ඇල්බට් සිල්වා

විකිපීඩියා වෙතින්
පුද්ගලික තොරතුරු
උපත
Dangedera Gamage Albert de Silva

16 June 1917
Galle, British Ceylon
විපත11 April 2009(2009-04-11) (වයස 91)
Karapitiya, Sri Lanka
කලත්‍රයාRatna Kottegoda

ඇල්බට් සිල්වා ලෙස පොදුවේ හඳුන්වන ඩී. ජී. ඇල්බට් ද සිල්වා (1917 ජූනි 16 - 2009 අප්‍රේල් 11), ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි.[1] 1977 දී ගාල්ල ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඇල්බට් ද සිල්වා ජේ.ආර්.ජයවර්ධන රජයේ ව්‍යවස්ථාදායකයකු විය.[2]

දංගෙදර ගමගේ ඇල්බට් ද සිල්වා උපත ලැබුවේ 1917 ජුනි 16 වන දින වන අතර ඔහු අධ්‍යාපනය ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයෙනි. ඇල්බට් ද සිල්වා මහතා 1977 මහ මැතිවරණයෙන් ගාල්ල අසුනට තරග කරමින් හිටපු අගමැති ආචාර්ය විජයානන්ද දහනායක මහතා පරාජය කළේය. විජයානන්ද දහනායක මහතා විසින් ඉදිරිපත් කරන ලද මැතිවරණ පෙත්සමකින් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන තෙක් ඔහු ගාල්ල සංවර්ධනය කිරීමට විශාල උත්සාහයක් ගත්තේය. 1979 දෙසැම්බර් 20 වැනි දින අතුරු මැතිවරණයක් පැවැත්වූ අතර එහිදී දහනායක මහතා ගාල්ලට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ලෙස ජයග්‍රහණය කළේය.[3] පසුව රජය විසින් මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ආසනයේ මන්ත්‍රීවරයා ලෙස ඇල්බට් සිල්වා පත් කරන ලදී. ඔහු 1983 පෙබරවාරි 10 වන දින ඉල්ලා අස්වන තෙක් කඹුරුපිටියේ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේය.[4]

1978 දී ගාල්ලේ ප්‍රථම නියම බස් නැවතුම්පොළ ඉදිකරන ලද්දේ එවකට ගාල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි ඇල්බට් සිල්වා මහතාගේ උපදෙස් හා උත්සාහය මත ය.[5] ගාල්ල පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය සහ ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිකළේ ඔහු එම ප්‍රදේශයේ මන්ත්‍රීවරයාව සිටියදීය. ගාල්ල ප්‍රදේශයේ ජනතාව අතර විදුලිය, සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් නංවාලීමට ඔහු විශාල සේවයක් කළේය. දේශපාලකයෙකු ලෙස ප්‍රදේශයේ ආගමික හා සමාජීය කටයුතුවල ද පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඔහු තම පෞද්ගලික ධනය දුප්පත් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැය කළේය.[1] රත්න කෝට්ටේගොඩ සමඟ විවාහ වූ ඔහුට චාන්දනී, හර්ෂනී යන දියණියන් දෙදෙනෙකු සහ විරාජ් නම් පුතෙකු සිටියේය. ඇල්බට් ද සිල්වා මහතා 2009 අප්‍රේල් 11 වන දින, කෙටි කලක් රෝගාතුරව කරාපිටිය ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වූ අතර, මිය යන විට 91 වැනි වියේ පසුවිය.[6]

යොමු කිරීම්[සංස්කරණය]

  1. 1.0 1.1 Late Parliamentarians remembered
  2. "Former Sri Lankan MP D.G. Albert Silva passes away". 2016-03-03 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-06-14.
  3. Sri Lanka: The Untold Story
  4. Referendum for extention [sic] of Parliament
  5. A state-of-the-art bus stand for Galle
  6. "Former Sri Lankan MP D.G. Albert Silva passes away". 2016-03-03 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-06-14.
"https://si.wikipedia.org/w/index.php?title=ඇල්බට්_සිල්වා&oldid=548616" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි