අයනීකාර විකිරණය
අයනීකාර විකිරණය යනු එහි ඇති අධික ශක්තිය හෙයින් ඉලෙක්ට්‍රෝනයන් පරමාණු හෝ අණුවලින් නිදහස් කර, එම පරමාණු හෝ අණු අයනීකරණයට ලක්කරන විකිරණය යි. අයනීකාර විකිරණය උපපරමාණුක අංශූන්, අයන හෝ අධිවේගී (සාමාන්‍යයෙන් ආලෝක වේගයෙන් 1%ට වඩා වැඩි) පරමාණු, සහ විද්‍යුත්චුම්බක ආවලියේ අධිශක්ති අන්තයේ ඇති විද්‍යුත්චුම්බක තරංග වලින් සුසැදේ.
වර්ග[සංස්කරණය]

ඇල්ෆා (α) විකිරණය යනු වේගයෙන් චලන දක්වන හීලියම්-4 (4
He
) න්‍යෂ්ටි වන අතර කඩදාසියකින් නවත්වාලිය හැකියි. බීටා (β) විකිරණය යනු ඉලෙක්ට්‍රෝන වන අතර, ඇලුමිනියම් තහඩුවකින් නැවතිය හැක. ගැමා (γ) විකිරණය යනු ශක්තිමත් ෆෝටෝන වන අතර ඝනත්ව වෘද්ධ ද්‍රව්‍යයක් විනිවිද යන ගමන් කෙමෙන් එතුළට උරා ගැනේ. න්‍යුට්‍රෝන (n) විකිරණය යනු නිදහස් න්‍යුට්‍රෝන වන අතර හයිඩ්‍රජන් වැනි සැහැල්ලු මූලද්‍රව්‍ය මඟින් අවහිර වී ඒවායේ වේගය අඩු වීම හෝ මූලද්‍රව්‍යවලට නතු වීම සිදු වේ. රූපයේ නො දක්වා ඇති චක්‍රාවාටීය අන්තරීක්‍ෂ කිරණ ප්‍රෝටොන, හීලියම් න්‍යෂ්ටි හා HZE අයන නමැති අධි ආරෝපිත න්‍යෂ්ටි වැනි ශක්තිමත් ආරෝපිත න්‍යෂ්ටිවලින් සෑදී ඇත.

මේඝ කුටීර අයනීකාර විිකිරණය දෘශ්‍යකරණයට භාවිතා කළ හැකි උවඟ ස්වල්පයෙන් එකකි. අංශු භෞතික විද්‍යාවේ මුල් අවදියේ දී පිරියෙසුම් සඳහා භාවිතා වුවත්, වැදගත් අධ්‍යාපනික මෙවලමක් ලෙස අදටත් භාවිතා වේ.