Jump to content

ඉබුප්‍රොෆෙන්

විකිපීඩියා වෙතින්
ඉබුප්‍රොෆෙන්
(R)-ibuprofen
Systematic (IUPAC) name
(RS)-2-(4-(2-Methylpropyl)phenyl)propanoic acid
සායනික දත්ත
Trade names ඇඩ්විල්, මොට්‍රින්, නුරෝෆෙන්, බෘෆෙන් වෙනත්
AHFS/Drugs.com Monograph
MedlinePlus a682159
Licence data EMA:[[[:සැකිල්ල:EMA-EPAR]] Link], US Daily Med:link
Pregnancy cat. C (AU) C (US) ඩක්ටස් ආටෙරියෝසස් අකාලයේ වැසීමේ හැකියාව හේතුවෙන්, ගර්භණී සති ≥30 දී D (US)[1]
Legal status OTC (AU) OTC (CA) GSL (UK) OTC (US)
Routes මුඛයෙන්, ගුද මාර්ගයෙන්, ස්ථානිකව, අන්තශ්ශෛරිකව
Pharmacokinetic data
Bioavailability 80–100% (මුඛයෙන්),[2] 87% (ගුද මාර්ගයෙන්)
Protein binding 98%[3]
Metabolism Liver (CYP2C9)[3]
Half-life පැය 2–4 [4]
Excretion මුත්‍රා හරහා (95%)[3][5]
Identifiers
ATC code ?
Synonyms අයිසොබියුටයිල්ෆීනයිල්ප්‍රොපියොනික් අම්ලය
Chemical data
Formula C13H18O2 
  • CC(C)Cc1ccc(cc1)[C@@H](C)C(=O)O
  • InChI=1S/C13H18O2/c1-9(2)8-11-4-6-12(7-5-11)10(3)13(14)15/h4-7,9-10H,8H2,1-3H3,(H,14,15) YesY
    Key:HEFNNWSXXWATRW-UHFFFAOYSA-N YesY

Physical data
Density 1.03 g/ml g/cm³
Melt. point 75–78 °C (167–172 °F)
Boiling point 157 °C (315 °F) at 4 mmHg
Solubility in water 0.021 mg/mL (20 °C)
 YesY (what is this?)  (verify)

ඉබුප්‍රොෆෙන් යනු වේදනාව, උණ සහ දැවිල්ලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහික ඖෂධ (NSAID) පන්තියේ ඖෂධයකි.[6] මෙය භාවිතා කරන අවස්ථා වලට වේදනාකාරී ඔසප් කාලයන්, ඉරුවාරදය සහ රූමැටොයිඩ් ආතරයිටිස් (රූමැටිසියාභ පර්වප්‍රදාහය) ඇතුළත් වේ.[6] නොමේරූ ළදරුවෙකුගේ පේටන්ට් ඩක්ටස් ආටෙරියෝසස් වැසීමට ද එය භාවිතා කළ හැකිය.[6] එය මුඛයෙන් හෝ අන්තශ්ශෛරිකව භාවිතා කළ හැක.[6] එය සාමාන්‍යයෙන් පැයක් ඇතුළත ක්‍රියා කිරීමට පටන් ගනී.[6]

පොදු අතුරු ආබාධ අතර අජීර්ණ සහ කැසීම ඇති වේ.[6] අනෙකුත් NSAID වර්ග හා සසඳන විට, මෙමගින් ආමාශ ආන්ත්‍රික රුධිර වහනය වැනි අතුරු ආබාධ අඩු විය හැකිය.[7] එය හෘදයාබාධ, වකුගඩු අකර්මණ්‍ය වීම සහ අක්මාව අකර්මණ්‍ය වීමේ අවදානම වැඩි කරයි.[6] අඩු මාත්‍රාවලින් එය හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරන බවක් නොපෙනේ; කෙසේ වෙතත්, වැඩි මාත්‍රාවලින් එය සිදුවිය හැකිය.[7] ඉබුප්‍රොෆෙන් ඇදුම රෝගය තවත් උග්‍ර කළ හැකිය.[7] මුල් ගර්භනී අවධියේදී එය ආරක්ෂිතද යන්න පැහැදිලි නැතත්,[6] පසුකාලීන ගර්භනී අවධියේදී එය හානිකර බව පෙනේ, එබැවින් එය නිර්දේශ නොකරයි.[8][9] මව්කිරි දීමේදී භාවිතය ආරක්ෂිත ය.[9][8] අනෙකුත් NSAID වර්ග මෙන්, එය සයික්ලොඔක්සිජන්ස් එන්සයිමයේ ක්‍රියාකාරිත්වය අඩු කිරීමෙන් ප්‍රොස්ටැග්ලැන්ඩින් නිෂ්පාදනය නිෂේධනය කිරීමෙන් ක්‍රියා කරයි.[6] ඉබුප්‍රොෆෙන් යනු අනෙකුත් NSAID වලට වඩා දුර්වල ප්‍රති-ප්‍රදාහික කාරකයකි.[7]

ඉබුප්‍රොෆෙන් 1961 දී බූට්ස් යූකේ ලිමිටඩ් හිදී ස්ටුවර්ට් ඇඩම්ස් විසින් සොයා ගන්නා ලද අතර මුලින් එය බෲෆෙන් ලෙස අලෙවි කරන ලදී.[10] එය නුරෝෆෙන්, ඇඩ්විල් සහ මොට්‍රින් ඇතුළු වෙළඳ නාම ගණනාවක් යටතේ ලබා ගත හැකිය.[6][11] එය ප්‍රථම වරට 1969 දී එක්සත් රාජධානියේ සහ 1974 දී එක්සත් ජනපදයේ අලෙවි කරන ලදී.[6][10] එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ අන්තර්ගත අතර,[12] සාමාන්‍ය ඖෂධයක් ලෙස ලබා ගත හැකිය.[6] සංවර්ධනය වෙමින් පවතින රටවල තොග මිල මාත්‍රාවකට US$ US$ 0.01 ත් 0.04 ත් අතර වේ.[13] එක්සත් ජනපදයේ, මාත්‍රාවකට US$ 0.05 ක් පමණ වැය වේ.[6] 2017 දී, එය එක්සත් ජනපදයේ බහුලවම නිර්දේශිත ඖෂධ අතරින් 28 වන ස්ථානයේ වූ අතර, මිලියන 24 කට වඩා වැඩි බෙහෙත් වට්ටෝරු ප්‍රමාණයක අන්තර්ගතව තිබුණි.[14][15]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "Drugs.com pregnancy" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. Davanzo, R; Bua, J; Paloni, G; Facchina, G (November 2014). "Breastfeeding and migraine drugs". European Journal of Clinical Pharmacology (Review). 70 (11): 1313–24. doi:10.1007/s00228-014-1748-0. PMID 25217187.
  3. 1 2 3 Davies, NM (February 1998). "Clinical pharmacokinetics of ibuprofen: The first 30 years". Clinical Pharmacokinetics. 34 (2): 101–54. doi:10.2165/00003088-199834020-00002. PMID 9515184.
  4. Grosser, T; Ricciotti, E; FitzGerald, GA (August 2017). "The Cardiovascular Pharmacology of Nonsteroidal Anti-Inflammatory Drugs". Trends in Pharmacological Sciences (Review). 38 (8): 733–48. doi:10.1016/j.tips.2017.05.008. PMC 5676556. PMID 28651847.
  5. "Brufen Tablets And Syrup" (PDF). Therapeutic Goods Administration. 31 ජූලි 2012. 20 අගෝස්තු 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 මැයි 2014.
  6. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Ibuprofen". The American Society of Health-System Pharmacists. 9 September 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2016-10-12.
  7. 1 2 3 4 British National Formulary, March 2014–September 2014 (2014 ed.). London: British Medical Association. 2014. pp. 686–688. ISBN 978-0857110862.
  8. 1 2 "Ibuprofen use while Breastfeeding". Drugs.com (ඉංග්‍රීසි බසින්). 17 April 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 March 2021.
  9. 1 2 "Ibuprofen Pregnancy and Breastfeeding Warnings". Drugs.com. 9 September 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 May 2016.
  10. 1 2 Halford, GM; Lordkipanidzé, M; Watson, SP (2012). "50th anniversary of the discovery of ibuprofen: an interview with Dr Stewart Adams". Platelets. 23 (6): 415–22. doi:10.3109/09537104.2011.632032. PMID 22098129.
  11. "Chemistry in your cupboard | Nurofen". 5 June 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  12. World Health Organization (2019). World Health Organization model list of essential medicines: 21st list 2019. Geneva: World Health Organization. hdl:10665/325771. WHO/MVP/EMP/IAU/2019.06. License: CC BY-NC-SA 3.0 IGO.
  13. "Ibuprofen". 13 February 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 January 2016.
  14. "The Top 300 of 2020". ClinCalc. 12 February 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 April 2020.
  15. "Ibuprofen - Drug Usage Statistics". ClinCalc. 12 April 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 April 2020.
"https://si.wikipedia.org/w/index.php?title=ඉබුප්‍රොෆෙන්&oldid=790318" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි