අඹේවෙල

විකිපීඩියා වෙතින්
අඹේවෙල
අඹේවෙල කඳු හා තණබිම්
අඹේවෙල කඳු හා තණබිම්
අඹේවෙල is located in Sri Lanka
අඹේවෙල
අඹේවෙල
ඛණ්ඩාංක: 06°53′53″N 80°48′08″E / 6.89806°N 80.80222°E / 6.89806; 80.80222ඛණ්ඩාංක: 06°53′53″N 80°48′08″E / 6.89806°N 80.80222°E / 6.89806; 80.80222
රටශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
දිස්ත්‍රික්කයනුවරඑළිය

අඹේවෙල ශ්‍රී ලංකාවේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා කඳුකර නගරයකි. මෙම ප්‍රදේශය "කුඩා නවසීලන්තය" ලෙස ද හැඳින්වේ. මෙම නගරය දිස්ත්‍රික්ක්යේ ප්‍රධාන නගරය වූ නුවරඑලියට කි.මී. 17ක් (සැතපුම් 11ක්) පමණ ගිණිකොන දෙසට වන්නට පිහිටා තිබේ. අඹේවෙල නව ගැල්වේ තේ රෝපණ දිසාවට සේවා මධ්‍යස්ථානයක් ද වේ.

දේශගුණය සහ වෘක්ෂලතා[සංස්කරණය]

අඩි 6,064ක (මී. 1,848ක) විශාල උසකින් පිහිටා තිබීම නිසා වාර්ෂික මධ්‍ය උෂ්ණත්වය 17.5 °C (63.5 °F) පමණ අගයක් ගන්නා අතර ශීත කාලයට හිම තුහීන දැකගත හැකි ය. අඹේවෙල ශ්‍රී ලංකාවේ වැඩි ම උසකිනුත්, පුළුල් ම තෘණභූමි දැකිය හැකි ප්‍රදේශයක් වීම හේතුවෙනුත් ප්‍රචලිත ය.[1] ගෝනුන්, දිවියන්, අලින් වැනි ක්ෂීරපායිහු මෙම ප්‍රදේශයේ කැලෑවල වැඩි වශයෙන් වාසය කරති.

අඹේවෙල හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට යන මාර්ගයේ පිහිටා ඇති අතර එහි මනස්කාන්ත දර්ශනවලට, Rhododendron arboreum මල්වලට, මී. 1,219ක් (අඩි 3,999ක්) පහලට ඇති හෙළක් වූ ලෝකාන්තය යන ඒවාට ජනප්‍රිය ය. හෝර්ටන් තැන්නටත් ඔහියටත් සමානව මෙම ප්‍රදේශය ද වැදගත් කුරුළු භූමියක් ද වීම නිසා මෙම ප්‍රදේශය කුරුල්ලන් නැරඹීමට ද ප්‍රසිද්ධ ය.[2]

වැදගත්කම සහ ආර්ථික කටයුතු[සංස්කරණය]

අඹේවෙල තිබෙන දේශගුණික හා ආර්ථික තත්ත්වයන් නිසාවෙන් මෙම ප්‍රදේශය කිරි ගොවිතැනට කදිම ය. මෙම ප්‍රදේශයේ ඇති ගොවිපොළවල් වන අඹේවෙල ගොවිපොළ හා නවසීලන්ත ගොවිපොළ යන ගොවිපොළවල්වල පිළිවෙලින් අයිර්ෂයර් හා ෆ්‍රීසියානු ගවයන් ඇති කෙරේ.[3]

සුළං බලශක්තිය සංවර්ධනය කිරීමේ හැකියාව[සංස්කරණය]

අඹේවෙල ගොවිපොළේ ගවයින්

අඹේවෙල භූගෝලීය පිහිටීම හා පිහිටි උස හේතුවෙන් බොහෝවිට තත්පරයට මීටර් 12 (තත්පරයට අඩි 39) වැනි වේගයන්ගෙන් හමා එන බලවත් නිරිතදිග මෝසම් සුළංවලට නිරාවරණය වේ. මෙම හේතුවෙන් මෙම ප්‍රදේශය සුළං ගොවිපොළවල්වලට හා අනෙකුත් සුළං බලශක්ති සංවර්ධනයන්ට සුදුසු වේ. මෙම ප්‍රදේශය ප්‍රධාන වශයෙන් ම ගවයන් ඇතිකිරීමට යොදා ගැනීම නිසාත්, සුළං ටර්බයිනවලින් ගවයන්ට හානියක් ඇති නොවීමත් නිසා මෙම ප්‍රදේශය සුළං බලශක්තිය සංවර්ධනයට ලාභදායී ප්‍රදේශයකි. මෙම හේතූන් දේශීය හා විදේශීය ආයෝජකයින් විශාල ප්‍රමාණයකගේ ආකර්ෂණයට ලක් වී ඇත.

2003දී ලංකා විදුලිබල මණ්ඩලය හා NREL මඟින් කළ අධ්‍යනයකින් මෙම ප්‍රදේශය වසරේ ඉතා කුඩා කාලයක් වූ නිරිතදිග මෝසම් කාලයට පමණක් ලාභදායී වන අතර ඊසානදිග මෝසම් මෙම ප්‍රදේශයේ උස නිසා ළඟා නොවන බව සොයාගෙන ඇත.

අඹේවෙල සුළං බල පද්ධතිය

සුළං ටර්බයින වැනි උපාංග ප්‍රවාහනය කිරීම ද මෙම ප්‍රදේශයේ ඇති ප්‍රවාහන මාර්ග තත්ත්වයන් නිසා අපහසු කාර්යයක් බවට පත් වේ. අධ්‍යනයන් මඟින් සොයාගනු ලැබුවේ කිලෝවොට් 600ට වඩා ධාරිතාව ඇති ටර්බයින ගෙන ඒම කිසිසේත්ම නොකළ හැක්කක් බව යි. තවදුරටත් අධ්‍යනයන් මඟින් හෙළි වූයේ කිලෝවොට් 600ට අඩු ටර්බයිනවලින් සුළං බලාගාරයක් සෑදීම ආයෝජකයාට බෙහෙවින් ම පාඩු සහගත බව යි.

ප්‍රවාහන මාර්ගයන්[සංස්කරණය]

තවදුරටත් කියවන්න[සංස්කරණය]

ආශ්‍රිත ලේඛන[සංස්කරණය]

  1. "Ambewela" alawathugoda.com. ලබාගත්තේ 2008 ඔක්තෝම්බර් 13 දින දී ය.
  2. "IBAs in Sri Lanka" birdlife.org. BirdLife ජාත්‍යන්තර සංවිධානය. ලබාගත්තේ 2 දෙසැම්බර් 2009 දින දී ය.
  3. "Ambewela Farms" stassengroup.com. ලබාගත්තේ 2008 ඔක්තෝම්බර් 13 දින දී ය.
"https://si.wikipedia.org/w/index.php?title=අඹේවෙල&oldid=433086" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි