ඈන් රණසිංහ

විකිපීඩියා වෙතින්

ඈන් රණසිංහ 1925 ඔක්තෝබර් 2 වන දින ඇනිලීස් කර්ට්ස් නමින් ජර්මනියේ එසන් හිදී උපත ලැබුවාය. ඇය ශී‍්‍ර ලංකාවේ ජීවත්වන ජාත්‍යන්තර කීර්තියටපත් කිවිඳියකි. නාසි ජර්මනියෙන්එංගලන්තයට පලා ආ ඇය ශී‍්‍ර ලංකීය මහාචාර්යවරයකු සමග විවාහ වූ අතර 1956 දී ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය ලබාගත්තාය. ඇගේ පළමු කාව්‍ය සංග‍්‍රහය වු The Sun That Sucks The Earth to Dry 1971 දී ප‍්‍රකාශයට පත්විය. ඇගේ රචනාවන් වැඩි ප‍්‍රමාණයන් කවි වූ නමුත් ඇය විසින්කෙටිකථාද ලියා පළකොට ඇත. ඇගේ කෘතිගුවන් විදුලිය ඔස්සේ විකාශය වී ඇති අතර රටවල් දාහතක භාෂෘවන් නවයකටපරිවර්තනය වී ඇත.

සිය ජීවන අත්දැකීම් මත පදනම් වූ ඇයගේ ලිවීම් ‘ඉතාමත් සංවේදී නොඑසේනම් අතිශයන් ප‍්‍රකම්පනය කරවන’ ලෙස හඳුන්වනු ලබයි. ඛේදවාචකයන් බෝහෝවිට ඈන් රණසිංහගේ කවිවල තේමාව වී ඇති අතර එය ‘1983 ජූලි’ වැනි ශී‍්‍ර ලංකවේ ප‍්‍රචණ්ඩ අතීතය සමග සමපාත වෙයි. ඇගේ බොහොමයක් කවිවලට මාතෘකා වී ඇත්තේ පරාරෝපනය සහ සුලූ ජාතිකයන්ට සිදුවන හිංසාවන්ය. සිය ලිවීම් වෙනුවෙන් ඈන් රණසිංහ දේශීය හා ජාත්‍යන්තර සම්මානයන් අතිවිශාල සංඛ්‍යාවකට පාත‍්‍ර වී ඇති අතර 1985 සහ 1992 වසරවල කවි සඳහාද, 1987 වසරේ ප‍්‍රබන්ධ නොවන රචනාවන් සඳහාදශී‍්‍ර ලංකා කලා මණ්ඩලය පිරිනැමූ සම්මානයන් ඒ අතර වෙයි. 1994 දී ඇය ශී‍්‍ර ලංකාවේ හොඳම කෙටිකථා සංග‍්‍රහය සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තාය. ඇය ශී‍්‍ර ලංකාවේඉංගී‍්‍රසි ලේඛකයින්ගේ සහයෝගීතාවයේ ආරම්භක සාමාජිකයා වන අතර බොහෝවිට එහි සඟරාව වන ක්‍ය්බබැකි හි සංස්කාරකවරිය වශයෙන්ද කටයුතු කරයි. ඇගේ නම The Oxford Companion to Twentieth Century Poetry (ඔක්සෆර්ඞ් සහ නිව්යෝර්ක්: ඔක්ස්ෆර්ඞ්, 1994) නාමාවලියටද ඇතුලත්ව ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ඈන්_රණසිංහ&oldid=396499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි