වර්ණක

විකිපීඩියා වෙතින්


වර්ණකයක් යනු ආලෝකය පරාවර්තනය විමේදී එහි වර්ණය වෙනස් කරන ද්‍රවයයකි. වර්ණක එසේ කරන්නේ තොරාගත් වර්ණයන් අවශෝෂණය කරගැනීමෙනි. මෙම භෞතික කි‍්‍රයාවලිය එම ද්‍රව්‍යය විසින්ම ආලෝකය නිකුත් කරන ප‍්‍රතිදීප්තිය, ස්ථුරදීපනය සහ අනෙකුත් සංදීප්තතා ආකාරයන්ගෙන් වෙනස් වෙයි. වර්ණක ලෙස භාවිතා කිරීම සඳහා මිනිසා විසින් තෝරාගෙන සහ වැඩිදියුණුකොට ඇති ද්‍රව්‍ය සතුව වෙනත් ද්‍රව්‍ය වර්ණ කිරීම සඳහා යොදාගත හැකි සුවිශේෂී වූ ගතිගුණ පවතී. එමඟින් වර්ණ ගන්වන ද්‍රව්‍යට වඩා ඉහල අනුවර්ණ ශක්තියක් වර්ණකයට පැවතිය යුතුය. ඉහල උෂ්ණත්වයන්හිදී පවා එය ඝන ද්‍රව්‍යයක් ලෙස පැවතිය යුතුය.

කාර්මික අවශ්‍යතාවයන් සඳහා මෙන්ම කලාවේදීද වර්ණකයකින් බලාපොරොත්තුවන අනිවාර්ය ලක්‍ෂණයන් වන්නේ ස්ථිරතාවය හා ස්ථායීතාවයයි. ස්ථිර නොවන වර්ණක කාළයත් සමඟ හෝ ආලෝකයට නිරාවරනය වූ විට අවපැහැ ගැන්වෙන අතර සමහර ඒවා අවසානයේ කැඞී බිඳී ගැලවී යයි.

සායම්, තීන්ත, ප්ලාස්ටික්, රෙදිපිළි, විලේපන, ආහාර සහ අනෙකුත් බොහෝ ද්‍රව්‍ය වර්ණ ගැන්වීම සඳහා වර්ණක භාවිතා කරනු ලබයි. නිෂ්පාදන කාර්යන්හිදී සහ ද්‍රෘෂ්‍ය කලාවන්හිදී යොදාගනු ලබන වර්ණක බොහොමයක් වියලි ඒවා වන අතර සාමාන්‍යයෙන් ඒවා ඉතා සිහින් කුඩු බවට පත්කොට ඇත. බන්ධන කාරකයක් ලෙස කි‍්‍රයාකරන උදාසීන එනම් වර්ණකයේ කි‍්‍රයාකාරීත්වයට කිසිදු බලබෑමක් ඇතිනොකරන ද්‍රව්‍යක්ද මෙම කුඩු වලට එක්කරනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=වර්ණක&oldid=465215" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි