අයිවර් කෝස්ට්

විකිපීඩියා වෙතින්
tiny globe
             ජාතික කොඩිය
අගනුවර සහ විශාලම නගරය යමුස්සොක්‍රරො, ඇබිඩ්ජන් උතුරු අංශක 6°51′ බටහිර දේෂාංශ 5°18′
ගොනුව:250px-LocationCotedIvoire.svg.png
රාජ්‍ය භාෂාව ප්‍රංශ
අනෙකුත් භාෂාවන් බව්ලි, ඩිඔලා, ඩැන්, ඇයින් සහ සෙබාරා
ගුප්තනාමය අයිවරියන්/ අයිවොරියන්
රාජ්‍යය අර්ධ ජනාධිපති ජනරජය
නිදහස ප්‍රංශයේ සිට
දිනය 7 අගෝස්තු 1960
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 322,460
වර්ග සැතපුම් 124,502
ජලය (%) 1.4
            ජනගහනය
2009 තක්සේරුව 20,617,068
1998 ජන සංගණනය 15,366,672
ඝනත්වය වර්ග කිලෝමීටර 63.9 වර්ග සැතපුම් 65.6
දළ ජාතික නිෂ්පාදිතය 2010 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 37.123
සාමාන්‍ය ඩොලර් 1,685
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2010 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 23.635
සාමාන්‍ය ඩොලර් 1,073
මානව සංවර්ධන දර්ශකය HDI (2009) 0.484 (පහළ)
මුදල් බටහිර අප්‍රිකානු ෆෑන්ක්
මං තීරුව දකුණ
අන්තර්ජාල .ci
දුරකථන සංකේත 225

අයිවර් කෝස්ට්, බටහිර අප්‍රිකාවේ පිහිටා ඇති රටකි. මෙම රට ඉංග්‍රීසි බසින් මෙනමින් පොදුවේ හඳුන්වනු ලබන මුත් එසේ ව්‍යවහාර කිරීම, අයිවරි රාජ්‍ය විසින් නිල වශයෙන් අධෛර්යමත් කරයි. ඔවුන්ගේ මනාපය වන්නේ සියළු භාෂාවන්ගෙන් ස්වකීය රටෙහි ප්‍රංශ නාමය වන'කොටෙ ඩී අයිවරි' (cote d' Ivoire) යන්නෙන් හඳුන්වනු ලැබීමටයි. අයිවරි කෝස්ට් රාජ්‍ය සතුවන භූමි ප්‍රමාණය වර්‍ග කි.මී. 322462 කි. රටේ දේශ සීමාවන් වන්නේ ලයිබීරියාව, ගිනියා, මාලි, බුර්කිනා ෆසෝ හා ඝානා යන රටවල්ය. එහි දකුණු දිග මායිම ගිනියා බොක්ක හරහා වැටී තිබේ. 1998 වසරේ දී 15, 366, 672 ක්වූ ජනගහනය, 2009 දී 20,617,068 ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබිණි.

යුරෝපීය ආක්‍රමණයන්ට පෙරාතුව අයිවර් කෝස්ට් රාජ්‍යය බොහෝ වැදගත් රාජ්‍යයන්ට නිවහන වී තිබිණි. එවැනි රාජ්‍යයන් අතර ගයාමාන්, ‍කොං අධිරාජ්‍යය (Kong Empire) සහ ‍'බොලෙ' (Baoule) විය. තවද, ප්‍රංශ යටත් විජිත සමය පුරාවටම සහ අයිවරි කෝස්ට් රාජ්‍යයට නිදහස ලැබීමෙන් පසුව පවා, වෙන්කොට හැඳින්වෙන ස්වකීය අනන්‍යතාවයන් තවදුරටත් රැකගැනීමට වෑයම් කළ 'අග්නි' රාජධානිය දෙක (Agno Kingdoms) 'ඉන්ඩෙනී' (Indenie) සහ 'සන්වි' (Sanwi) යන රටවල් ද, අයිවරි කෝස්ට් රාජ්‍යයට අයත්ව තිබිණි. වර්‍ෂ 1843 – 1844 කාලයේ දී එකඟ වූ ගිවිසුමකට අනුව අයිවරි කෝස්ට් ප්‍රංශයේ ආරක්ෂිත යටත් රාජ්‍යයක් බවට පත්වූ අතර, 1893 දී එය අප්‍රිකාව සඳහා වූ යුරෝපීයන්ගේ අරගලයේ කොටසක් ලෙසින් ප්‍රංශයේ යටත් විජිතයක් බවට පත් කරන ලදි.

1960 අගෝස්තු 7 වන දින මෙම රාජ්‍යය නිදහස ලැබීය. 1960 සිට 1993 දක්වා මෙරටට නායකත්වය දුන්නේ 'හවුපොඑට් බොයිග්නි' (Houphouet Boigny) විසින්ය. අයිවරි කෝස්ට් රාජ්‍ය ස්වකීය බටහිර අප්‍රිකානු අසල්වැසි රටවල් සමඟ දේශපාලනික, හා ආර්ථික සමීප සබඳතා පවත්වාගෙන යයි. එසේම, බටහිර ජාතීන් සමඟ විශේෂයෙන්ම ප්‍රංශය සමඟ සමීපව ඇසුරු කරයි. කෙසේ වෙතත් 'හවුපොඑට් බොයිග්නි '‍ගේ පාලනය අවසන් වීමෙන් පසුව, මෙම රට නීත්‍යානුකූල නොවන කුමන්ත්‍රණ දෙකකට (1999 දී හා 2001 දී) සහ සිවිල් යුද්ධයකට මුහුණ දුන්නේ ය. එහෙත් මෑතකදී පවත්වන ලද මැතිවරණය ද නව රජය හා කැරලිකරුවන් අතර ඇතිකර ගත් දේශපාලන එකඟතාවය ද මෙරටට නැවත සාමය ගෙන ඒමට හේතු භූත විය.

අද වනවිට අයිවරි කෝස්ට් රාජ්‍යය ජනාධිපතිවරයාට ප්‍රබල විධායක බලතල ආරෝපණය කරනු ලැබ ඇති ජනරජයක් වෙයි. නීතියට අනුව මෙරටෙහි අගනුවර වනුයේ 'යමොසොවුක්රො' ය (Yamoussoukro). රාජ්‍ය භාෂාව ප්‍රංශ බසය. මෙම රට පළාත් 19 කට ද, ප්‍රදේශ 58 කට ද බෙදා ඇත. අයිවරි කෝස්ට් රාජ්‍යය කෝපි සහ කොකෝවා නිෂ්පාදනය තුලින් 1960 ගණන් වලදී සහ 1970 ගණන් වලදී බටහිර අප්‍රිකාවේ ඉතා ප්‍රබල ආර්ථිකයක් සහිත රටක් බවට පත් වී තිබිනි. කෙසේ වෙතත් 1980 ගණන් වලදී මෙම රාජ්‍ය මුහුණ දුන් ආර්ථික අර්බුදය, දේශපාලන හා සමාජීය ප්‍රචණ්ඩ හා කැළඹිලි සහිත කාලපරිච්ඡේදයක් වෙත රට ගෙන ගියේය.

21 වන සියවසේ අයිවරි කොස්ට් ආර්ථිකය පුළුල් වශයෙන් වෙළෙඳපොල පදනම් කරගන්නක් වු අතර දැඩි විශ්වාසයක් රැදවූයේ කෘෂිකර්මාන්තය මතය. මෙහිදී අලෙවිය සඳහා කෘෂි නිෂ්පාදනයෙහි යෙදුනු කුඩා වතු හිමියෝ පුමුඛ වුහ. ජනගහනයෙන් හතරෙන් එකක් පමණ දිවි ගෙවන්නේ ජාත්‍යන්තර අවම දෛනික ආදායම වූ ඇමෙරිකන් ඩොලර් 1.25 කටත් වඩා අඩු ආදායමක් ලබමිනි.

"https://si.wikipedia.org/w/index.php?title=අයිවර්_කෝස්ට්&oldid=471645" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි