ඉස්ලාම් ධර්මය සහ ළමුන් - කුර්- ආනයේ ළමුන්ගැන සදහන් වෙන කරැණු

විකිපීඩියා වෙතින්

"ඉස්ලාම් ධර්මය සහ ළමුන්" යන මාතෘකාව යටතේ ඉස්ලාම් ධර්මයේ සඳහන් වෙන ළමා අයිතීන්, ළමුන් විසින් තම දෙමාපියන් කෙරෙහි ඉටු කළ යුතු යුතුකම්, දෙමව්පියන්ට තම දරුවන් සම්බන්ධයෙන් ඇති අයිතීන් ආදී කරුණු දැක්වේ. මෙහිදී "ළමුන්" යන්නෙන් ගැහැණු හා පිරිමි ළමුන් මෙන්ම, තමන්ගේම දරුවන් හා හදාවඩාගත් දරුවන්ද අදහස් කෙරේ. මෙහිදී සාකච්ඡාවට ලක්වෙන තවත් කරුණක් වන්නේ විවිධ මතවාදයන් හා සාපේක්ෂව සලකනු ලබන අයිතීන් පිළිබඳ ඇති වෙනස්කම්ය.


කුර් - ආනයේ දැක්වෙන ළමුන්[සංස්කරණය]

කුර්-ආනයෙහි "ළමුන්"යන්න සඳහා නොයෙක් වචන භාවිතා වේ. (උදා: අරාබි වචන වන දුර්රියියා, ගුලාම්, ඉබ්න්, වලාද්, වාලිද්, මවුලුද්, සබි, තිෆ්ල්, සාගිර්) නමුත් අන්වර් ගිලාදි පවසන පරිදි මෙම වචන විශේෂයෙන් ම ළමුන් ගැන කියන බවට එම වචන අඩංගු ප්‍රකරණයෙන් පැහැදිලි වන්නේ ඉතා කලාතුරකිනි. කුර් - ආනය ළමුන් ගැන කර ඇති ප්‍රකාශ, මූලිකවම ළදරු ඝාතන, දරුකමට හදා වඩා ගැනීම, මව්කිරි ලබා දීම සහ පියා නැති දරුවන් වැනි කරුණු ආශ්‍රයෙන් ගොඩනැගී ඇති බව ගිලාදි පෙන්වා දෙයි. කුර් - ආනයේ දැක‍්වෙන මෙම ප්‍රකාශයන් පසු කාලීනව ඉස්ලාමීය ව්‍යවස්ථාදාන සම්පාදනය කළ මුස්ලිම් නීතිවේදින්ට ප්‍රමාණාත්මක වශයෙන් සහ ආචාරධර්ම වලට අනුව ඉතා වැදගත් විය.

සටහන්[සංස්කරණය]

Children's rights in Islam