ඉල් මැස්සා
ඉල් මැස්සා කුකබිටේසියේ කුලයේ එලවලු හා පලතුරු වල බරපතල හානි ඇති කරන පළිබොධකයෙක්. ඉතා පහසුවෙන් මර්දනය කරගත පුළුවන් උනත්, යම් හේතූන් නිසා තාමත් ගොවීන් ඉල් මැස්සා ගේ හානියෙන් අස්වැන්න හානි කර ගන්නව දැකීමට පුළුවන්. ඉල් මැස්සා හානි කරන්නෙ කුකබිටේ කුළයේ එලවලු වල, ඒ කියන්නෙ පතෝල, වැටකොලු, වට්ටක්කා, කරවිල, කැකිරි, ගර්කින්, දිය ළබු වගේ එළවලු විතරක් විතරක් නොවේ පැනි කොමඩු වගේ පළතුරු වලට.
සත්ත්ව රාජධානියෙ, ආත්‍රොපොඩා වන්ශයේ, ඉන්සෙක්ටා වර්ගයේ ඩිප්ටෙරා කුළයේ, ටෙප්‍රිටිඩේ කියන ගෝත්‍රයට අයිති බැක්ට්‍රොසෙරා ගණයේ විශේෂ 4000 කට වඩා මේ වෙනකොට සොයාගෙන තිබේ. මෙයින් විශේෂ 250 කට ආසන්න සංඛ්‍යාවක් ආර්ථික වැදගත්කමක් ඇති අතර ඔවුන් ලෝකයේ සෞම්‍ය, උප නිවර්තන සහ නිවර්තන කලාපවල පුළුල්ව පැතිරිලා ගොස් ඇත.
කුකර්බිටේ, ඩෝර්සාලිස්, සෝනාටස්, ඩිවර්සස්, ටාවු, ඔලී, ඔපිලියා, ක්‍රවුසි, ෆෙරුගිනියස්, කොඩටස්, සිලියැටස්, කුඩ, ෆ්රූන්ෆෙල්ඩි, ඔක්සිපිටිලිස්, ඔපියෝලිස්, ට්‍රයොනි, ට්‍රයොනි, ට්‍රැක්ටෝනි වගේ විශේෂ ගනනාවක් අතරින් බැක්ට්‍රොසෙරා කුකර්බිටේ (Bactrocera cucurbitae) සහ බැක්ට්‍රොසෙර ඩෝර්සාලිස්ව (Bactrocera dorsalis)
ලංකාවෙ අපි අදුනන්නනේ ඉල් මැස්සා සහ පළතුරු මැස්සා විදිහට
හානිය
සාමාන්‍යයෙන් ගැහැණු සතුන් ඩිම්බ මෝචනය සමඟ මෘදු පළතුරු පටකසිදුරු කර ඒවායේ බිත්තර දැමීමට කැමැත්තක් දක්වනවා. බිත්තර දාන්න විදින ලද සිදුරෙන් තරලයක් පිටවේ. එය තරල පිටතදි තරමක් ඝන බවට පත්වී දුඹුරු දුම්මල බවට පරිවර්තනය වේ. සමහර විට පලතුරු සම මත ව්‍යාජ සිදුරු (බිත්තර රහිත සිදුරු) ද නිරීක්ෂණය කිරීමට හැකිය. මේ සිදුරු සහ දුම්මල, නිෂ්පාදනයේ වෙළඳපල වටිනාකම අඩු කරයි. මැගොට්ස් කියලා හදුන් වන කීට අවධිය පලතුරු ඇතුළත කා දමමින් වර්ධනය වුනත් ඇතැම් විට මල් හා කඳන් ද කා දමයි.කීටයන් විසින් අහාරයට ගනු ලැබීමෙන් එළවලුවේ මෘදු පටක මිය යයි. තරුණ කීටයන් මියගිය කලාපයෙන් ඉවත්ව නිරෝගී පටක වලට ගමන් නවා. එහිදී ඔවුන් බොහෝ විට වෙනත් විවිධ රෝග කාරක හඳුන්වා දෙන අතර පලතුරු කුණු වීමට ලක් වෙනවා.
ජීවන චක්‍රය
☘️ගෙඩිය විදල දාපු බිත්තර දින 3-5 වගේ කාලයක දී පුපුරලා කීටයන් එලියට පැමිණෙයි. ඒ කාලය බෝගයේ හැටියටත් වෙනස් වෙන්න පුළුවන්. එළවලුව අහාරයට ගනිමින් වැඩෙන කීටයන් සිදුරක් සාදමින් එලියට ඇවිත් පසට වැටෙති. ජීවන චක්‍රයේ මීළග අවිධිය ගෙවෙන්නෙ පස තුලයි.පසතුළදී පිළා අවස්ථාවට පත්වන මොවුන්ගේ පිළා කාළය දින 7- සිට 15 දක්වා වෙනස් වෙන්න පුළුවන්. ඉන් පසුව පිළා කෝෂ පුපුරාගෙන සුහුඹුල් මැස්සන් එලියට පැමිණෙති.
මර්ධනය
ඉල් මැස්සා මර්ධනය සදහා සමෝධාන්විත පළිබෝධ පාළන ක්‍රම අනූගමනය කිරීමට පුලුවන්. ප්‍රදාධානම දේ තමයි ක්ශේත්‍රය පිරිසිදුව තබා ගැනීම. මැස්සන් විදින ලද, තරළ වැගිරෙන, දුම්මල සෑදුනගෙඩි/ කරල් කඩලා බිමට දාන්න එපා. මොකද ඒවා ඇතුලෙ කීට අවස්තාවේ පණුවන් සිය ගනනක් සිටියි. ඉතින් ඔවුන් ට ජීවන චක්‍රය සම්පූර්ණ කරගැනීමට යන්න අවශ්යයි. ඔබ ඒ අවස්ථාව සම්පූර්ණ කරගැනීමට ඉඩ දෙන්න එපා. හානි වූ ගෙඩි සියල්ලම කඩා කලු පාට පොලිතීන් මල්ලක දමා කට ගැට ගහලා අවුවෙන් තියලා තියන්න. එතකොට කීට අවස්තාව මර්දනය කරන්න පුළුවන්.රේක්කය කින් ක්ෂෙත්‍රයේ පස පෙරලීම මගින් පිළා අවස්ථාව පොළව මතුපිටට ගන්න පුළුවන්. එතකොට ඔවුන් කුරුල්ලන් ගේ ආහාර බවට පත්වෙනවා. ඒ වගේම ෆෙරමෝන් උගුල් භාවිතයෙන් සුහුඹුල් මැස්සන් අල්ලා ගන්නත් පුලුවන් ගෙඩි/කරල් පොලිතීන් මගින් ආවරණයෙනුත් හානිය වලක්වාගන්න පුළුවන්. නමුත් පොලිතීන් පරිසරයට බැහැර කරත්දි වෙනත් පරිසර හානියක් නොවෙන්න වග බලාගන්න ඕනෙ. මේ ක්‍රම මගින් ඔයාගෙ වගාව ඉල්මැස්සාගේ හානියෙන් ආරක්ෂා කර ගන්නත් වැඩි ලාබයක් ලබා ගන්නත් පුළුවන්.....