64 |
කර්නල් වර්ගය | Linux (Monolithic-based Hybrid) |
පරිශ්‍රීලකස්ථාන | GNU |
සාමාන්‍ය පරිශ්‍රීලක අතුරු මුහුණත | GNOME |
බලපත්‍රය | GNU GPL & Various others. |
නිල වෙබ් අඩවිය | isurulinux.sch.lk |
ඉසුරු ලිනක්ස් (English: ISURU Linux) මෙහෙයුම් පද්ධතිය ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවර්ධනය කර ශ්‍රී ලංකීය පාසල් පද්ධතිය සදහා සුදුසු පරිදි මෘදුකාංග ඔබ්බවා සකසා ඇත. ඉසුරු ලිනක්ස්, උබුන්ටු ලිනක්ස් (English: Ubuntu) මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන නිමවා ඇත. එහෙයින් මෙය "මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව" වශයෙන් හැඳින් වේ.
ඉතිහාසය[සංස්කරණය]
ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2012 ජුනි 30 වන දින ශ්‍රී ලංකීය පාසල් පද්ධතිය සදහා හදුන්වා දෙන ලදී. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ගුරුවරුන් මෙන් ම විවෘත මෘදුකාංග සඳහා ඇලුම් කරන ප්‍රජාවගේ දායකත්වය ලබා ගැණිනි.
මුල්වරට ISURU Linux 12.04 සංස්කරණය නිකුත් කරනු ලැබූ අතර දෙවන සංස්කරණය වුයේ ISURU Linux 14.04 සංසකරණයයි. මෙම ප්‍රධාන සංස්කරණය තුලින් ලබා ගත් අත්දැකීම් පාදක කර ගනිමින් 2016 අප්‍රේල් 30 වන දින ISURU Linux 16.04 "වෙනසකට" ("For a Difference") ලෙස නව සංස්කරණයක් නිකුත් කරණ ලදී.
භාවිතය[සංස්කරණය]
ශ්‍රී ලංකාවේ අ.පො.ස. උසස් පෙළ හා අ.පො.ස. සාමාන්‍ය පෙළ "තොරතුරු සංනිවේදන තාක්ෂණය" විෂය ඉගැන්වීම සඳහා භාවිතා කරණු ලැබේ.
භාගත කර ගැනීම[සංස්කරණය]
මෙම මෙහයෙුම් පද්ධතිය ඉසුරු ලිනක්ස් නිළ වෙබ් අඩඩිය හරහා භාගත කර ගැනීමට හැකිය. එසේ නෙමැති නම් (ISURU Linux 16.04) බාගත කරගැනීමේ මෙම සබැඳිය භාවිතා කල හැකිය.
ඉසුරු ලිනක්ස් ස්ථාපනය කිරීම[සංස්කරණය]
ස්ථාපිත ආකාර[සංස්කරණය]
මෙම මෙහෙයුම් පද්ධතිය පරිගණකය තුල ස්ථාපිත කිරීමට භාවිතා කල හැකි ක්‍රම 3ක් පවතී.
- Virtual Machine (VM) එකක් භාවිතා කිරීම මගින්
- Dual Boot ක්‍රමය භාවිතා කිරීම මඟින් (ද්විත්ව මෙහෙයුම් පද්ධති)
- මෙම මෙහෙයුම් පද්ධතිය පමණක්
ලෙස ස්ථාපිත කළ හැකි අතර පහත පද්ධති අවශ්‍යතා සැලකිය යුතුය.
පද්ධති අවශ්‍යතා[සංස්කරණය]
ඉසුරු ලිනක්ස් 14.04 සඳහා මතු දැක්වෙන අවම පද්ධති අවශ්‍යතා නිර්දේශ කර ඇත.
- Architecture: IA-32
- Processor: 1 GHz Pentium 4 processor
- RAM: 1 GB
- Hard Disk Space: 15 GB (30 GB නිර්දේශ කරනවා)
- Resolution: 1024 X 768
ඉසුරු ලිනක්ස් 16.04 සඳහා මතු දැක්වෙන අවම පද්ධති අවශ්‍යතා නිර්දේශ කර ඇත.
- Architecture: IA-32, AMD64
- Processor: 2 GHz Dual Core processor
- RAM: 2 GB
- Hard Disk Space: 25 GB (30 GB නිර්දේශ කරනවා)
- Resolution: 1024 X 768
ඉසුරු ලිනක්ස් නවතම සංස්කරණයන්, උබුන්ටු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන නිමවා ඇති බැවින් උබුන්ටු ලිනක්ස් හී අවම පද්ධති අවශ්‍යතා හා සමපාත වේ.
ඉසුරු ලිනක්ස් නිකුත් කිරීම්[සංස්කරණය]
ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ සංස්කරණ කීපයක් හදුන්වා දී ඇත. මේ දක්වා නිකුත් කල, අනාගතයේ නිකුත් කිරීමට ඇති ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ සංස්කරණ පිළිබඳ විස්තර පහත පරිදි දැක්විය හැක.
සංස්කරණය | ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ නම | නිකුත් කල දිනය | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
12.04 LTS | ||||||||||||||||
14.04 LTS | ||||||||||||||||
16.04 LTS | ||||||||||||||||
18.04 LTS | ||||||||||||||||
20.04 LTS | ||||||||||||||||
Legend: | Red | Release no longer supported | Yellow | Release still supported | Green | Latest version | Blue | Future release |
උදව් සහ තාක්ෂණික සහාය[සංස්කරණය]
මේ සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පුහුණු කරන ලද විශේෂිත ඉසුරු ලිනක්ස් කණ්ඩායමක් පිහිටුවා ඇත. ජාතික මට්ටමින් මෙන්ම පළාත් මට්ටමින් පුහුණු කරමින් ගොඩනගන මෙම කණ්ඩායම ඔස්සේ කලාප සහ පළාත් මට්ටමින් මෙම මෙහෙයුම් පද්ධතිය භාවිත කිරීමේ දී ඇති වන ප්‍රායෝගික ගැටළු නිරාකරණය කිරීමට මෙන් ම මඟ පෙන්වීම සිදු කරනු ලබයි.
මෙම ගුරුවරුන් පුහුණු කිරීම් සඳහා මෙන් ම දෝෂ නිරාකරණය සඳහා විවෘත මෘදුකාංග භාවිත කරන ප්‍රජාවගෙන් ලැබෙන සුවිශේෂ සහය අති විශාල වන අතර ඔවුන්ගේ සහය සඳහා ෆෝරමය හෝ සමාජ ජාල වෙබ් අඩවි (පිටුව) භාවිතා කල හැකිය.
මීට අමතරව ශ්‍රී ලංකීය පාසල් පද්ධතිය තුල සිටින ගුරුවරුන්ගේ නිදහස් හා විවෘත පරිගණක මෘදුකාංග පිළිබද දැනුම වර්ධනය කිරීමට "ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත" නමින් ගුරු පුහුණු පොතක් ද ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකසා, මුද්‍රණය කර ශ්‍රී ලංකීය පාසල් පද්ධතිය තුල බෙදා හැර ඇත.
යෙදුම් මෘදුකාංග එකතුව[සංස්කරණය]
ඉසුරු ලිනකස් මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව ඔස්සේ විවිධ අංශ යටතේ පෙර නිමියෙන් ම එක් කර ඇති යෙදුම් මෘදුකාංග විශාල සංඛ්‍යාවකි. මේසේ විශාල යෙදුම් මෘදුකාංග ප්‍රමාණය එක් කිරීම තුළින් අධ්‍යාපන අමාත්‍යංශය පාසල් පද්ධතියේ දෛනික ක්‍රියාකාරීත්වයට අවශ්‍ය සියළුම මෘදුකාංග මේ තුල ඒකරාශී කර පද්ධතියට ලබා දීමට බලාපොරොත්තු වෙයි. මෙම මෘදුකාංග කාණ්ඩ ගණනාවකි. එනම්:
- කාර්යාල මෘදුකාංග
- චිත්‍රක මෘදුකාංග
- ක්‍රමලේඛන භාෂා මෘදුකාංග
- සජීවීකරණ මෘදුකාංග
- බහුමාධ්‍ය මෘදුකාංග
- සර්වර් මෘදුකාංග
- අධ්‍යාපන මෘදුකාංග
- අධ්‍යාපනික ක්‍රීඩා මෘදුකාංග
ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත[සංස්කරණය]
ඉසුරු ලිනක්ස් සමඟින් ලැබෙන යෙදුම් මෘදුකාංග භාවිතය පිළිබඳවත් ඒවා පංතිකාමරයේ භාවිත කරන ආකාරය පිළිබඳවත් ප්‍රායෝගිකව අත්දැකීම් ලබා දීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන ඉසුරු ලිනක්ස් පුහුණු වැඩසටහන් සඳහා සකස් කළ ලේඛනය "ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත" වශයෙන් හැඳින්වේ. එම අත්පොත භාගත කර ගැනීමට හෝ කියවීමට මෙම යොමුව භාවිත කරන්න.