අව්‍යය පද

විකිපීඩියා වෙතින්
(අවයය පද වෙතින් යළි-යොමු කරන ලදි)

වර නොනැගෙන පද හෙවත් ‘ව්‍යය’ නොවන පද, අව්‍යය පද ලෙස හඳුන්වයි.[1] මෙම පදවලට වචන භේදය, ලිංග භේදය සහ විභක්ති භේදයක් නැත. අව්‍යය පද ප්‍රධාන දෙකොටසකට බෙදේ.[2]

  1. උපසර්ග
  2. නිපාත

උපසර්ග[සංස්කරණය]

නාම පදයක හෝ ක්‍රියා පදයක මුලට පමනක් යෙදේ

  • උපසර්ග පදය අර්ථය වෙනස් කරයි. (උදා- දේශ-පරෙදේශ)
  • උපසර්ග පදය අර්ථය බබළවයි. (උදා- මිහිරි-සුමිහිරි)
  • ඇතැම් විට උපසර්ග පදය අර්ථය අනුව ම පවතී. (උදා- රහිත-විරහිත)

මෙවැනි උපසර්ග රැසක් සිංහල භාෂාවේ ඇත.

  • ප, පැ, අව, අනු, නි, සං, වි, උප, අප, පස්, පිළි, අ, පරි, උ, ඔ, අති, කු.

මේ හැරුණු විට සංස්කෘත භාෂාවෙන් සිංහලයට එක් වු උපසර්ග ඇත.

  • නිර්, නිස්, ප, අභි, සං, අධි.

නිපාත[සංස්කරණය]

වාක්‍යයක මුල, මැද, අග යන කවර තැනක වුව ද යෙදේ.

  • යලි, නුඔ, මෙහි, නො, එතියි

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "අව්‍යය පද". අධ්‍යාපන අමාත්‍යංශය (ශ්‍රී ලංකාව). 24 අගෝස්තු 2015. සම්ප්‍රවේශය 6 ඔක්තෝම්බර් 2016.
  2. "අව්‍යය පද". .myschool.lk. 24 අගෝස්තු 2015. සම්ප්‍රවේශය 6 ඔක්තෝම්බර් 2016.
"https://si.wikipedia.org/w/index.php?title=අව්‍යය_පද&oldid=507245" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි