Jump to content

ඇලස්කාව

විකිපීඩියා වෙතින්

ඛණ්ඩාංක: 64°N 150°W / 64°N 150°W / 64; -150[1]

ඇලස්කා ජනපදය
Flag of Alaska State seal of Alaska
ධජය Seal
අන්වර්ථ නාම(ය): The Last Frontier (අවසන් සීමා මායිම)
ආදර්ශ පාඨය: North to the Future (අනාගතය ට උතුර)
ප්‍රාන්තරාජ්‍ය ගීය: Alaska's Flag
Map of the United States with Alaska highlighted
Map of the United States with Alaska highlighted
නිළ භාෂාව(න්) ඉංග්‍රීසි, Inupiaq, Siberian Yupik, Central Alaskan Yup'ik, Alutiiq, Unangan, Dena'ina, Deg Xinag, Holikachuk, Koyukon, Upper Kuskokwim, Gwich'in, Tanana, Upper Tanana, Tanacross, Hän, Ahtna, Eyak, Tlingit, Haida, Tsimshian[2]
භාවිත වන භාෂාව(න්) English 89.7%
Native (Eskimo–Aleut and Na-Dene languages) 5.2%
Spanish 2.9%
Demonym Alaskan
අගනුවර Juneau (ජීනෙව්)
විශාලතම නගරය ඇන්කරේජ්
වර්ග ඵලය  Ranked 1 වන ස්ථානය in the U.S.
 - මුළු 663,268 sq mi
(1,717,856 km2)
 - පළල 2,261 miles (3,639 km)
 - දිග 1,420 miles (2,285 km)
 -  වතුර 13.77
 - අක්ෂාංශ 51°20'N to 71°50'N
 - දේශාංශ 130°W to 172°E
ජනගහනය  එක්සත් ජනපද වල 48 වන ස්ථානය ලබා ඇත
 - මුළු 736,732 (2014 ඇස්ත)[3]
 - ඝනත්වය 1.26/sq mi  (0.49/km2)
එක්සත් ජනපද වල 50 වන ස්ථානය ලබා ඇත
 - Median household income  US$64,333 (4 වන ස්ථානය)
උන්නතාංශ  
 - උසම ස්ථානය ඩෙනාලි (මැකින්ලි කන්ද)[4]
20,320 ft (6194 m)
 - මධ්‍යන්‍ය 1900 ft  (580 m)
 - පහළම ස්ථානය සාගරය[4]
sea level
Admission to Union  January 3, 1959 (49 වන ස්ථානය)
Governor බිල් වෝකර් (I)
Lieutenant Governor බයිරන් මැලොට් (D)
ව්‍යවස්ථාදායකය ඇලස්කා ව්‍යවස්ථාදායකය
 - Upper house ඇලස්කා සෙනෙට් සභාව
 - Lower house House of Representatives
U.S. Senators Lisa Murkowski (R)
Dan Sullivan (R)
U.S. House delegation Don Young (R) (at-large) (list)
Time zones  
 - east of 169° 30' Alaska: UTC -9/-8
 - west of 169° 30' Aleutian: UTC -10/-9
Abbreviations AK US-AK
Website alaska.gov

ඇලස්කාව උතුරු ඇමරිකා මහාද්වීපයේ වයඹදිග අන්තයේ පිහිටි එක්සත් ජනපද වලට අයත් ජනපදයකි. ඇලස්කාව මායිම් කරමින් නැගෙනහිරින් කැනේඩියානු යුකොන් භුමිය සහ කැනේඩියානු පළාත ක් වන බ්‍රිටිෂ් කොළොම්බියාව ද, උතුරින් ආක්ටික් සාගරය ද, බටහිරින් සහ දකුණින් පැසිෆික් සාගරය ද පිහිටයි. තවදුරටත් බටහිරින් පිහිටි රුසියාව සහ ඇලස්කාව වෙන් වන්නේ බේරින් සමුද්‍ර සන්ධිය මගිනි. ඇලස්කාව, භුමි ප්‍රමාණය අනුව එක්සත් ජනපද වල විශාලතම ජනපදය යි. එමෙන්ම එක්සත් ජනපද 50 අතුරින් සිව් වන අවම ජනගහනයක් සහ අවම ජන ඝනත්වයක් සහිත වන්නේ ද මෙය යි. දළ වශයෙන් ඇලස්කාවේ ජනගහනයෙන් බාගයක් පමණ ජිවත් වන්නේ ඇන්කරේජ් මෙට්‍රොපොලිටන් ප්‍රදේශය තුළ යි. ඇලස්කාවේ ආර්ථිකය පදනම් වන්නේ එහි බහුලව ඇති සම්පත් වන තෙල්, ස්වභාවික වායුව සහ ධිවර කර්මාන්තය මත වේ. සංචාරක කර්මාන්තය ද ආර්ථික යේ වැදගත් කොටසකි.

දේශීය ජනතාව විසින් වසර දහස් ගණනක් තිස්සේ අත්පත් කරගෙන තිබුණ ද, 18 වන සියවසේ සිට ඉදිරියට යුරෝපීය බලවතුන්, සූරාකෑමට හා වෙළඳාම සඳහා ඇලස්කාවේ භූමිය උරුමකර ගැනීමට සලකා බලන ලදී. ඇමරිකා එක්සත් ජනපදය විසින් වර්ෂ 1867 මාර්තු 30 වන දින රුසියානු අධිරාජ්‍යයයෙන් ඇලස්කාව $ මිලියන 7.2 කට මිල දී ගන්නා ලදී. එය අක්කරයක් සඳහා ආසන්න වශයන් ඩොලර් ශත 2 ($4.74/km2) කි. 1912 මැයි 11 දින ඇමරිකා එක්සත් ජනපදයට අයත් භුමි ප්‍රදේශයක් ලෙස සංවිධානය වීමට ප්‍රථම ඇලස්කාව පරිපාලනමය වෙනස්කම් කිහිපයකට බඳුන් කරන ලදී. 1959 ජනවාරි 3 වන දින එය ඇමරිකා එක්සත් ජනපදයේ 49 වන ජනපදය ලෙස ඇතුළත් කර ගන්නා ලදී.

නම ලැබුණු ආකාරය

[සංස්කරණය]

ඇලස්කා (Аляска) යන නාමය හඳුන්වා දෙනු ලැබුවේ රුසියානු යටත් විජිත සමය තුල දී, එය අර්ධද්වීපය හැඳින්වීමට භාවිත කල කාලයේ දී ය. එය ඇලස්කාවේ ප්‍රධාන භුමිය හැඳින්වීමට භාවිත වන එලුෂ් (Aleut) හෝ අනන්ගම් (Unangam) බස් වහරක් මගින් ව්‍යුත්පන්න වූවකි. එහි තේරුම වන්නේ මුහුදේ ක්‍රියාකාරිත්වය යොමු වූ වස්තුව යන්නයි. එය සමාන මූලයන් ගෙන් ව්‍යුත්පන්න වූ එලුෂ් වචනයක් වන ඇල්යෙස්කා (මහා භුමිය) යන නමින් ද හැඳින් වේ.

භූ විෂමතා

[සංස්කරණය]

අනෙකුත් සියළු ජනපද වල වෙරළ තීර වල එකතුවට වඩා වැඩි දිගකින් යුත් වෙරළ තීරයක් ඇලස්කාව සතු වෙයි. ඇලස්කාව, මහද්වීපික උතුරු ඇමෙරිකාවේ පිහිටි එක්සත් ජනපදයට යාබද නොවන එකම ප්‍රාන්තය යි. බ්‍රිටිෂ් කොළොම්බියාවේ (කැනඩාව) සැතපුම් 500 (800 km) පමණ මගින් ඇලස්කාව, වොෂින්ටනයෙන් වෙන් වේ. ඒ අනුව ඇලස්කාව ප්‍රධාන රාජ්‍යයෙන් වෙන්ව සම්පුර්ණයෙන් ම වෙනත් රාජ්‍යයකින් හෝ රාජ්‍ය වලින් වට වූ භුමි ප්‍රදේශය (exclave) ක් වන අතර එක්සත් ජනපදය සතු එවැනි වූ විශාලතම භුමි ප්‍රදේශය ද වේ.

වර්ග සැතපුම් 663,268 (1,717,856 km2) ක භුමි ප්‍රදේශයක් හිමි ඇලස්කාව එක්සත් ජනපද යේ විශාලතම ප්‍රාන්තය වන අතර එහි දෙවන විශාලතම ප්‍රාන්තය වන ටෙක්සාස් හි භුමි ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා විශාලත්වයෙන් වැඩි ය. ඇලස්කාව ට වඩා විශාලත්වයෙන් යුත් ස්වෛරී රාජ්‍යයන් (රටවල්) පවා ලොව තිබෙන්නේ 18 ක් පමණි. භෞමික ජලය සහිත ප්‍රදේශ ද එකතුව ගත් කල ඇලස්කාවේ භුමි ප්‍රමාණය, එක්සත් ජනපද යේ මීළඟ විශාලතම භුමි ප්‍රමාණ සහිත ප්‍රාන්ත වන ටෙක්සාස්, කැලිෆෝනියා සහ මොන්ටානා යන ඒවා යෙහි භුමි ප්‍රමාණ වල එකතුවට ද වඩා වැඩි ය. එමෙන්ම එක්සත් ජනපද යේ කුඩා ම භුමි ප්‍රමාණ සහිත ප්‍රාන්ත 22 හි භුමි ප්‍රමාණ වල එකතුව ට ද වඩා ඇලස්කාවේ භුමි ප්‍රමාණය විශාලත්වයෙන් වැඩි වෙයි.

ඇලස්කාවේ විශාලත්වය යාබදව පිහිටි ප්‍රාන්ත 48 සමඟ සැසඳීම. (Albers equal-area conic projection)

ප්‍රදේශ

[සංස්කරණය]

විවිධ ප්‍රදේශ වල සීමා නිර්ණය කරන, නිළ වශයෙන් ඉදිරිපත් කල මායිම් ඇලස්කාවේ නොමැති නමුත් පොදු වශයෙන් පිළිගැනෙන ප්‍රදේශ 6 ක් ඇත.

ඇලස්කාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රදේශය යි. ඇන්කරේජ්, මටනුස්කා-සුසිට්නා නිම්නය (Matanuska-Susitna Valley), කෙනායි අර්ධද්වීපය (Kenai Peninsula) මෙම ප්‍රදේශයේ පිහිටා ඇත. ග්‍රාමීය, ඇලස්කාවේ දකුණු ප්‍රදේශයේ වඩාත් ම ජන ශුන්‍ය ප්‍රදේශ, ව්රන්ගේල් කඳු (Wrangell Mountains) වල බටහිර පෙදෙස, ප්‍රින්ස් විලියම් සවුන්ඩ් ඒරියා (Prince William Sound area) සහ කොර්දෝවා (Cordova) සහ වැල්දෙස් (Valdez) ප්‍රජාවන් ද South Central ප්‍රදේශය තුළ පිහිටයි.

අග්නිදිග (Southeast)

[සංස්කරණය]

Panhandle (පටු භුමි තීරය) හෝ ඇතුළත පටුමග ලෙස ද හඳුන්වයි. එක්සත් ජනපද යේ ඉතිරි කොටස් වලට ආසන්නතම ඇලස්කාවේ කලාපය මෙය යි. ඒ නිසා ඇලස්කාව මිල දී ගැනීමෙන් පසු වසර වල දී වඩාත් ම දේශීය-නොවන පදිංචි වීම් සිදු වූ ප්‍රදේශය මෙය යි. ඇලෙක්සැන්ඩර් දූපත් සමූහය මෙන්ම ඇමරිකාවේ විශාලතම වනය වන ටොන්ගාස් ජාතික වනය ද මෙම කලාපය තුල පිහිටයි. ප්‍රාන්ත අග නගරය වන ජිනේව්, පුර්ව අග නගර වූ සිට්කා (Sitka) සහ එක් කලෙක දී ඇලස්කාවේ විශාලතම නගරය වූ කෙචිකන් (Ketchikan) ද මෙම කලාපය තුළ පිහිටයි. ඇලස්කා මැරීන් අධිවේගී මාර්ගය, ප්‍රදේශය හරහා වැදගත් මතුපිට ප්‍රවාහන මාර්ගය ක් සපයයි. හේන්ස්, හයිඩර් සහ ස්කැග්වේ (Haines, Hyder and Skagway) යන ප්‍රජාවන් තුනක් පමණක් යාබද උතුරු ඇමරිකානු මාර්ග පද්ධතිය ට ඇති ඍජු සම්බන්ධතා අත් විඳියි.

අභ්‍යන්තර (Interior)

[සංස්කරණය]
ඩෙනාලි යනු උතුරු ඇමරිකාවේ උසම කඳු මුදුන යි.

ඇලස්කාවේ විශාලතම කලාපය යි. මෙම කලාපයේ වැඩි ප්‍රමාණයක් ජන ශුන්‍ය වේ. කලාපයේ ඇති එකම විශාල නගරය ෆෙයාබෑන්ක්ස් (Fairbanks) වේ. ඩෙනාලි (Denali) ජාතික උද්‍යානය සහ රක්ෂිතය මෙම කලාපය තුළ පිහිටා ඇත. ඩෙනාලි යනු උතුරු ඇමරිකාවේ උසම කන්දයි.

නිරිතදිග (Southwest)

[සංස්කරණය]
කට්මායි ජාතික උද්‍යානයේ, බ්රුක්ස් ඇල්ල අසල සැමන් මසුන් අල්ලන අළු (Grizzly) වලහා.

නිරිතදිග ඇලස්කාව විසිරී ගිය ජනාවාස සහිත බේරින් මුහුදේ සිට රට අභ්‍යන්තරයේ සැතපුම් 500 (800 km) ක් පමණ විහිදුණු කලාපය කි. ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් වෙරළබඩ ඔස්සේ වාසය කරයි. කෝඩියැක් දිවයින සහ ලොව විශාලතම ගංගා ඩෙල්ටාවක් වන මහා යුකොන්-කුස්කොක්විම් ඩෙල්ටාව (Yukon–Kuskokwim Delta) මෙම කලාපයේ පිහිටා ඇත. ඇලස්කා අර්ධද්වීපයේ කොටස් නිරිතදිග කලාපය ට අයත් ලෙස සලකනු ලබයි. අනෙකුත් ඉතිරි කොටස් Aleutian දූපත් වලට අයත් වේ.

උතුරු බෑවුම (North Slope)

[සංස්කරණය]

උතුරු බෑවුම කුඩා ගම්මාන සමග මුසුවුණ බොහෝ දුරට තුන්ද්‍රාවන් (tundra) වේ. මෙම ප්‍රදේශය එහි ඇති විශාල බොරතෙල් සංචිත වලට ප්‍රසිද්ධියක් උසුලයි. එක්සත් ජනපදයෙහි වඩාත්ම උතුරින් පිහිටි නගරය වන බැරෝ (Barrow), මෙම කලාපය තුළ පිහිටයි. කොට්සෙබූ (Kotzebue) නගරය ප්‍රධාන වන, එමෙන්ම කොබුක් ගංගා නිම්නය (Kobuk River valley) පිහිටා ඇති වයඹදිග ආක්ටික් ප්‍රදේශය ද බොහෝ විට උතුරු බෑවුම කලාපයට අයත් කොටසක් ලෙස සලකනු ලබයි.

Aleutian Islands

[සංස්කරණය]

පැසිෆික් සාගරය තුලට සැතපුම් 1200 (1,900 km) ක් පමණ විහිදී ගිය කුඩා යමහල්මය දූපත් 300කට අධික සංඛ්‍යාවකින් නිර්මාණය වී ඇත. සියළු ජනපද සහ මුළු මහත් උතුරු ඇමරිකානු මහද්වීපය ම එකම නීත්‍යානුකුල දිනයක පවත්වා ගැනීම සඳහා අන්තර්ජාතික දින රේඛාව 180°ට බටහිරින් ඇඳ ඇත. කෙසේ වෙතත් මෙම දූපත් වලින් කිහිපයක් නැගෙනහිර අර්ධගෝලය ට අයත් වන බැවින් ඇලස්කාව, සියළු ප්‍රාන්ත අතුරින් වඩාත් උතුරින්ම පිහිටි, වඩාත් නැගෙනහිරින් පිහිටි සහ වඩාත් බටහිරින් පිහිටි ප්‍රාන්තය වෙයි. වඩාත් දකුණින් පිහිටි ප්‍රාන්තය වන්නේ හවායි ජනපදය යි. අට්ටු (Attu) සහ කිස්කා (Kiska) යන දූපත් දෙවන ලෝක යුධ සමයේ දී ජපානය විසින් අත්පත් කර ගෙන සිටියහ.

ස්වභාවික ලක්ෂණ

[සංස්කරණය]
2006 ජනවාරි 12, විදාරණය වන ඕගස්ටින් ගිනි කන්ද.

එය සතු අති විශාල සංඛ්‍යාවක් වූ දූපත් සමුදාය ත් සමඟ ඇලස්කාවට සැතපුම් 34,000 (54,720 km) ක පමණ උදම් වෙරළ තීරයක් ඇත. Aleutian දූපත් දාමය, ඇලස්කා අර්ධද්වීපයේ බටහිර සිට දක්ෂිණ කෙලවර දක්වා විහිදී පවතී. Aleutian දූපත් සමූහයේ ඇති ක්‍රියාකාරී ගිනි කඳු බොහොමයක් පිහිටන්නේ මුහුදුබඩ කලාපයේ යි. උදාහරණයක් වශයෙන් නිරන්තරයෙන් දුම් විහිදුවමින් පවතින ශිස්හැල්ඩින් (Shishaldin) කන්ද උතුරු පැසිෆික් සාගරයට අඩි 10,000 (3,048 m) ක් ඉහලින් යුනිමක් (Unimak) දිවයිනෙහි පිහිටයි. එය ලොව ඇති කදිම ම කේතු හැඩැති ගිනි කන්ද වන අතර ජපානයේ ෆූජි කන්දටද වඩා සමමිතිකතාවයෙන් යුතු වේ. ප්‍රධාන භුමියේ ඇන්කරේජ් හි බටහිරින් ඇති ස්පර් (Spurr) කන්ද දක්වා ගිනි කඳු දාමය විහිදී පවතී. ජනපද ගණනාවක් සහ කැනේඩියානු පළාත් වලින් සමන්විතව නිර්මාණය වෙමින් පවතින මහද්වීපය හෙවත් Wrangellia හි කොටසක් ලෙසට භූ විද්‍යාඥයන් විසින් ඇලස්කාව හඳුනා ගෙන ඇත.

ඇන්කරේජ් වලට වහාම දකුණින් පිහිටි ටුර්නාගෙයින් (Turnagain) බාහුව ලොව විශාලතම උදම් ඇති වන ස්ථානයකි. උදම් වෙනස අඩි 35 (10.7 m)කට වඩා වැඩි විය හැකිය.

ඇලස්කාවේ මිලියන තුනකට අධික විල් සංඛ්‍යාවක් ඇත. වගුරු බිම් සහ තෙත්බිම් නිත්‍ය තුහින මගින් වර්ග සැතපුම් 188,320 (487,747km2)ක් පමණ ආවරණය වෙයි. භුමියේ වර්ග සැතපුම් 16,000 (41,440 km2)ක් පමණ සහ උදම් කලාපයේ වර්ග සැතපුම් 1200 (3,110km2)ක් පමණ ග්ලැසියර් අයිස් මගින් ආවරණය වෙයි. දක්ෂිණ සීමාව ආසන්නයේ ඇති බේරින් ග්ලැසියර් සංකීර්ණය මගින් පමණක් වර්ග සැතපුම් 2,250 (5,827km2)ක් ආවරණය වෙයි. 100,000 ක් පමණ වූ ග්ලැසියර් සමූහය සමගින් ඇලස්කාව, ලොව ඇති ග්ලැසියර් වලින් අඩකට පමණ හිමිකම් කියයි.

භුමියේ හිමිකාරිත්වය

[සංස්කරණය]

ජාතික වනාන්තර විශාල සංඛ්‍යාවක්, ජාතික උද්‍යාන සහ ජාතික වනජීවී රක්ෂිත ද ඇතුළත් ව ආසන්න වශයෙන් ඇලස්කාවේ 65% ක් පමණ එක්සත් ජනපද ෆෙඩරල් රජය විසින් හිමිකාරිත්වය සහ කළමනාකාරිත්වය දරන බව එක්සත් ජනපද ඉඩම් කාර්යාංශයේ 1998 ඔක්තෝබර් වාර්තාවට අනුව පැහැදිලි වේ.

දේශගුණය

[සංස්කරණය]
ඇලස්කාවේ දේශගුණික කලාප නිරූපණය කෙරෙන සිතියමක්.

අග්නිදිග ඇලස්කාවේ දේශගුණය මධ්‍ය-අක්ෂාංශ සාගරික දේශගුණයක් (Köppen දේශගුණ වර්ගීකරණය: Cfb) වන අතර දක්ෂිණ සහ උතුරුදිග ප්‍රදේශ වල දක්ෂිණ ආක්ටික් සාගරික දේශගුණයක් (Köppen Cfc) ඇත. ශීත කාලයේ දී සෞම්‍ය උෂ්ණත්වයක් පවතින සහ වසර පුරා අධික වර්ෂාපතනයක් පවතින අග්නිදිග ප්‍රදේශය, ඇලස්කාවේ වඩාත් තෙත සහිත ම සහ වඩාත් උණුසුම් ම කොටස වේ. ජිනේව් වලට වසරකට අඟල් 50 (130cm) ක වර්ෂාපතනයක් ලැබෙන අතර කෙචිකන් වලට 150 in (380 cm) ක වාර්ෂික වර්ෂාපතනයක් ලැබේ. ශීත කාලයේ දී හිමාංකයට වඩා වැඩි සාමාන්‍ය දිවා කාලීන උෂ්ණත්වයක් පවතින ඇලස්කාවේ එකම කලාපය ද මෙය වේ.

මුහුදූ වෙරළට ආසන්නයේ පිහිටීම නිසා ඇන්කරේජ් ඇතුළු south central කලාපයේ සෞම්‍ය දේශගුණික තත්ත්වයක් පවතී. නිරිතදිග කලාපය ට වඩා අඩු වර්ෂාපතනයක් මෙම කලාපය ට ලැබෙන නමුත් වඩා වැඩි හිම පතනයක් ලැබේ. එමෙන්ම දිනයන් පැහැදිලි විය හැක. 16 in (41 cm) ක සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයක් ඇන්කරේජ් වලට ලැබෙන අතර 75 in (190 cm) ක පමණ වාර්ෂික හිමපතනයක් ලැබේ. මෙම අගයට බොහෝ වැඩි හිමපතනයක් ලැබෙන ප්‍රදේශ ද south central කලාපයේ ඇත. එහි පවතින කෙටි, සීතල ගිහානයන් නිසාවෙන් එය, දක්ෂිණ ආක්ටික දේශගුණය (Köppen:Dfc) කි.

බටහිර ඇලස්කාවේ දේශගුණය විශාල වශයෙන් තීරණය කෙරෙන්නේ බේරින් මුහුද සහ ඇලස්කා බොක්ක මගිනි. නිරිතදිග ඇලස්කාවේ දක්ෂිණ ආක්ටික දේශගුණයක් පවතින අතර වඩාත් උතුරට යත් ම මහද්වීපික දක්ෂිණ ආක්ටික දේශගුණයක් පවතී. ප්‍රදේශය කෙතරම් උතුරින් පවතින්නේ ද යන්න මත උෂ්ණත්වය තරමක් මධ්‍යස්ත ස්වභාවයක් ගනී. මෙම කලාපයේ වර්ෂාපතනය ඉමහත් විවිධත්වයක් ගනී. වාර්ෂිකව 10 in (25cm) කටත් වඩා අඩු වර්ෂාපතනයක් ලැබෙන Seward අර්ධද්වීපයේ උතුරු පැත්තේ සිට කොබුක් ගංගා නිම්නය දක්වා විහිදුණු ප්‍රදේශය තාක්ෂණික වශයෙන් කාන්තාරයකි. අනෙක් අන්තයේ Dillingham සහ Bethel අතර ඇති සමහර ප්‍රදේශ 100 in (250 cm) ක පමණ වර්ෂාපතනයක් ලබයි.

අභ්‍යන්තර (interior) ඇලස්කාවේ දක්ෂිණ ආක්ටික දේශගුණයක් පවතී. ඇලස්කාවේ වැඩිම සහ අඩුම උෂ්ණත්වයන් කිහිපයක්ම ෆෙයාබෑන්ක්ස් (Fairbanks) අවට ප්‍රදේශයේ වාර්තා වී තිබේ. ගිම්හාන කාල වල දී උෂ්ණත්වය 90°F (30°C), පමණ දක්වා ඉහල යන අතර ශීත කාල වල දී උෂ්ණත්වය −60°F (−51°C) පමණ දක්වා පහල බසී. වර්ෂයකට 10 in (25cm) පමණ වන අවම වර්ෂාපතනයක් interior කලාපයේ පවතී. නමුත් සිසිර සමයේ ඇද හැලෙන වර්ෂාව සමස්ත ශීත ඍතුව පුරාම පැවතීමට නැඹුරු වේ.

ඇලස්කාවේ අවම සහ උපරිම යන උෂ්ණත්වයන් දෙකම වාර්තා වී තිබෙන්නේ interior කලාපයෙනි. 1915 ජුනි 27 ඇලස්කාවේ වැඩිම උෂ්ණත්වය ලෙස 100°F (38°C)ක් Fort Yukon වල ද අවම උෂ්ණත්වය 1971 ජනවාරි 23 දින −80°F (−62°C) ලෙස Prospect Creek වල ද වාර්තා වී තිබේ. එම අවම උෂ්ණත්වය සමස්ථ උතුරු ඇමරිකා මහද්වීපයේ ම වාර්තා වූ අවම උෂ්ණත්වය (කැනඩාවේ ස්නැග්, යුකොන් වල) ට වඩා වැඩි වන්නේ එක් අංශකයකින් පමණි.

දිගු, ඉතා සීත සිසිර ඍතු සහ කෙටි, සීත ගිම්හානයන් පවතින ඇලස්කාවේ උතුරු අන්තයේ පවතින්නේ ආක්ටික් (Köppen: ET) දේශගුණයකි. ජුලි මාසයේ දී පවා බැරෝ වල සාමාන්‍ය අවම උෂ්ණත්වය 34°F (1°C) පමණ වේ. බොහෝ ස්ථාන වලට 10 in (25cm) කටත් වඩා අඩු සාමාන්‍යයක් පවතින මෙම කලාපයේ වර්ෂාපතනය අඩු අගයකි. හිම වර්ෂණයෙන් ඇද හැලෙන හිම, වර්ෂය පුරාම පොළොව මත රැඳී පවතී.

ඉතිහාසය

[සංස්කරණය]

ඇලස්කාවේ ස්වදේශිකයන්

[සංස්කරණය]
A modern Alutiiq dancer in traditional festival garb.

යුරෝපීය ජනයා පැමිණීමට පෙර, බොහෝ දේශීය ජනතාව වසර දහස් ගණනක් තිස්සේ ඇලස්කාව අත්පත් කරගෙන සිටියහ. මෙහි සිදු කරන ලද භාෂාමය සහ DNA අධ්‍යනයන්, බේරින් ගොඩබිම් සේතුව හරහා උතුරු ඇමරිකාවේ සිදු වූ පදිංචි වීම් සනාත කිරීමට සාක්ෂ්‍ය සපයයි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "State of Alaska". Geographic Names Information System. United States Geological Survey.
  2. ^ "Once forbidden, Alaska's Native languages now official state languages". KTOO. ඔක්තෝබර් 24, 2014. සම්ප්‍රවේශය ඔක්තෝබර් 25, 2014.
  3. ^ "Table 1. Annual Estimates of the Resident Population for the United States, Regions, States, and Puerto Rico: April 1, 2010 to July 1, 2014" (CSV). U.S. Census Bureau. දෙසැම්බර් 26, 2014. සම්ප්‍රවේශය දෙසැම්බර් 26, 2014.
  4. ^ a b "එක්සත් ජනපද වල උන්නතාංශ සහ දුරවල්". United States Geological Survey. 2001. සම්ප්‍රවේශය ඔක්තෝබර් 21, 2011.
"https://si.wikipedia.org/w/index.php?title=ඇලස්කාව&oldid=618154" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි