ඇස්පිරින්
| Systematic (IUPAC) name | |
|---|---|
| 2-Acetoxybenzoic acid | |
| සායනික දත්ත | |
| Trade names | බේයර් ඇස්පිරින්, වෙනත් නම් |
| AHFS/Drugs.com | Monograph |
| MedlinePlus | a682878 |
| Licence data | EMA:[[[:සැකිල්ල:EMA-EPAR]] Link], US Daily Med:link |
| Pregnancy cat. | C (AU) ? (US) |
| Legal status | OTC (AU) GSL (UK) OTC (US) |
| Routes | By mouth, rectal, lysine acetylsalicylate may be given intravenously or intramuscularly |
| Pharmacokinetic data | |
| Bioavailability | 80–100%[1] |
| Protein binding | 80–90%[2] |
| Metabolism | Liver, (CYP2C19 and possibly CYP3A), some is also hydrolysed to salicylate in the gut wall.[2] |
| Half-life | Dose-dependent; 2 h to 3 h for low doses (100 mg or less), 15 h to 30 h for large doses.[2] |
| Excretion | Urine (80–100%), sweat, saliva, feces[1] |
| Identifiers | |
| ATC code | ? |
| Synonyms | 2-acetoxybenzoic acid acetylsalicylate acetylsalicylic acid O-acetylsalicylic acid |
| Chemical data | |
| Formula | C9H8O4 |
| |
| |
| Physical data | |
| Density | 1.40 g/cm³ |
| Melt. point | 136 °C (277 °F) [3] |
| Boiling point | 140 °C (284 °F) (decomposes) |
| Solubility in water | 3 mg/mL (20 °C) |
| | |
ඇස්පිරින්, ඇසිටිල්සාලිසිලික් අම්ලය (ASA) ලෙසද හැඳින්වෙන අතර, එය වේදනාව, උණ හෝ ප්‍රදාහය (දැවිල්ල) අඩු කිරීමට භාවිතා කරන ඖෂධයකි.[4] ඇස්ප්‍රින් ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන විශේෂිත ප්‍රදාහ තත්වයන් අතර කවාසාකි රෝගය, පෙරිකාර්ඩයිටිස් සහ රූමැටික් උණ ඇතුළත් වේ.[4] හෘදයාබාධයකින් ටික කලකට පසු ඇස්ප්‍රින් ලබා දීමෙන් මරණ අවදානම අඩු වේ.[4] ඉහළ අවදානමක් ඇති පුද්ගලයින් තුළ තවදුරටත් හෘදයාබාධ, ඉස්කිමික් ආඝාත සහ රුධිර කැටි ගැසීම් වැළැක්වීම සඳහා ඇස්පිරින් දිගු කාලීනව භාවිතා කරයි.[4] එය ඇතැම් පිළිකා වර්ග, විශේෂයෙන් මහා අන්ත්‍ර පිළිකා ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය.[5] වේදනාව හෝ උණ සඳහා, බලපෑම් සාමාන්‍යයෙන් මිනිත්තු 30ක් ඇතුළත ආරම්භ වේ.[4] ඇස්පිරින් යනු ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධයක් (NSAID) වන අතර අනෙකුත් NSAID වලට සමානව ක්‍රියා කරන නමුත් පට්ටිකා වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය මර්දනය කරයි.[4]
එක් පොදු අතුරු ආබාධයක් වන්නේ බඩේ අමාරුවයි.[4] වඩාත් වැදගත් අතුරු ආබාධ අතරට ආමාශයේ වණ, ආමාශයේ ලේ ගැලීම සහ නරක අතට හැරෙන ඇදුම ඇතුළත් වේ.[4] වයස්ගත වූවන්, මත්පැන් පානය කරන අය, වෙනත් ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ (NSAID) වර්ග ගන්නා අය හෝ වෙනත් රුධිර තුනීකාරක ලබා ගන්නා අය අතර රුධිර වහනය වීමේ අවදානම වැඩිය.[4] ගර්භනී සමයේ අවසාන භාගයේදී ඇස්ප්‍රීන් නිර්දේශ නොකරයි.[4] රේයි සින්ඩ්‍රෝමය ඇතිවීමේ අවදානම නිසා ආසාදන ඇති දරුවන්ට එය සාමාන්‍යයෙන් නිර්දේශ නොකරයි.[4] අධික මාත්‍රා ගැනීම කන් කුරුකුරුව (ටින්ටිටස්) ඇති වීමට හේතු විය හැක.[4]
ඇස්ප්‍රින් සඳහා පූර්වගාමියෙකු ලෙස විලෝ ගසේ කොළ වල දක්නට ලැබෙන අතර එය අවම වශයෙන් වසර 2,400 ක් තිස්සේ එහි සෞඛ්‍ය බලපෑම් නිසා භාවිතා කර ඇත.[6][7] 1853 දී රසායන විද්‍යාඥ චාල්ස් ෆ්‍රෙඩ්රික් ගෙර්හාර්ඩ් විසින් පළමු වරට ඇසිටිල්සාලිසිලික් අම්ලය නිපදවීම සඳහා සෝඩියම් සැලිසිලේට් ඖෂධය ඇසිටිල් ක්ලෝරයිඩ් සමඟ මුසු කර ප්‍රතිකාර කරන ලදී.[8] ඊළඟ වසර පනහ තුළ, අනෙකුත් රසායනඥයින් රසායනික ව්‍යුහය ස්ථාපිත කර වඩාත් කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රම සොයා ගත්හ.[8] :69–751897 දී, බේයර් සමාගමේ විද්‍යාඥයින් සාමාන්‍ය සැලිසිලේට් ඖෂධ සඳහා අඩු උත්කෝපනයක් ඇති කරන ආදේශක ඖෂධයක් ලෙස ඇසිටිල්සාලිසිලික් අම්ලය අධ්‍යයනය කිරීම ආරම්භ කළහ.[8] :69–75 1899 වන විට, බේයර් එය "ඇස්පිරින්" ලෙස නම් කර ලොව පුරා අලෙවි කළේය.[9] විසිවන සියවසේ මුල් භාගයේදී ඇස්පිරින් වල ජනප්‍රියතාවය වර්ධනය වූ අතර එය බොහෝ වෙළඳ නාම සහ රසායන සූත්‍ර අතර තරඟයකට තුඩු දුන්නේය.[10] ඇස්පිරින් යන වචනය බේයර්ගේ වෙළඳ නාමය විය; කෙසේ වෙතත්, බොහෝ රටවල එම වෙළඳ ලකුණ සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි වී හෝ විකුණා දමන ලදී.[10]
ඇස්පිරින් යනු ලොව පුරා බහුලව භාවිතා වන ඖෂධවලින් එකක් වන අතර, සෑම වසරකම ටොන් 40,000 tonne (44,000 ton) ( පෙති බිලියන 50 සිට 120 දක්වා) පරිභෝජනය කරන බවට ඇස්තමේන්තු කර ඇත.[6][11] එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ ද ඇත.[12] 2014 වන විට[update], සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ තොග පිරිවැය මාත්‍රාවකට US$0.002 සිට US$0.025 දක්වා වේ.[13] 2015 වන විට[update] , එක්සත් ජනපදයේ මාසයක සාමාන්‍ය ඖෂධ පිරිවැය US$25.00 ට වඩා අඩු විය.[14] එය සාමාන්‍ය ඖෂධයක් ලෙස ලබා ගත හැකිය.[4] 2017 දී, එය එක්සත් ජනපදයේ බහුලවම නිර්දේශිත ඖෂධ අතරින් 42 වන ස්ථානය වූ අතර, මිලියන 17 කට වඩා වැඩි ප්‍රමාණයක බෙහෙත් වට්ටෝරු ලියා තිබුණි.[15][16]
මූලාශ්‍ර
[සංස්කරණය]- 1 2 "Zorprin, Bayer Buffered Aspirin (aspirin) dosing, indications, interactions, adverse effects, and more". Medscape Reference. WebMD. 7 April 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 April 2014.
- 1 2 3 Brayfield, A, ed. (14 January 2014). "Aspirin". Martindale: The Complete Drug Reference. Pharmaceutical Press. 13 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 April 2014.
- ↑ සැකිල්ල:RubberBible92nd
- 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Aspirin". Drugs.com. American Society of Health-System Pharmacists. June 6, 2016. 25 April 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 August 2016."Aspirin".
- ↑ Patrignani P, Patrono C (August 2016). "Aspirin and Cancer". Journal of the American College of Cardiology. 68 (9): 967–76. doi:10.1016/j.jacc.2016.05.083. PMID 27561771.
- 1 2 Jones, Alan (2015). Chemistry: An Introduction for Medical and Health Sciences. John Wiley & Sons. pp. 5–6. ISBN 978-0-470-09290-3.
- ↑ Ravina, Enrique (2011). The Evolution of Drug Discovery: From Traditional Medicines to Modern Drugs. John Wiley & Sons. p. 24. ISBN 978-3-527-32669-3. 21 February 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 August 2020.
- 1 2 3 Jeffreys, Diarmuid (2008). Aspirin the remarkable story of a wonder drug. Bloomsbury Publishing USA. ISBN 978-1-59691-816-0. 8 සැප්තැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.:46–48
- ↑ Mann, Charles C.; Plummer, Mark L. (1991). The aspirin wars : money, medicine, and 100 years of rampant competition (1st ed.). New York: Knopf. p. 27. ISBN 978-0-394-57894-1.
- 1 2 "Aspirin". Chemical & Engineering News. 11 October 2008 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2007-08-13.
- ↑ Warner TD, Mitchell JA (October 2002). "Cyclooxygenase-3 (COX-3): filling in the gaps toward a COX continuum?". Proceedings of the National Academy of Sciences of the United States of America. 99 (21): 13371–3. Bibcode:2002PNAS...9913371W. doi:10.1073/pnas.222543099. PMC 129677. PMID 12374850.
- ↑ World Health Organization (2019). World Health Organization model list of essential medicines: 21st list 2019. Geneva: World Health Organization. hdl:10665/325771. WHO/MVP/EMP/IAU/2019.06. License: CC BY-NC-SA 3.0 IGO.
- ↑ "Acetylsalicylic Acid". International Drug Price Indicator Guide. 22 January 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 August 2016.
- ↑ Hamilton, Richart (2015). Tarascon pocket pharmacopoeia (2015 deluxe lab-coat ed.). Jones & Bartlett Learning. p. 5. ISBN 978-1-284-05756-0.
- ↑ "The Top 300 of 2020". ClinCalc. 18 March 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 April 2020.
- ↑ "Aspirin - Drug Usage Statistics". ClinCalc. 20 October 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 April 2020.