ඇස්පිරින් පිළිබඳ ඉතිහාසය

විකිපීඩියා වෙතින්

ඇස්පිරින් යනු වේදනා නාශක ඔසුවකි.එය නිෂ්පාදනය සහ වෙළදාම 1899 වසරේ සිට ඇරඹි ඇත.විලව්(Willow) සහ සැලිසිලේට් බහුල පැළෑටි භාවිතයෙන් මෙම ඖෂධය නිපදව ඇති අතර එම පැළෑටි ඊජිප්තුවේ බහුලවම දැකගත හැක. හිපපොක්රෙටස්(Hippocrates) වරුන් විසින් අතීතයේදී සලිසීලික් අඩංගු තේ පානය මගින් උන අඩු කර ගන්නා ලදී.හා අටවන සියවසේ මද භාගයේදී උණට,වේදනාවට සහ ඉදිමුම සහිත දැවිල්ලට විලව්(willow) ශාකයේ කෙදි සහිත පට්ටය විශේෂ ගුණයක් දෙන බව හදුනාගෙන තිබුණි.ලෙවිස් හා ක්ලාක්(Lewis and clark)විසින් කියා සිටින අන්දමට විලව් ශාකයේ කෙදි මගින් සාදන තේ උණ රෝගය සදහා ප්‍රතිකර්මයක් ලෙස 1803 -1806 දි භාවිතා කර ඇත.19 වන සියවසේදී ඖෂධ වේදීන් විසින් සැලිසිලික් අම්ලය අඩංගු විවිධ රසායනිකයන් නියම කරමින් පර්යේෂණය කටයුතු සිදුකළේය.

වර්ෂ 1853 චාල්ස් ප්‍රඩ්රික් ගෙහඩ්ට් නම් රසායන විද්‍යාඥ එතිල් ක්ලෝරයිඩ් සහ සෝඩියම් සැලිසිලේට් මගින් එතිල් සැලසිලික් අම්ලය නිපද විය හැකි බව සොයා ගන්න ලදී.19 වන සියවසේ දෙවන භාගයේදී වෙනත් ශාස්ත්‍රීය විද්‍යාඥයකු විසින් සංයෝගයක රසායනික ව්‍යුහයක් ප්‍රකාශයට පත් කල අතර වඩා හොද සංකලන ක්‍රමයක් සෝයගන්නා ලදී. ඖෂධ හා ඩ්‍රයිවර්ග සම්බන්ධ සමාගමක් වූ බේයර්(Bayer) සමාගමේ විද්‍යාඥ විසින් වර්ෂ 1897 දී සාමාන්‍ය සැලිසිලේට් ඖෂධය සදහා ආදේශකයක් ලෙස අඩු උත්දිපනයක් සහිත එතිල් සලසිලික් යොදා ගැනීම සදහා පර්යේෂණ ආරම්භ කරන ලදී.බේයර් සමගම විසින් වර්ෂ 1899 දී මෙම ඖෂධය අස්පිරින් ලෙස නම් කර එය ලොව පුරා විකිණීම ආරම්භ කරන ලදී.අස්පිරින් යනු බේයර් සමාගමේ මෙම ඖෂධයට යොදන ලද සන්නාම නමය වේ.කෙසේ වෙතත් මෙම වෙලද නාමය ලොව පුර අනිකුත් රටවල් මිලදී ගන්න ලදී.ඇස්පිරින් විසිවන සියවසේ මුල් භාගයේදී ජනප්‍රසාදයට පත්විය.1918 දී ස්පඤඤ උන වසංගතයකට ඇස්පිරින් සාර්ථකව ක්‍රියත්මක විය. අස්පිරින් මගින් ලැබෙන වෙළද වාසිය උග්‍ර තරගයකට මග පැදවිය.1918 දී ඇස්පිරින් විෂ වීම නිසා උණ රෝගීන් කීපදෙනෙක් මිය ගියේය.

1956 දී නිපදවන ලද paracetamol හා 1962 නිපදවන ලද ඉබුප්රෝටෙන් නිසා ඇස්පිරින් කෙරෙහි තිබු ජනප්‍රසාදය අඩු විය.1960 සහ 1970 ගණන්වල දී ජෝන් වෙන් විසින් සිදුකරන ලද සායනික අත්හදා බැලීම් මගින් ඇස්පිරින් වලට ප්‍රති කැටිකාරකයක් ලෙස කියා කල හැකි බව අනාවරණය කරන ලදී.මෙය කැටිගැසීම් ආශ්‍රිත රෝගීන්ට මහත් පිටු වහලක් විය. මේ නිසා විසිවන සියවසේ අවසන් දශකය තුල ඇස්පිරින්හි වෙළදාම නැවත වැඩිවිය.21 වන සියවසේදීත් ලොවපුරා හෟද රෝග සහ අඝතය වැලැක්වීමේ ඔසුවක් ලෙස මෙය භාවිත කරයි.

සැලිසිලේට් හි ඉතිහාසය[සංස්කරණය]

විලව් ශාකය හා අනිකුත් සැලිසිලේට් ඇති පැළෑටි මගින් මෙම ඖෂධය නිපදවීම ආදී Sumer වරුන් දක්වා ඇත අතීතයට දිව යයි.මේ පිලිබදව සෙල්ලිපි වලද සදහන්ව ඇත.එහි සදහන් වන අන්දමට willow හා myrtle(සදාහරිත ශාකයක්) නම් ශාක රුජ නාශකයක්,ප්‍රති උණ කාරකයක් ලෙස භාවිත කර ඇත.බටහිර වෛද්‍යා විද්‍යාවේ Maleria medica හි පිළිගත් කොටසක් ලෙස විලව් පොතු සම්මිශ්‍රනය පස්වන සියවසේදී භාවිත කර ඇත.Hippocrates නම් ග්‍රීක විද්‍යාඥයා විසින් ගැබ් දැරීමේදී ඇති වන උණ සදහා ඉහත මිශ්‍රනය නිර්දේශ කර ඇත.celsus නම් වෛද්‍යාවරයා විසින් විලව් කොළ මගින් ඉදිමුම සහිත දැවිල්ල ලක්ෂණ වන රතුවීම ,උණුසුම ,ඉදිමුම සහ වේදනාව ඉවත් කරන බවට අදහස් කරන ලදී. Galen ගේ කාල වකවානුවේ විලව් රෝමය හා අරාබිය තුල බහුලව භාවිත කෙරිණි.

18 සහ 19 වන සියවස[සංස්කරණය]

Edward Stone විසින් විලව් හි ගුණයට Peruvian පොතුවල ගුණයට සමාන බව ප්‍රකාශකර සිටියේය

1763 සැලිසිලේට් හි ප්‍රධාන හැරවුම් ලක්ෂය ලෙස සටහන් කල හැක.Edward Stone නම් ඉංග්‍රීසි ජාතික දේවගැතිවරයා විසින් රාජකීය සංගමයට ඉදිරිපත් කල ලිපියකි. එහි අඩංගු වුවේ විලව් පොතු වල චම්චත්කාරජනක සුව කිරීමේ බලය ගැනයි.තවද එහි ගැහෙන උණ සුව කිරීමට ඇති හැකිය මෙන්ම වරින් වර පවත්නා උණ,වේදනාව සහ තෙහෙට්ටුව වැනි මැලෙරියාවේ රෝග ලක්ෂණ වලටද මෙය මනා ඖෂධයක් බව සදහන් විය. ඔහු විසින් විලව් පොතු එකතු කර,වියලා කුඩුකර උණ සහ ගැහෙන උණ සහිත රෝගීන් විශාල පිරිසක් යොදා ගනිමින් පර්යේෂණ කළේය.මෙම ලිපිය මගින් Stone විසින් විලව් හි ගුණයට Peruvian පොතුවල ගුණයට සමාන බව ප්‍රකාශකර සිටියේය.මෙම නිසා 18 වන ශතවර්ෂයේ අග භාගයේදී විලව් Peruvian වෙනුවට ලාභදායක අශදේයකයක් ලෙස මහත් ජනප්‍රසාදයට පත්‍රවිය.

19 වන ශතවර්ෂයේ යුරෝපයේ කාබනික රසායනයේ මැදි අවදියේ බොහෝ විද්‍යාඥයින් බොහෝ ඖෂධ වල කියාකාරී සංයෝග වෙනකොට දැක්වීමට උත්සුක විය.ඉතාලියානු ජාතික රසායන විද්‍යාඥ Brugnatelli සහ Fontana ගේ අසාර්ථක උත්සාහයෙන් පසුව 1828 දී Joseph Buchner විසින් පිරිසිදු සැලිසික් ස්ඵටික ලබා ගන්න ආකාරයක් සොයා ගන්නා ලදී.1834 දී Henri Leroux විසින් ප්‍රමාණවත් සැලිසික් ඵලයක් ලබා ගැනීමට ක්‍රමයක් සොයා ගන්න ලදී.ස්විස්ටලන්ත ජාතික Johann Pagenstecher වේදනාව අඩු කරන ඖෂධයක් සොයා ගන්න ලදී.1838 දී ඉතාලියානු ජාතික රසායන විද්‍යාඥ Raffaele Piria විසින් විලව් හි ගුණ ඇති ප්‍රභල අම්ලය ලබා ගන්න ක්‍රමයක් සොයාගන්න ලද අතර එය සැලිසිලික් අම්ලය ලෙස නම් කරන ලදී.

19 වන සිය වැසේ මද භාගයේදී සලිසින්, සලිසිලික් අම්ලය සහ සෝඩියම් සැලිසිලේට් වැනි සැලිසිලේට් ඖෂධ වලට බලවත් ලෙස ඉල්ලුම වැඩි විය.මෙයට හේතුව වනුයේ විද්‍යාඥයින් තුල මෙම ඖෂධය තුල ඇති වේදනාව අඩු කිරීම,උණ අඩු කිරීම සහ ඉදිමුම අඩු කිරීමේ ගුණයන් පිළිබද දැනුම වැඩි වීම හේතු විය.කෙසේ වෙතත් මෙහි ඇති අතුරු අබධයක් වූ අමාශික උද්දීපනය (gastric irritation) මගින් මෙම ඖෂධය වටිනාකම අඩු විය.

ASA හි සංශ්ලේෂණය[සංස්කරණය]

බේයර් සමගම 1890 දී ඖෂධ පර්යේෂණ කටයුතු පුළුල් විය.එම සමගම විසින් නව ඖෂධ නිපදවීම සදහා වෙනමම කණ්ඩයම් පත් කෙරිණි.Arthur Eichengruin නම් විශ්ව විද්‍යාල රසයඥයගේ ප්‍රධානත්වයෙන් ඖෂධ සදහා පර්යේෂණ කරන ලදී.වර්ෂ 1894 දී Heinrich Dreser ප්‍රධානත්වය යටතේ තරුණ රසායන විද්‍යාඥFelix Hoffman මෙම ඖෂධපර්යේෂණ කණ්ඩායමට එකතු විය.එතිල් සලසිලික් අම්ලය හෙවත් ඇස්පිරින් නිෂ්පාදනයේදී Dreser, Eichengrün හා Hoffman ගේ ප්‍රධාන දායකත්වයක් දැක්විය.

20 වන සියවසට වඩා 21 වන සියවසේ ඇස්පිරින් නිෂ්පාදනයේ වගකීම වැඩි විය.ඇස්පිරින් හි අරඹය ශ්‍රස්ත්‍රීය පර්යේෂණ මත පදනම් විය.1987 දී රසායන විද්‍යාඥ Felix Hoffman විසින් ඇස්පිරින් හි ක්‍රියාකාරී අඩංගු ද්‍රව්‍ය සංශ්ලේෂණය කරන ලදී.

ඖෂධ නාමකරණය[සංස්කරණය]

Spirea, or meadowsweet, is the German namesake of Spirsäure (salicylic acid), and ultimately aspirin.


ඇස්පිරින් හි නමය ව්‍යුත්පන්න වුයේ ජර්මන් බසින් Acetylspirsäure මගිනි.Aspirin හි a අකුර මගින් acetylation ද spir මගින් Spirsäure ද අවසානයේ ඇති in කියවීමේ පහසුව සදහාද වශයෙන් යොදන ලදී.

අයීතිය සහ විකිණීම[සංස්කරණය]


ගේ මග පෙන්වීම යටතේ බේයර් සමගම විසින් ඖෂධ සදහා වන ආචාර ධර්ම පේටන්ට් සභාව ඉදිරියේදී ඉදිරිපත් කරන ලදී.ප්‍රචාරණය ආචාරධර්ම වලට සෘජුවම පටගැනි වීමක් ලෙස බොහෝ ඖෂධ සමාගම් සලකන ලදී.මෙම නිසා බේයර් සමගම වෛද්‍යාවරුන්ට සෘජුවමකේ ඇස්පිරින් අලෙවිය සිමා කරන ලදී.1899 ඇස්පිරින් නිෂ්පාදනය අරඹනා විට බේයර් සමාගම විසින් ඖෂධ පැකට් වෛද්‍යාවරුන්ට,ඖෂධවේදීන්ට සහ රෝහල් වලට යැවීම මගින්

ඇස්පිරින් භාවිතය සදහා පාරිභෝගිකයන් උනන්දු කල අතර එමගින් මෙම ඖෂධයේ ඇති ගුණය හා කියකරිත්වය පිලිබදව ඩ ප්‍රචාරයක් ලැබිණි.බේයර් සමාගමේ උත්සාහය සාර්ථක වෙමින් බලාපොරොතු වූ ආකාරයට රෝගීන්ගේ ආරක්ෂාව සලසමින් වෙළදාම සාර්ථක විය.එය බ්‍රිතානයට හා එක්සත්රජධානියට සදහා පේටන් බලපත්‍රය හිමි වුවද ජර්මනිය සදහා එය එසේ නොවිය.ASA අලෙවියේදී පවතී නිත්‍යනුකුල ව හා නිතී විරෝධි තරගයට මුහුණ දීම සදහා බේයර් සමගම විසින් ඇස්පිරින් සහ බේයර් සමගම අතර සම්බන්ධය ඒකාබද්ධ කරන ලදී.එක් උපාය මාර්ගයක් ලෙස ඇස්පිරින් පවුඩර් හදුන්වා දෙන ලදී.වර්ෂ 1903 දී සමාගම ඇමරිකාවේ උප ශාඛවක් ඇති කිරීම මගින් ඇමරිකානු වෙළද පොළ සදහා ආනයනික බද්දකින් තොරොව ඖෂධ නිපදවන ලදී. ජාවාරම්කරුවන්ට සහ පේටන්ට් අයිතීන් කඩකරන්නන්ට එරෙහිව 1903 දී බේයර් සමගම විසින් නඩු පවරන ලදී.

පළමු ලෝක යුද්ධය සහ බේයර් සමගම[සංස්කරණය]

වර්ෂ 1914 දී පළමු ලෝක යුද්ධයේ පැතිරීමත් සමග දේශීය ASA වෙළද පොලේ සහ අනෙකුත් ජර්මන් ඖෂධ සමාගම් සමග බේයර් සමාගමට තරගයට මුහුණ දීමට සිදුවිය.බ්‍රිතාන්‍ය වෙළද පොළ ජර්මන් සමාගම් වලට වැසිගියේය.නමුත් බ්‍රිතාන්‍ය නිෂ්පාදකයින්ට නිසියාකාරව අවශ්‍යතාවයන්ට ලගාකර ගැනීමට නොහැකි විය.1915 පෙබරවාරි 05 වන දා බේයර් සමාගම එක්සත් රාජධානියේ වෙළදනාමය අවලංගුකරන ලදී.එමනිසා ඇස්පිරින් යන වචනය ඕනෑම සමාගමකට භාවිතා කල හැකිවිය.එක්සත් රාජධානිය තුල බේයර් සමගම මගින් ජර්මන් පාලනය යටතේ පැවති අතර ,යුද්ධය මගින් ඇමරිකාවේ බේයර් සමගම සහ ජර්මනියේ බේයර්හි මුලස්ථානය අතර පැවති සම්බන්ධය කඩාකප්පල් කරන ලදී.


මුලාශ්‍ර[සංස්කරණය]

  • Diarmuid Jeffreys. Aspirin: The Remarkable Story of a Wonder Drug. New York: Bloomsbury Publishing, 2005. ISBN 1-58234-600-3
  • Charles C. Mann and Mark L. Plummer. The Aspirin Wars: Money, Medicine, and 100 Years of Rampant Competition. New York: Alfred A. Knopf, 1991. ISBN 0-394-57894-5

බාහිර සබැදුම්[සංස්කරණය]