ඇල්ප්ස් තරණය කරන නැපෝලියන්
පෙනුම
| ඇල්ප්ස් තරණය කරන නැපෝලියන් | |
|---|---|
| ශිල්පියා | ශාක්-ලුවී ඩේවිඩ් |
| වර්ෂය | 1801 |
| මාධ්යය | කැන්වසය මත තෙල් සායම් |
| මාන | 261 cm × 221 cm (102 1⁄3 in × 87 in) |
| පිහිටීම | ෂැටෝ ඩි මැල්මේසන්, රූයි-මැල්මේසන් |
ඇල්ප්ස් තරණය කරන නැපෝලියන් (ශාන්ත-බර්නාඩ් දුර්ගයේ නැපෝලියන් හෝ ඇල්ප්ස් තරණය කරන බොනපාට් ලෙසද හැඳින්වේ; Le Premier Consul franchissant les Alpes au col du Grand Saint-Bernard ලෙස ලැයිස්තුගත කර ඇත. ) යනු 1801 සහ 1805 අතර කාලය තුළ ප්රංශ චිත්ර ශිල්පී ශාක්-ලුවී ඩේවිඩ් විසින් පින්තාරු කරන ලද නැපෝලියන් බොනපාට්ගේ තෙල්සායම් අශ්වාරෝහක සිතුවම් පහක මාලාවකි. මුලින් ස්පාඤ්ඤයේ රජු විසින් නියම කරන ලද මෙම සිතුවම්, 1800 මැයි මාසයේදී මහා ශාන්ත බර්නාඩ් දුර්ගය හරහා ඇල්ප්ස් කඳුකරය දිගේ නැපෝලියන් සහ ඔහුගේ හමුදාව කළ සැබෑ තරණය පිළිබඳ දැඩි ලෙස පරමාදර්ශී දසුනක් පෙන්වයි.
එය නැපෝලියන්ගේ වඩාත් සුලභ ලෙස ප්රතිනිෂ්පාදනය කරන ලද රූපවලින් එකක් බවට පත්ව ඇත.

