Jump to content

ඉතියෝපියානු ගුවන් සමාගමේ 302 පියාසැරිය

විකිපීඩියා වෙතින්
ඉතියෝපියානු ගුවන් සේවයේ Flight 302 මාරක අනතුර
දිනය10 මාර්තු 2019 (2019-03-10)
සාරාංශයගුවන් යානයේ පාලනය ගිලිහී යාම.
ස්ථානයබිශොෆ්ටු, අඩ්ඩීස් අබාබා බොලේ ගුවන්තොටුපල අසල
මුළු මරණ157
ගුවන් යානය
ගුවන් යානා වර්ගයBoeing 737 MAX 8
ක්‍රියාකරුඉතියෝපියානු ගුවන් සමාගම
IATA ගුවන් ගමන් අංකයET302
ICAO ගුවන් ගමන් අංකයETH302
ඇමතුම් ලකුණඉතියෝපියානු 302
ලියාපදිංචියET-AVJ
ගමන්ගත් සියල්ලන්157
මගීන්149
කාර්ය මණ්ඩලය8
මරණ157
දිවි ගලවා ගත් අය0

ඉතියෝපියානු ගුවන් සේවයේ 302 ගුවන් යානය ඉතියෝපියාවේ අඩිස් අබාබා(Addis Ababa) හි බෝලේ(Bole) ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට කෙන්යාවේ නයිරෝබි හි ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ජාත්‍යන්තර මගී ගුවන් ගමනකි. 2019 මාර්තු 10 වන දින, ගුවන් ගමන ආරම්භ කළ බෝයිං 737 MAX 8 ගුවන් යානය ගුවන්ගත වී මිනිත්තු හයකට පසු බිෂොෆ්ටු නගරය අසලදී කඩා වැටුණි. යානයේ සිටි සියලුම මගීන් 149 දෙනා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනාම එම අනතුරින් ජීවිතක්ෂයට පත් විය.

ET 302 යනු ඉතියෝපියානු ගුවන් සේවයේ මේ දක්වා සිදු වූ මාරාන්තිකම අනතුර වන අතර 1996 දී කොමරෝස් අසල අනතුරකට හේතු වූ 961 ගුවන් යානය පැහැර ගැනීමේදී සිදුවූ මාරක අනතුරද මෙම 302 ගුවන් අනතුරට දෙවැනි වේ. එනම් සරල වචනයෙන් එය ඉතියෝපියාවේ සිදු වූ මාරාන්තිකම ගුවන් යානා අනතුර ද වන අතර, එය 1982 දී පුද්ගලයින් 73 දෙනෙකුට මරු කැඳවමින් ඉතියෝපියානු ගුවන් හමුදාවේ ඇන්ටනොව් An-26 ගුවන් අනතුරද අභිබවා යාමට තරම් වූ දරුණු ඛේදවාචකයකි.

ආශ්රිත

[සංස්කරණය]