ඉන් නොමිනේ ඩොමිනි
ඉන් නොමිනේ ඩොමිනි (ලතින් භාෂාවෙන් දෙවි පියාණන් වහන්සේගේ නාමයෙන්) යනු, IIවන නිකලස් පාප්වහන්සේ විසින් ලියැවුනු ශුද්ධාසන ආඥා පත්‍රයකි. මෙම ආඥාපත්‍රය නිකුත් කර ඇත්තේ 1059 අප්‍රේල් 13 දිනදී වන අතර[note 1] එය විසින් පාප් වරණය පිළිබඳ ක්‍රමවේදයෙහි විශාල ප‍්‍රතිසංස්කරණ ඇති කරන ලද අතර ඒවා අතරින් , පාප්වහන්සේ තෝරා පත් කරගැනුමෙහිදී ක්‍රියාවලියෙහිදී එකම ඡන්ද හිමියන් ලෙසින් කනිෂ්ඨ පූජ්‍ය පක්ෂයෙහි එකඟත්වය සහිතව කාදිනල්-රාජගුරුප්‍රසාදීන්වහන්සේලා සංස්ථාපනය කිරීම සංගණ්‍ය සිදුවීමකි.
පසුබිම
[සංස්කරණය]මෙම ආඥාපත්‍රය ප්‍රකාශයට පත්කෙරෙනතුරු , පාප්වහන්සේ තෝරාපත්කිරීම බොහෝ විට තීරණය කෙරුණේ රූකඩ මැතිවරණ ක්‍රමවේදයක් මගිනි.[2] ස්වර්ගස්ථවූ පාප්වහන්සේගේ ප්‍රතිස්ථාපනය බොහෝවිට ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යයා විසින් සෘජු ලෙසින් නම් කිරීම හෝ, ශුද්ධෝත්තම පියාණන් විසින්ම එතුමාගේ අනුප්‍රාප්තිකයා නම් කිරීම තුලින් සිදුවිය.[3] ශාසන නීතිය අනුව එවන් නම්කිරීමක් නීතික මැතිවරණයක් නොවූ අතර [4] නීත්‍යානුකූල ඡන්ද හිමියන් විසින් එම මනාපය අපරානුමත කල යුතුව ඇති අතර, නිරනුමානව ඔවුන් ස්වභාවයෙන්ම වාතාවරණය අනුව නැඹුරුවෙමින් රාජකීය අභිරුචිය සම්මත කිරීම සිදුවූ බව පෙනෙයි.[3][note 2]
1050 ගණන් වලදී, කාදිනල් හිල්ඩබ්‍රාන්ට් (අනාගත VII වන ග්‍රෙගරි පාප්වහන්සේ) විසින් අධිමතිය පිළිබඳ ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යයාගේ අයිතිවාසිකම අභියෝගයට ලක්කිරීම සිදුකලේය. [5] II වන නිකලස්තුමාගේ පූර්වප්‍රාප්තිකයා, IX වන ස්ටීවන්තුමා, තේරී පත් කෙරුණේ, III වන හෙන්රි අධිරාජ්‍යයාගේ මරණයෙන් පසුව සහ, III වන හෙන්රි විසින් පදවි ප්‍රාප්ත කරන ලද II වන වික්ටර් පාප්වහන්සේගේ මරණය එයින් මාස දොලහකට පසුව ඇතිවූ ව්‍යාකූලතා කාලසීමාවෙහිදීය.[5] IX වන ස්ටීවන්තුමාගේ තේරී පත්වීම සඳහා, සාම්ප්‍රදායික මූලික කාර්යයන් සහ රාජකීය නම්කිරීම සඳහා කාදිනල්වරුන්ගේ පොරොත්තුව නොතිබුනද, පොයිටූහි ඇග්නස් නම්වූ උපරාජ-අධිරාජිනියගේ සම්මුතිය ලබාගෙන තිබුණි.[5]
IX වන ස්ටීවන්තුමාගේ ස්වර්ගස්ථවීමෙන් පසුව, 1058 වසරෙහිදී පාප්වහන්සේ ලෙසින් එතුමාගේ පත්කීරීම සිදුවූ විගසින්, II වන නිකලස්තුමා විසින්, රාජකීය ලේඛනාරක්ෂකයෙක් සිටීම මගින් රාජකීය පිටසනද සහිතව, සූත්‍රි නගරයෙහි සිනඩයක් කැඳවන ලදි.[5] මෙම සිනඩයෙහි පළමුවන කාර්යය වූයේ, අවිධිමත් ලෙසින් තේරී පත්වූ සහ බලවත් ටුස්කුලුම් සිටුවරයා ගේ රූකඩයක් වූ සහ එවිට රෝමයෙහි සිටි X වන බෙනඩික්ට් ප්‍රතිපාප්වරයා හෙළා දැකීම සහ සභාවෙන් නෙරපීම විය.[6]
රැවුලැති ගොඩ්ෆ්‍රි නමැති ලොරේන් සාමිවරයා විසින් සපයාදුන් හමුදාව කැටුව, නිකලස්තුමා රෝමය වෙත ගමන් කල අතර, ප්‍රතිපාප්වර බෙනඩික්ට් පලා ගියේය.
ආශ්‍ර
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]- ^ XIIවන කාලසීමා නාමකරණය.[1]
- ^ III වන ඔටෝ අධිරාජ්‍යයා විසින්, V වන ග්‍රෙගරි සහ II වන සිල්වෙස්ටර් පාප්වහන්සේලා පත් කලේ එලෙසිනි.[3]
ආශ්‍ර
[සංස්කරණය]- ^ ඩෙපුවිට්, ලියෝ (1987). "A.D. 297 ඈස් ද බිලිනිං ඔෆ් ද ෆර්ස්ට් ඉන්ඩික්ෂන් සයිකල්". බුලටින් ඔෆ් ද ඇමරිකන් සොසයිටි ඔෆ් පැපයිරොලොජිස්ට්ස්. 24 (3–4). ද බුලටින් ඔෆ් ද ඇමරිකන් සොසයිටි ඔෆ් පැපයිරොලොජිස්ට්ස්: 137–139. සම්ප්‍රවේශය 17 මැයි 2012.
- ^ තැචර්, ඔලිවර් ජේ. (June 1971) [1907]. අ සෝර්ස් බුක් ෆො මෙඩීවල් හිස්ට්‍රි: සිලෙක්ටඩ් ඩොකියුමන්ට්ස් ඉලස්ට්‍රේටිං ද හිස්ට්‍රි ඔෆ් යුරප් ඉන් ද මිඩ්ල් ඒජ්. Ams Pr Inc. (1971 සංස්කරණය). p. 113. ISBN 0404063632.
- ^ a b c ෆැනිං, ඩබ්. (1911). "පේප්ල් ඉලෙක්ෂන්ස්". ද කැතලික් එන්සයික්ලොෆීඩියා. රොබට් ඇපල්ටන් සමාගම. ISBN 0840731752.
- ^ ස්මිත්, එස්. බී. (24 දෙසැම්බර් 2009) [1805]. "එකලේසියෑස්ටිකල් පනිෂ්මන්ට්ස්". එලිමන්ට්ස් ඔෆ් එකලේසියෑස්ටිකල් ලෝ. BiblioBazaar - ඓතිහාසික මුල් කෘතියෙහි යළි මුද්‍රණය. pp. 83–85. ISBN 978-1113699565.
- ^ a b c d හයින්රිෂ්, ෆ්‍රෙඩ්රිච් (1877). "දි එකලේසියෑස්ටිකල් ඉලෙක්ෂන් ඔෆ් පෝප්ස් / පෝප් නිකලස් II., 1059". In ෆෙයාර්ෆැක්ස්, එඩ්වඩ් (ed.). චර්ච් ඇන්ඩ් ස්ටේට්: දෙයාර් රිලේෂන්ස් හිස්ටොරිකලි ඩිවලප්ඩ්. බුක් ඔන් ඩිමාන්ඩ්. pp. 193–197. නොදනී ID:B007OFIHQ8.[permanent dead link]
- ^ මාන්, හොරන්ස් කේ. (1929). "පෝප් නිකලස් II". ද ලයිව්ස් ඔෆ් ද පෝප්ස් ඉන් ද මිඩ්ල් ඒජර්ස්. බී. හර්ඩර්. pp. 226–260. ASIN B001DIPEJA.