ඉති මෘණාලිනී
| ඉති මෘණාලිනී | |
|---|---|
සිනමාහල් පෝස්ටරයක් | |
| අධ්‍යක්ෂණය | අපර්ණා සේන් |
| රචනය | අපර්ණා සේන් රංජන් ඝෝෂ් |
| නිශ්පාදනය | ශ්‍රීකාන්ත් මෝහ්තා මහේන්ද්‍ර සෝනි |
| රංගන ශිල්පීන් | කොංකොනා සේන් ශර්මා අපර්ණා සේන් රජත් කපූර් ප්රියාංශු චැටර්ජී කෞශික් සේන් |
| සිනෙමාරූපණය | සෝමක් මුඛර්ජී |
| සංස්කරණය | රබිරංජන් මොයිත්‍රා |
| සංගීතය | දේබොජ්යෝති මිශ්රා |
| බෙදාහැරීම | ශ්‍රී වෙංකටේශ් ෆිල්ම්ස් |
නිකුත්වූ දින |
|
තිර කාලය | 128 මිනිත්තු |
| රට | ඉන්දියාව |
| භාෂාව | බෙංගාලි |
ඉති මෘණාලිනී ( බෙංගාලි: ইতি মৃণালিনী සිංහල: මෙයට ඔබේ, මෘණාලිනී ; ඉංග්‍රීසි: An Unfinished Letter ) යනු බෙංගාලි චිත්‍රපට නිෂ්පාදිකා අපර්ණා සේන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2011 ඉන්දියානු නාට්‍ය චිත්‍රපටයකි. කතාව සහ තිර රචනය යන දෙකම ලිවීම සඳහා සේ රංජන් ඝෝෂ් සමඟ සහයෝගයෙන් කටයුතු කළා ය. [1] මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ ශ්‍රී වෙංකටේශ් ෆිල්ම්ස් පුද්ගලික සමාගමේ ශ්‍රීකාන්ත් මොහ්තා සහ මහේන්ද්‍ර සෝනි විසිනි. [2] සමහර විචාරකයින් එය ඇගේ හොඳම කෘති අතරට සලකන අතර, මිස්ටර් ඇන්ඩ් මිසිස් අයියර් සහ 36 චෞරිංඝී ලේන් සමඟ ශ්‍රේණිගත කරයි. [3]
දශකයකට වැඩි කාලයක පමණ නිහැඬියාවකින් පසු සේන් අධ්‍යක්ෂණය කළ පළමු බෙංගාලි චිත්‍රපටය මෙයයි. ඇයගේ පෙර චිත්‍රපටය වූයේ 2000 දී නිර්මාණය වූ පාරොමිතාර් එක් දින් ය. ඉති මෘණාලිනී අධ්‍යක්ෂකගේ පළමු ප්‍රධාන ධාරාවේ ව්‍යාපෘතිය ලෙස සැලකේ. එය වයස්ගත වූ බෙංගාලි තරු නිළියකගේ (මෘණාලිනී) ජීවිතය කෙරෙහි අවධානය යොමු කරන අතර ඇය ඇගේ ජීවිතය දෙස ආපසු හැරී බලයි. අපර්ණා සේන් වර්තමාන මෘණාලිනී ලෙස රඟපාන අතර ඇගේ දියණිය වන කොංකොනා සේන් ශර්මා මෘනාලිනිගේ තරුණ කාලය නිරූපණය කරයි. [2] මෙම චිත්‍රපටයේ රජත් කපූර්, ප්රියාංශු චැටර්ජී, කෞශික් සේන්, ලෝකේත් චැටර්ජී සහ ජර්මානු නළු සුසෑන් බර්නර්ට් ද සහාය චරිත නිරූපණය කරති. කොංකොනා හැර අනෙකුත් සියලුම නළු නිළියන් අපර්ණා සේන්ගේ චිත්‍රපටවලට අලුත් ය. [4]
මෙය සේන් තිර රචකයෙකු සමඟ සහයෝගයෙන් කටයුතු කළ පළමු අවස්ථාව වූ අතර, [1] සහ බෙංගාලි අනුවාදයට සමගාමීව හින්දි භාෂාවෙන් ජාතික වශයෙන් නිකුත් කරන ලද සේන්ගේ පළමු චිත්‍රපටය ද විය. සේන් සහ ඇගේ දියණිය එකම චරිතයක් රඟපෑ පළමු අවස්ථාව ද මෙයයි. [1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- 1 2 3 "Konkona plays young mom Aparna". Deccan Herald. සම්ප්‍රවේශය 2011-07-24. උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>tag; name "Konkona plays young mom Aparna" defined multiple times with different content. - 1 2 "Aparna and Konkona in Iti Mrinalini". Screen. 25 September 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-08-21. උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>tag; name "Aparna Sen announces Iti Mrinalini" defined multiple times with different content. - ↑ "Aparna Sen's best since Mr and Mrs Iyer". India Abroad-Digital. සම්ප්‍රවේශය 2011-05-30.
- ↑ Nag, Kushali (2009-09-23). "Other casts of Iti Mrinalini". The Telegraph. Calcutta, India. 4 June 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-09-23.
බාහිර සබැඳි
[සංස්කරණය]- Iti Mrinalini හා සබැඳි අයිඑම්ඩීබී යොමුව