Jump to content

ආර්තවාභාවය

විකිපීඩියා වෙතින්

ආර්තවාභාවය
වෙනත් නම්Climacteric
විශේෂඥතාවනාරිවේදය
රෝග ලක්ෂණවර්ෂයක් පුරා ඔසප් වීමක් සිදුනොවීම[1]
පවතින කාල පරාසයවර්ෂ 5-15
හේතූන්සාමාන්‍යයෙන් ස්වාභාවික වෙනසකි.
ඩිම්බකෝෂ ඉවත්කිරීමේ ශල්‍යකර්ම ඇතැම් [[රසායනික චිකිත්සාව|රසායනික චිකිත්සා]] නිසා ද සිදුවිය හැක.[1]
ප්‍රතිකාරනැත, ජීවන පෙවෙත වෙනස්කිරීම[2]
ඖෂධආර්තවාභාව හෝර්මෝන චිකිත්සාව, ක්ලොනිඩීන්, ගැබාපෙන්ටීන්, වරනීය සෙරොටොනින් යළි ලබාගැනීම් නිෂේධක, ලිස්ඩෙක්සැම්ෆෙටමින්[2][3]

ආර්තවාභාවය, ආර්තවහරණය ලෙසද හැඳින්වේ; මෙය බොහෝ කාන්තාවන්ගේ ජීවිතයේ ඔසප් වීම ස්ථිරවම නතර වන කාලය වන අතර, ඔවුන්ට තවදුරටත් දරුවන් බිහි කිරීමට නොහැකි වේ.[4][5] ආර්තවාභාවය සාමාන්‍යයෙන් වයස අවුරුදු 49 ත් 52 ත් අතර සිදු වේ.[6] වෛද්‍ය වෘත්තිකයන් බොහෝ විට ආර්තවාභාවය අර්ථ දක්වන්නේ කාන්තාවකට වසරක් පුරා ඔසප් රුධිර වහනයක් සිදු නොවූ විට ය.[7] ඩිම්බ කෝෂ මගින් හෝමෝන නිෂ්පාදනය අඩුවීම ලෙස ද එය අර්ථ දැක්විය හැක.[8] ගර්භාෂය ඉවත් කිරීමට සැත්කමක් කර ඇති නමුත් තවමත් ඩිම්බ කෝෂ ඇති අය තුළ, සැත්කම සිදු වූ අවස්ථාවේදී හෝ ඔවුන්ගේ හෝමෝන මට්ටම පහත වැටුණු විට ආර්තවාභාවය සිදු වූ බව සැලකිය හැකිය.[8] ගර්භාෂය ඉවත් කිරීමෙන් පසුව, රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් කලින් ඇති වේ, සාමාන්‍යයෙන් වයස අවුරුදු 45 දී පමණ මෙම ලක්ෂණ ඔවුනට ඇති වේ.[9]

ආර්තවාභාවයට පෙර වසරවලදී, කාන්තාවකගේ ඔසප් වීම සාමාන්‍යයෙන් අක්‍රමවත් වේ,[10][11] එනම් ඔසප් කාලය දිගු හෝ කෙටි විය හැකි අතර රුධිර වහනයේ ප්‍රමාණය අඩු හෝ වැඩි විය හැකිය.[10] මෙම කාලය තුළ කාන්තාවන්ට බොහෝ විට උණුසුම් ගතියක් දැනීම ඇති වේ; මේවා සාමාන්‍යයෙන් තත්පර 30 සිට මිනිත්තු දහයක් දක්වා පවතින අතර වෙව්ලීම, දහඩිය දැමීම සහ සම රතු වීම සමඟ සම්බන්ධ විය හැකිය.[10] උණුසුම් ගතිය දැනීම බොහෝ විට වසරක් හෝ දෙකකට පසු නතර වේ.[5] අනෙකුත් රෝග ලක්ෂණ අතර යෝනි මාර්ගයේ වියළි බව, නිදාගැනීමේ අපහසුතා සහ මනෝභාවය වෙනස්වීම් ඇතුළත් විය හැකිය.[10] රෝග ලක්ෂණ වල බරපතලකම කාන්තාවන් අනුව වෙනස් වේ.[5] ආර්තවාභාවය බොහෝ විට හෘද රෝග වැඩිවීමට සම්බන්ධ යැයි සැලකුවද, මෙය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ වයස වැඩිවීම නිසා වන අතර ආර්තවාභාවය සමඟ සෘජු සම්බන්ධයක් නොමැත.[5] සමහර කාන්තාවන් තුළ, එන්ඩොමෙට්‍රියෝසිස් හෝ වේදනාකාරී ඔසප් වීම වැනි ගැටළු ආර්තවහරණයෙන් පසු සුව වනු ඇත.[5]

ආර්තවාභාවය සාමාන්‍යයෙන් ස්වාභාවික වෙනසක් වන අතර,[12] වයසත් සමඟ ඩිම්බ කෝෂ ක්‍රමයෙන් කුඩා වේ.[13] දුම්කොළ දුම් පානය කරන්නන් තුළ එය කලින් සිදුවිය හැක.[7][14] අනෙකුත් හේතූන් අතර ඩිම්බ කෝෂ දෙකම ඉවත් කරන සැත්කම් හෝ සමහර රසායනික චිකිත්සක ක්‍රම ඇතුළත් වේ.[7] ව්‍යූහවිද්‍යාත්මකව සැලකීමේ දී, ආර්තවාභාවය සිදුවන්නේ ඩිම්බ කෝෂ මගින් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන නිපදවීම අඩුවීම නිසාය.[4] සාමාන්‍යයෙන් අවශ්‍ය නොවූවත්, රුධිරයේ හෝ මුත්‍රාවල හෝමෝන මට්ටම මැනීමෙන් ආර්තවාභාවය පිළිබඳ රෝග විනිශ්චය තහවුරු කළ හැක.[15] ආර්තවාභාවය යනු ගැහැණු ළමයෙකුගේ ඔසප් වීම ආරම්භ වන කාලය වන මල්වරවීමට ප්‍රතිවිරුද්ධයයි.[16]

නිශ්චිත ප්‍රතිකාර සාමාන්‍යයෙන් අවශ්‍ය නොවේ.[2] කෙසේ වෙතත්, සමහර රෝග ලක්ෂණ ප්‍රතිකාර මගින් වැඩිදියුණු කළ හැක.[2] උණුසුම්ගතිය දැනීම සම්බන්ධයෙන්, දුම්පානය, කැෆේන් සහ මත්පැන් වලින් වැළකී සිටීම බොහෝ විට නිර්දේශ කෙරේ.[2] සිසිල් කාමරයක නිදා ගැනීම සහ විදුලි පංකාවක් භාවිතා කිරීම උපකාරී විය හැකිය.[2] පහත සඳහන් ඖෂධ උපකාරී විය හැක: ආර්තවාභාව හෝමෝන චිකිත්සාව (MHT), ක්ලෝනිඩීන්, ගැබාපෙන්ටීන්, හෝ වරනීය සෙරොටොනින් නැවත ලබා ගැනීමේ නිෂේධක මෙලෙස ලබාදිය හැක.[2][3] ව්‍යායාම කිරීම නින්දේ ගැටළු වලට උපකාරී විය හැක.[2] MHT වරෙක නිතිපතා නියම කරන ලද නමුත්, අතුරු ආබාධ පිළිබඳ සැලකිලිමත් වන බැවින්, දැන් එය සැලකිය යුතු රෝග ලක්ෂණ ඇති අයට පමණක් නිර්දේශ කෙරේ.[2] විකල්ප වෛද්‍ය විද්‍යාවේ ඵලදායීතාවය සඳහා උසස් තත්ත්වයේ සාක්ෂි සොයාගෙන නොමැත.[5] ෆයිටොඊස්ට්‍රජන සඳහා තාවකාලික සාක්ෂි තිබේ.[17]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. 1 2 "Menopause Basics". United States Deputy Secretary of Health and Human Services. 13 මාර්තු 2025. සම්ප්‍රවේශය 15 මාර්තු 2025.
  2. 1 2 3 4 5 6 7 8 9 "What are the treatments for other symptoms of menopause?". Eunice Kennedy Shriver National Institute of Child Health and Human Development. 28 ජූනි 2013. 20 මාර්තු 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 මාර්තු 2015. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "NIH2013Tx" defined multiple times with different content.
  3. 1 2 Krause MS, Nakajima ST (මාර්තු 2015). "Hormonal and nonhormonal treatment of vasomotor symptoms". Obstetrics and Gynecology Clinics of North America. 42 (1): 163–179. doi:10.1016/j.ogc.2014.09.008. PMID 25681847. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Kra2015" defined multiple times with different content.
  4. 1 2 "Menopause: Overview". Eunice Kennedy Shriver National Institute of Child Health and Human Development. 28 ජූනි 2013. 2 අප්‍රේල් 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 මාර්තු 2015. සංරක්ෂිත පිටපත, http://www.nichd.nih.gov/health/topics/menopause/Pages/default.aspx, ප්‍රතිෂ්ඨාපනය 19 May 2026
  5. 1 2 3 4 5 6 "Menopause: Overview". PubMedHealth. 29 අගෝස්තු 2013. 10 සැප්තැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 මාර්තු 2015. සංරක්ෂිත පිටපත, https://www.ncbi.nlm.nih.gov/pubmedhealth/PMH0072495/, ප්‍රතිෂ්ඨාපනය 19 May 2026
  6. Takahashi TA, Johnson KM (මැයි 2015). "Menopause". The Medical Clinics of North America. 99 (3): 521–34. doi:10.1016/j.mcna.2015.01.006. PMID 25841598.
  7. 1 2 3 "What is menopause?". Eunice Kennedy Shriver National Institute of Child Health and Human Development. 28 ජූනි 2013. 19 මාර්තු 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 මාර්තු 2015. සංරක්ෂිත පිටපත, http://www.nichd.nih.gov/health/topics/menopause/conditioninfo/Pages/default.aspx, ප්‍රතිෂ්ඨාපනය 19 May 2026
  8. 1 2 Sievert, Lynnette Leidy (2006). Menopause : a biocultural perspective ([Online-Ausg.] ed.). New Brunswick, N.J.: Rutgers University Press. p. 81. ISBN 9780813538563. 10 සැප්තැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  9. International position paper on women's health and menopause : a comprehensive approach. DIANE Publishing. 2002. p. 36. ISBN 9781428905214. 10 සැප්තැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  10. 1 2 3 4 "What are the symptoms of menopause?". Eunice Kennedy Shriver National Institute of Child Health and Human Development. 6 මැයි 2013. 20 මාර්තු 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 මාර්තු 2015. සංරක්ෂිත පිටපත, http://www.nichd.nih.gov/health/topics/menopause/conditioninfo/Pages/symptoms.aspx, ප්‍රතිෂ්ඨාපනය 19 May 2026
  11. "What Is Menopause?". National Institute on Aging. 7 ඔක්තෝබර් 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 ඔක්තෝබර් 2018. සංරක්ෂිත පිටපත, https://www.nia.nih.gov/health/what-menopause, ප්‍රතිෂ්ඨාපනය 19 May 2026
  12. "What causes menopause?". Eunice Kennedy Shriver National Institute of Child Health and Human Development. 6 මැයි 2013. 2 අප්‍රේල් 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 මාර්තු 2015. සංරක්ෂිත පිටපත, http://www.nichd.nih.gov/health/topics/menopause/conditioninfo/Pages/causes.aspx, ප්‍රතිෂ්ඨාපනය 19 May 2026
  13. Suster, David; Liu, Martina Z.; Lin, Douglas I. (2019). "3. Benign diseases of the ovary". In Zheng, Wenxin; Fadare, Oluwole; Quick, Charles Matthew; Shen, Danhua; Guo, Donghui (eds.). Gynecologic and Obstetric Pathology (ඉංග්‍රීසි බසින්). Vol. 2. Springer: Springer. p. 96. ISBN 978-981-13-3018-6. 2 අගෝස්තු 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 ජූලි 2022.
  14. Warren, volume editors, Claudio N. Soares, Michelle (2009). The menopausal transition : interface between gynecology and psychiatry ([Online-Ausg.] ed.). Basel: Karger. p. 73. ISBN 978-3805591010. {{cite book}}: |first= has generic name (help)CS1 maint: multiple names: authors list (link)
  15. "How do health care providers diagnose menopause?". Eunice Kennedy Shriver National Institute of Child Health and Human Development. 6 මැයි 2013. 2 අප්‍රේල් 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 මාර්තු 2015. සංරක්ෂිත පිටපත, http://www.nichd.nih.gov/health/topics/menopause/conditioninfo/Pages/diagnosed.aspx, ප්‍රතිෂ්ඨාපනය 19 May 2026
  16. Wood, James. "9". Dynamics of Human Reproduction: Biology, Biometry, Demography. Transaction Publishers. p. 401. ISBN 9780202365701. 10 සැප්තැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  17. Franco OH, Chowdhury R, Troup J, Voortman T, Kunutsor S, Kavousi M, Oliver-Williams C, Muka T (ජූනි 2016). "Use of Plant-Based Therapies and Menopausal Symptoms: A Systematic Review and Meta-analysis". JAMA. 315 (23): 2554–63. doi:10.1001/jama.2016.8012. PMID 27327802.


වර්ගීකරණය
බාහිර සම්පත්
"https://si.wikipedia.org/w/index.php?title=ආර්තවාභාවය&oldid=791020" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි