Jump to content

ඇස්පිරින්

විකිපීඩියා වෙතින්
ඇස්පිරින්
Systematic (IUPAC) name
2-Acetoxybenzoic acid
සායනික දත්ත
Trade names බේයර් ඇස්පිරින්, වෙනත් නම්
AHFS/Drugs.com Monograph
MedlinePlus a682878
Licence data EMA:[[[:සැකිල්ල:EMA-EPAR]] Link], US Daily Med:link
Pregnancy cat. C (AU) ? (US)
Legal status OTC (AU) GSL (UK) OTC (US)
Routes By mouth, rectal, lysine acetylsalicylate may be given intravenously or intramuscularly
Pharmacokinetic data
Bioavailability 80–100%[1]
Protein binding 80–90%[2]
Metabolism Liver, (CYP2C19 and possibly CYP3A), some is also hydrolysed to salicylate in the gut wall.[2]
Half-life Dose-dependent; 2 h to 3 h for low doses (100 mg or less), 15 h to 30 h for large doses.[2]
Excretion Urine (80–100%), sweat, saliva, feces[1]
Identifiers
ATC code ?
Synonyms 2-acetoxybenzoic acid
acetylsalicylate
acetylsalicylic acid
O-acetylsalicylic acid
Chemical data
Formula C9H8O4 
  • O=C(C)Oc1ccccc1C(=O)O
  • InChI=1S/C9H8O4/c1-6(10)13-8-5-3-2-4-7(8)9(11)12/h2-5H,1H3,(H,11,12) YesY
    Key:BSYNRYMUTXBXSQ-UHFFFAOYSA-N YesY

Physical data
Density 1.40 g/cm³
Melt. point 136 °C (277 °F) [3]
Boiling point 140 °C (284 °F) (decomposes)
Solubility in water 3 mg/mL (20 °C)
 YesY (what is this?)  (verify)

ඇස්පිරින්, ඇසිටිල්සාලිසිලික් අම්ලය (ASA) ලෙසද හැඳින්වෙන අතර, එය වේදනාව, උණ හෝ ප්‍රදාහය (දැවිල්ල) අඩු කිරීමට භාවිතා කරන ඖෂධයකි.[4] ඇස්ප්‍රින් ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන විශේෂිත ප්‍රදාහ තත්වයන් අතර කවාසාකි රෝගය, පෙරිකාර්ඩයිටිස් සහ රූමැටික් උණ ඇතුළත් වේ.[4] හෘදයාබාධයකින් ටික කලකට පසු ඇස්ප්‍රින් ලබා දීමෙන් මරණ අවදානම අඩු වේ.[4] ඉහළ අවදානමක් ඇති පුද්ගලයින් තුළ තවදුරටත් හෘදයාබාධ, ඉස්කිමික් ආඝාත සහ රුධිර කැටි ගැසීම් වැළැක්වීම සඳහා ඇස්පිරින් දිගු කාලීනව භාවිතා කරයි.[4] එය ඇතැම් පිළිකා වර්ග, විශේෂයෙන් මහා අන්ත්‍ර පිළිකා ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය.[5] වේදනාව හෝ උණ සඳහා, බලපෑම් සාමාන්‍යයෙන් මිනිත්තු 30ක් ඇතුළත ආරම්භ වේ.[4] ඇස්පිරින් යනු ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධයක් (NSAID) වන අතර අනෙකුත් NSAID වලට සමානව ක්‍රියා කරන නමුත් පට්ටිකා වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය මර්දනය කරයි.[4]

එක් පොදු අතුරු ආබාධයක් වන්නේ බඩේ අමාරුවයි.[4] වඩාත් වැදගත් අතුරු ආබාධ අතරට ආමාශයේ වණ, ආමාශයේ ලේ ගැලීම සහ නරක අතට හැරෙන ඇදුම ඇතුළත් වේ.[4] වයස්ගත වූවන්, මත්පැන් පානය කරන අය, වෙනත් ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ (NSAID) වර්ග ගන්නා අය හෝ වෙනත් රුධිර තුනීකාරක ලබා ගන්නා අය අතර රුධිර වහනය වීමේ අවදානම වැඩිය.[4] ගර්භනී සමයේ අවසාන භාගයේදී ඇස්ප්‍රීන් නිර්දේශ නොකරයි.[4] රේයි සින්ඩ්‍රෝමය ඇතිවීමේ අවදානම නිසා ආසාදන ඇති දරුවන්ට එය සාමාන්‍යයෙන් නිර්දේශ නොකරයි.[4] අධික මාත්‍රා ගැනීම කන් කුරුකුරුව (ටින්ටිටස්) ඇති වීමට හේතු විය හැක.[4]

ඇස්ප්‍රින් සඳහා පූර්වගාමියෙකු ලෙස විලෝ ගසේ කොළ වල දක්නට ලැබෙන අතර එය අවම වශයෙන් වසර 2,400 ක් තිස්සේ එහි සෞඛ්‍ය බලපෑම් නිසා භාවිතා කර ඇත.[6][7] 1853 දී රසායන විද්‍යාඥ චාල්ස් ෆ්‍රෙඩ්රික් ගෙර්හාර්ඩ් විසින් පළමු වරට ඇසිටිල්සාලිසිලික් අම්ලය නිපදවීම සඳහා සෝඩියම් සැලිසිලේට් ඖෂධය ඇසිටිල් ක්ලෝරයිඩ් සමඟ මුසු කර ප්‍රතිකාර කරන ලදී.[8] ඊළඟ වසර පනහ තුළ, අනෙකුත් රසායනඥයින් රසායනික ව්‍යුහය ස්ථාපිත කර වඩාත් කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රම සොයා ගත්හ.[8] :69–751897 දී, බේයර් සමාගමේ විද්‍යාඥයින් සාමාන්‍ය සැලිසිලේට් ඖෂධ සඳහා අඩු උත්කෝපනයක් ඇති කරන ආදේශක ඖෂධයක් ලෙස ඇසිටිල්සාලිසිලික් අම්ලය අධ්‍යයනය කිරීම ආරම්භ කළහ.[8] :69–75 1899 වන විට, බේයර් එය "ඇස්පිරින්" ලෙස නම් කර ලොව පුරා අලෙවි කළේය.[9] විසිවන සියවසේ මුල් භාගයේදී ඇස්පිරින් වල ජනප්‍රියතාවය වර්ධනය වූ අතර එය බොහෝ වෙළඳ නාම සහ රසායන සූත්‍ර අතර තරඟයකට තුඩු දුන්නේය.[10] ඇස්පිරින් යන වචනය බේයර්ගේ වෙළඳ නාමය විය; කෙසේ වෙතත්, බොහෝ රටවල එම වෙළඳ ලකුණ සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි වී හෝ විකුණා දමන ලදී.[10]

ඇස්පිරින් යනු ලොව පුරා බහුලව භාවිතා වන ඖෂධවලින් එකක් වන අතර, සෑම වසරකම ටොන් 40,000 tonne (44,000 ton) ( පෙති බිලියන 50 සිට 120 දක්වා) පරිභෝජනය කරන බවට ඇස්තමේන්තු කර ඇත.[6][11] එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ ද ඇත.[12] 2014 වන විට, සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ තොග පිරිවැය මාත්‍රාවකට US$0.002 සිට US$0.025 දක්වා වේ.[13] 2015 වන විට , එක්සත් ජනපදයේ මාසයක සාමාන්‍ය ඖෂධ පිරිවැය US$25.00 ට වඩා අඩු විය.[14] එය සාමාන්‍ය ඖෂධයක් ලෙස ලබා ගත හැකිය.[4] 2017 දී, එය එක්සත් ජනපදයේ බහුලවම නිර්දේශිත ඖෂධ අතරින් 42 වන ස්ථානය වූ අතර, මිලියන 17 කට වඩා වැඩි ප්‍රමාණයක බෙහෙත් වට්ටෝරු ලියා තිබුණි.[15][16]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. 1 2 "Zorprin, Bayer Buffered Aspirin (aspirin) dosing, indications, interactions, adverse effects, and more". Medscape Reference. WebMD. 7 April 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 April 2014.
  2. 1 2 3 Brayfield, A, ed. (14 January 2014). "Aspirin". Martindale: The Complete Drug Reference. Pharmaceutical Press. 13 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 April 2014.
  3. සැකිල්ල:RubberBible92nd
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Aspirin". Drugs.com. American Society of Health-System Pharmacists. June 6, 2016. 25 April 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 August 2016."Aspirin".
  5. Patrignani P, Patrono C (August 2016). "Aspirin and Cancer". Journal of the American College of Cardiology. 68 (9): 967–76. doi:10.1016/j.jacc.2016.05.083. PMID 27561771.
  6. 1 2 Jones, Alan (2015). Chemistry: An Introduction for Medical and Health Sciences. John Wiley & Sons. pp. 5–6. ISBN 978-0-470-09290-3.
  7. Ravina, Enrique (2011). The Evolution of Drug Discovery: From Traditional Medicines to Modern Drugs. John Wiley & Sons. p. 24. ISBN 978-3-527-32669-3. 21 February 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 August 2020.
  8. 1 2 3 Jeffreys, Diarmuid (2008). Aspirin the remarkable story of a wonder drug. Bloomsbury Publishing USA. ISBN 978-1-59691-816-0. 8 සැප්තැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.:46–48
  9. Mann, Charles C.; Plummer, Mark L. (1991). The aspirin wars : money, medicine, and 100 years of rampant competition (1st ed.). New York: Knopf. p. 27. ISBN 978-0-394-57894-1.
  10. 1 2 "Aspirin". Chemical & Engineering News. 11 October 2008 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2007-08-13.
  11. Warner TD, Mitchell JA (October 2002). "Cyclooxygenase-3 (COX-3): filling in the gaps toward a COX continuum?". Proceedings of the National Academy of Sciences of the United States of America. 99 (21): 13371–3. Bibcode:2002PNAS...9913371W. doi:10.1073/pnas.222543099. PMC 129677. PMID 12374850.
  12. World Health Organization (2019). World Health Organization model list of essential medicines: 21st list 2019. Geneva: World Health Organization. hdl:10665/325771. WHO/MVP/EMP/IAU/2019.06. License: CC BY-NC-SA 3.0 IGO.
  13. "Acetylsalicylic Acid". International Drug Price Indicator Guide. 22 January 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 August 2016.
  14. Hamilton, Richart (2015). Tarascon pocket pharmacopoeia (2015 deluxe lab-coat ed.). Jones & Bartlett Learning. p. 5. ISBN 978-1-284-05756-0.
  15. "The Top 300 of 2020". ClinCalc. 18 March 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 April 2020.
  16. "Aspirin - Drug Usage Statistics". ClinCalc. 20 October 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 April 2020.
"https://si.wikipedia.org/w/index.php?title=ඇස්පිරින්&oldid=791017" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි