ආහාර පරිභෝජනයෙන් වැළකීමේ/සීමාකිරීමේ ආහාර අක්‍රමිකතාවය
ආහාර පරිභෝජනයෙන් වැළකීමේ හෝ සීමාකිරීමේ ආහාර අක්‍රමිකතාවය | |
---|---|
වෙනත් නම් | තෝරාගෙන ආහාර ගන්නා ආහාර අක්‍රමිකතාවය (SED)[1] |
![]() | |
කුඩා දරුවෙක් ආහාර ප්‍රතික්ෂේප කරයි | |
විශේෂතාව | මනෝචිකිත්සාව, ළමා රෝග |
රෝග ලක්ෂණ | බර අඩු වීම, මන්දපෝෂණය, අන් අය සමඟ ආහාර ගැනීමට නොහැකි වීම[2] |
Usual onset | මුල් ළමාවිය[2] |
අවදානම් සාධක | ඔටිසම්, කාංසාව, OCD, ADHD[2] |
රෝග විනිශ්චය ක්‍රම | නිශ්චිත නිර්ණායක මත පදනම්ව[3] |
Differential diagnosis | ගැබ් ගැනීම, රසායනික චිකිත්සාව, ප්‍රතික්‍රියාත්මක ආකර්ෂණ අක්‍රමිකතාවය, අභිනන්දන මානසික අක්‍රමිකතාවය, තේරීම් කරමින් ආහාර ගන්නා පුද්ගලයෙක්[2] |
ප්‍රතිකාර | ආහාර සැපයීම, පෝෂණ අතිරේක, සංජානන හැසිරීම් චිකිත්සාව[2][4] |
Prognosis | අපැහැදිලියි[5] |
සංඛ්‍යාතය | අවුරුදු 15 ළමයින්ගෙන් 0.3% ක්[2] |
ආහාර ගැනීමෙන් වැළකීමේ/සීමාකාරී ආහාර ගැනීමේ අක්‍රමිකතාව (ARFID) යනු ආහාර ගැනීමේ අක්‍රමිකතාවක් වන අතර එහිදී පුද්ගලයින් ආහාර ඉතා ස්වල්පයක් හෝ විශේෂිත ආහාර වර්ග කිහිපයක් පමණක් අනුභව කරයි.[2][6] එය බොහෝ විට බර අඩු වීම, මන්දපෝෂණය හෝ මනෝ සමාජීය ගැටළු වලට හේතු වේ.[2] සමහර අයට අනෙක් අය සමඟ ආහාර ගැනීමට නොහැකි වේ.[2] බොහෝ විට අඩු බර සමඟ සම්බන්ධ වුවද, එය ඹ්නෑම බරක පුද්ගලයෙකුට ඇති වි හැක.[5]
අවදානම් සාධක අතරට ඔටිසම්, කාංසාව, ග්‍රස්තීය අනිවාර්යතා අක්‍රමතා (OCD) සහ අවධානය අඩු අධි ක්‍රියාකාරීත්වයේ ආබාධය (ADHD) ඇතුළත් වේ.[2] ආහාරවල සුවඳ හෝ සෑදී තිබෙන ආකාරය වැනි සංවේදක ලක්ෂණ; හුස්ම හිරවීම හෝ වමනය පිළිබඳ බිය; හෝ ආහාර ගැනීමට ඇති අඩු උනන්දුව වැනි හේතු මගින් ආරම්භ විය හැක.[2] රෝග විනිශ්චය පදනම් වන්නේ නිශ්චිත නිර්ණායක පැවතීම මත ය.[3] ඇනරෙක්සියා සහ බුලිමියා වැනි ආබාධවලින් විශේෂිතව වෙනස් වන්නේ, මෙහිදී, ශරීර ප්‍රතිරූපය පිළිබඳ කිසිදු කනස්සල්ලක් හෝ බර අඩු කර ගැනීමේ ආශාවක් නොතිබීමයි.[1][5] එය ආහාර හිඟයක් හෝ ආගමික පිළිවෙත් සමඟ සම්බන්ධ නොවේ.[2]
බලපෑමට ලක් වූ අයට අභ්‍යන්තර ආහාර හෝ පෝෂණ අතිරේක අවශ්‍ය විය හැකිය.[2] ප්‍රතිකාර සාමාන්‍යයෙන් සංජානන හැසිරීම් චිකිත්සාව මගින් සිදු කෙරේ.[4] පවුල් පාදක චිකිත්සාව සහ ආහාරවේදියෙකුගේ සහාය ද ප්‍රයෝජනවත් විය හැකිය.[5] 2024 වන විට ද උසස් තත්ත්වයේ සාක්ෂි මගින් සහාය දක්වන ඖෂධ සොයාගෙන නොමැත.[1][5] දිගුකාලීන ප්‍රතිඵල පැහැදිලි නොවේ.[5]
එක් ඇස්තමේන්තුවකට අනුව ආහාර ගැනීමෙන් වැළකීමේ/සීමාකාරී ආහාර ගැනීමේ අක්‍රමිකතාව (ARFID), වයස අවුරුදු 15 ට අඩු පුද්ගලයින් 1000 කින් 3 දෙනෙකුට පමණ සිදුවී ඇත.[2] ආරම්භය සාමාන්‍යයෙන් කුඩා දරුවන් තුළ දක්නට ලැබෙන අතර වැඩිහිටි වියේදී එය අඩු වී යයි.[2] ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එක සමාන සංඛ්‍යාතයකින් බලපෑම් ඇති වේ.[2][6] එය ප්‍රථම වරට, 2013 දී ප්‍රකාශයට පත් කරන ලද මානසික ආබාධ පිළිබඳ රෝග විනිශ්චය සහ සංඛ්‍යානමය අත්පොතෙහි (DSM-5) පස්වන සංස්කරණයට ඇතුළත් කරන ලද අතර, පෙර සංස්කරණවල "ළදරු හෝ මුල් ළමාවියේ ආහාර ගැනීමේ ආබාධය" (feeding disorder of infancy or early childhood) යන නිර්ණායකය පුළුල් කරමින් ප්‍රතිස්ථාපනය කළ එකකි.[2][7] පසුව එය 2022 දී ජාත්‍යන්තර රෝග වර්ගීකරණයේ (ICD-11) එකොළොස්වන සංශෝධනයට ඇතුළත් කරන ලදී.[6]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b c Fonseca, NKO; Curtarelli, VD; Bertoletti, J; Azevedo, K; Cardinal, TM; Moreira, JD; Antunes, LC (7 June 2024). "Avoidant restrictive food intake disorder: recent advances in neurobiology and treatment". Journal of eating disorders. 12 (1): 74. doi:10.1186/s40337-024-01021-z. PMID 38849953.
- ^ a b c d e f g h i j k l m n o p q ඇමරිකානු මනෝවෛද්‍ය සංගමය, ed. (2022). මානසික ආබාධ සඳහා වූ රෝග විනිශ්චය සහ සංඛ්‍යානමය අත්පොත, පස්වන සංස්කරණය, පෙළ සංශෝධනය. වොෂින්ටන්, ඩී.සී.: ඇමරිකානු මනෝවෛද්‍ය සංගමය. pp. 376–381. ISBN 978-0-89042-575-6.
- ^ a b Ellison, C; Philpot, U; Fuller, S; Banner, A; Falcoski, P; Watts, M; Greenham, A (August 2024). "What is avoidant restrictive food intake disorder?". The British journal of general practice : the journal of the Royal College of General Practitioners. 74 (745): 362–363. doi:10.3399/bjgp24X738957. PMID 39054097.
- ^ a b "Avoidant/Restrictive Food Intake Disorder (ARFID) - Psychiatric Disorders". MSD Manual Professional Edition (ඉංග්‍රීසි බසින්). Merck Manuel. සම්ප්‍රවේශය 28 February 2025.
- ^ a b c d e f රැමිරෙස්, Z; ගන්ටුරු, S (2025 ජනවාරි). "ආහාර ගැනීමෙන් වැළකීමේ/සීමාකාරී ආහාර ගැනීමේ අක්‍රමිකතාව". StatPearls. PMID 38753906.
{{cite journal}}
: Check date values in:|date=
(help) - ^ a b c "6B83 ආහාර ගැනීමෙන් වැළකීමේ/සීමාකාරී ආහාර ගැනීමේ අක්‍රමිකතාව". මරණ හා රෝග බර සංඛ්‍යාන සඳහා වූ ICD-11. ලෝක සෞඛ්‍ය සංවිධානය. 2023. 2018-08-01 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2025-01-31.
- ^ Fisher MM, Rosen DS, Ornstein RM, Mammel KA, Katzman DK, Rome ES, Callahan ST, Malizio J, Kearney S, Walsh BT (July 2014). "Characteristics of avoidant/restrictive food intake disorder in children and adolescents: a "new disorder" in DSM-5". The Journal of Adolescent Health. 55 (1): 49–52. doi:10.1016/j.jadohealth.2013.11.013. PMID 24506978.