Jump to content

ඇමරිගෝ වෙස්පුසි

විකිපීඩියා වෙතින්

ඇමරිගෝ වෙස්පුසි
ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති ඇමරිගෝ වෙස්පුසිගෙ ඡායාරූපය (c. 1590–1637), Crispijn van de Passe the Elder විසින් ඇඳ ඇත.
උපත1454 මාර්තු 9
ෆ්ලොරන්ස් නගරය, ඉතාලිය
මියගිය දිනය1512 පෙබරවාරි 22 (වයස 57)
Seville, Crown of Castile
රැකියාවවෙළෙන්දෙක්, දේශ ගවේෂකයෙක්, සිතියම් ශිල්පියෙක්
ප්‍රසිද්ධව ඇත්තේනව ලෝකය ආසියාව නොව කලින් නොදන්නා සිව්වන මහාද්වීපයක් බව යුරෝපීයයන්ට පෙන්වීම, ඇමරිකාව නම් කර ඇත්තේ ඔහුගේ නමින් ය.
අත්සන

අතීතයේ යුරෝපීයන් අතර දේශ ගවේෂණයට තිබුණේ මහත් වූ තරගයකි. තරගය පමණක් නොව ඇතැමුන්ට එය විනෝදාංශයක්ද විය. දේශ ගවේෂණයට ඇල්මක් දැක්වූවන් අතර ඇමරිගෝ වෙස්පුසි ද කෙනෙකි. ඔහු ඊට අමතරව සිතියම් ඇඳීමටත් පොත්පත් කියවීමටත් කැමැත්තක් දැක්වූවෙකි. උතුරු හා දකුණු ඇමරිකා යන මහාද්වීප දෙකට ඇමරිකා යන නම තබන ලද්දේ මේ දේශ ගවේෂකයාට කරන ගෞරවයක් වශයෙනි.

ළමා කාලය

[සංස්කරණය]

ඇමරිගෝ වෙස්පුසි උපන්නේ 1451 වසරේ මාර්තු මාසයේ දවසක ය. ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ උපත ලද ඔහු දරුවා හතර දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වෙනි දරුවා විය. ඔහු කුඩා අවදියේ පටන් ඉගෙනීමට ශූරයෙක් විය. හෙතෙම තාරකා අධ්‍යනයටත් ගණිතයටත් දස්කම් දැක්වීය. විනෝදාංශයක් ලෙස සිතියම් පිටපත් කිරීමද කළේය. කුඩා කාලයේදී වෙස්පුසි දුටු සිහිනය වූයේ ලෝකය පුරා ඇවිද තොරතුරු දැන කියා ගැනීමටයි.

ඉතාලියේ සිට ස්පාඤ්ඤයට

[සංස්කරණය]

වෙස්පුසි ඉගෙනීමට ශූරයකු මුත් වැඩිවියට පත්වන විට ව්‍යාපාර කෙරෙහි නැඹුරුවිය. ඔහු ඇසෙ කලේ දේශ දේශාන්තරවල සංචාරය කිරීමට වැයවන අධික වියදම් සොයා ගැනීම සඳහායි. ඔහු එසේ මුදල් රැස් කරමින් තම දුටු සිහිනය සැබෑ කර ගැනීමට වෙර දැරුවද එවකට ඉතාලිය දේශ ගවේෂණය කෙරෙහි එතරම් උනන්දුවකින් ක්‍රියා නොකළේය. එනිසා එම ගමන් සදහා අනුග්‍රහය ලබා දීමට කැමැත්තක් නොදැක්විය. තම අරමුණ ඉටු කර ගැනමට බාධා ඇති වනවිට වෙස්පුසි ඉතාලියේ ෆ්ලොරන්ස්හි සිට ස්පාඤ්ඤය දක්වා යන්නට තීරණය කළේය. ඒ ඒවන විට ස්පාඤ්ඤය දේශ ගවේෂණ කටයුතු සදහා උනන්දුවක් දක්වමින් අනුග්‍රහය ලබා දුන් හෙයිනි.

පසුව ඔහු වර්ෂ 1495 දී පමණ නැව් සමාගම් අධ්‍යක්ෂකවරයෙකු බවට පත් විය. එහිදී ඔහුට සංචාරක කටයුතු සඳහා ඉතා වැදගත් වන සාධකය වූ නාවික යාත්‍රා ලබා ගැනීමේ පහසුකම සලසා ගත හැකි විය.

වෙස්පුසිගේ චාරිකා

[සංස්කරණය]

වෙස්පුසි සිය පළමුවැනි චාරිකාව ඇරඹුවේ 1497දී පමණය. එ නමුත් ඒ ගැන සංචාරක සටහන් කිසිවක් හමු වී නැත. තොරතුරු වාර්තා වී ද නැත. ප්‍රථම චාරිකාව නිමකර 1498 නැවත පැමිණ තිබේ

ඔහු සිය දෙවැනි චාරිකාව අරඹන්නේ 1499 දීය. එම ගමනට කපිතාන් කෙනෙකු සහ තවත් පිරිසක්ද සහභාගී කර ගැනුණාහ. එම ගමන් ගත් පිරිස පළමුව ගමන් කොට ඇත්තේ වර්තමානයේ ගුවන රටේ වෙරළ තීරයේය. එසේ දකුණු දෙසින් ගමන් ගත් ඔවුන් ඇමසන් ගංගාවේ මුවදොර තෙක් ගමන් ගත්හ. යළි එන ගමනේදී ට්‍රිනිඩෑඩ් වෙත පැමිණි අතර ඔරිනොකෝ ගංගාවේ මුවදොරද පසු කළහ. අනතුරුව ගමන් කලේ හයිටිය වෙතටයි. ගමනාන්තයේදී වෙනිසියුලාවට පැමිණීමටද ඔවුන්ට හැකි විය. ඔවුන් ප තැබූ එම දේශයට වෙනිසියුලා නමින් නම් තබන ලද අතර ස්පාඤ්ඤ බසින් එය පුංචි වැනීසිය නම් විය.

දෙවැනි චාරිකාවේ අවසානය

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඇමරිගෝ_වෙස්පුසි&oldid=767528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි