අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ න්‍යෂ්ටික අවි සිදුවීම, 2007

විකිපීඩියා වෙතින්
අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ න්‍යෂ්ටික අවි සිදුවීම 2007

B-52H යානාව මයිනොට් ගුවන් හමුදා කඳවුරෙන් පිටත්වීම
දිනය2007 අගෝස්තු මස 29-30
පිහිටුම
මයිනොට් ගුවන් හමුදා කඳවුර, උතුරු ඩකෝටා සහ බාර්ක්ස්ඩෙල් ගුවන් හමුදා කඳවුර, ලුසියානා
ප්‍රතිඵලය න්‍යෂ්ටික යුධ ශීර්ෂ 6ක් අනිසි ලෙස පාලනය සහ පැය 36ක කාලයක් පුරාවට වගකීම් විරහිත ලෙස හා අනාරක්ෂිතව තැබීම

මෙම අනපේක්ෂිත සිදුවීම 2007 අගෝස්තු මස 29 හා 30 යන දිනයන්හිදී මයිනොට් ගුවන් හමුදා කඳවුර සහ බාක්ස්ඩෙල් ගුවන් හමුදා කඳවුර අතර වාර්තා වුණි. මයිනොට් ගුවන් හමුදා කඳවුරෙන් අතපසුවීමකින් W80-1 විචල්‍ය වෙඩි බලයක් සහිත න්‍යෂ්ඨීක යුධශිර්ෂ වලින් සන්නද්ද වූ AGM-129ACM කෘස් මිසයිල 6ක් අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ බර අවි ප්‍රවාහනය කරන B-52H ගුවන් යානාවේ ගබඩාකර බාර්ක්ස්ඩෙල් කඳවුර දක්වා ප්‍රවාහනය කිරීමට කටයුතු කරන ලදී. මෙම මිසයිල ශිර්ෂ ඒවා ගබඩාකර තිබූ මයිනොට් කඳවුරේ බංකරයෙන් පිටතට ගැනීමේදී ඉවත් කිරීමට නියමිතව තිබුණද, මයිනොට් හා බාර්ක්ස්ඩෙල් කඳවුරු අතර ගුවන් කාලය වූපැය 36 පුරාවටම එම මිසයිල ශිර්ෂ ඉවත් කල බවක් වාර්තා නොවූ අතර ඒවා සියල්ල ගුවන් යානා හා සවි වි තිබු බව කඳවුරු දෙකෙහිම සටහන් වී තිබුණි. සාමාන්‍යයෙන් මිසයිල ශිර්ෂ ප්‍රවාහනයේදී ගත යුතු අනිවාර්ය ආරක්‍ෂිත උපක්‍රම කිසිවක් මෙම අවස්ථාවේදී සම්පුර්ණ ගුවන් කාලය පුරාවටම ඔවුන් අනුගමනය කර නොතිබුණි.

මෙම සිදුවීම එක්සත් ඇමරිකාවේ හමුදා ප්‍රධානීන්ටද දැනගැනීමට ලැබුණු අතර ඔවුන් විසින් මෙය, න්‍යාෂ්ටික අවි හා සම්බන්ද සැලකිය යුතු අවදානයක් යොමුකළ යුතු වු නමුත් න්‍යාෂ්ටික යුද්ධයකට බලපෑම් කිරීමක් නොකරන අවස්ථාවක් ලෙස සලකන බෙන්ට් ස්පියර් නමැති සිදුවීම් ගණයට ඇතුලත් කරන ලදී. ඔවුන් එසේ කලද එක්සත් ඇමරිකානු ගුවන් හමුදාව මෙම සිදුවීම අද වන තෙක් නිල වශයෙන් වර්ග කිරීමට ලක් කරන්නට කටයුතු නොකරන ලදී.

මෙම සිදුවීම සම්බන්දයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ආරක්ෂක අමාත්‍යාංශය සහ එක්සත් ඇමෙරිකානු ගුවන් හමුදාව විශේෂ පරීක්ෂණයක් සිදු කල අතර එහි ප්‍රතිඵල 2007 ඔක්තෝබර් මස 19 වන දින ලබා දුනි. එහි නිගමනය වශයෙන් සඳහන් වුයේ න්‍යාෂ්ටික අවි ප්‍රවාහනයේදී අනුගමනය කරනු ලබන සම්මතයන් හා ක්‍රියාමාර්ග අවස්ථා කීපයකදීම ගුවන් හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු විසින්ම අතපසු කර ඇති බවයි. මෙම නිගමනය මහින් ඉහළ නිලධාරීන් තමන්ගේ වැරැද්ද වසා ගත් නමුත් නිලයෙන් අඩු නිලධාරින් කිහිප දෙනෙකුම විනය කමිටුව හමුවට කැඳවන අතර තවත් සමහරෙක්ට සුවිශේෂ හමුදා කටයුතු කිරීමේ හැකියාව තහනම් කල අතර තවත් සමහරෙක්ට ඉහත දඬුවම් දෙකටම යටත් වන්නට සිදු විය. තවදුරටත් මයිනොට් ගුවන් හමුදා කඳවුරේ සිට කෘස් මිසයිල ප්‍රවාහනය ඇතුළු සියලු න්‍යාෂ්ටික අවි හා සම්බන්ද සියලු ක්‍රියාකාරකම් නැවත්වීමට නියෝග කරන ලදී. ඊට අමතරව එ.ඇ.ගු.හ. විසින් න්‍යාෂ්ටිකඅවි හැසිරවීමේදී දත යුතු වන ක්‍රියාමාර්ග හා ක්‍රියාපටිපාටි අලුතින් නිකුත් කරන ලදී.

තවත් පරීක්ෂාවක් එ.ඇ.ආරක්ෂක විද්‍යා ආයතනය හා එ.ඇ.ගු.හ. නිල් පටි නම් මණ්ඩලය එක්ව සිදුකල අතර ඔවුන් මෙම ගැටලුවට හේතුව ආරක්ෂක මණ්ඩලයේ න්‍යාෂ්ටික අවි සම්බන්ධ ක්‍රියාවලියන්ගේ හා ක්‍රමෝපායන්ගේ දුර්වලතාවයන් බව නිගමනය කලත් ඔවුන්ට එම න්‍යාෂ්ටික අවි හා සම්බන්ධ ආරක්ෂණ දුර්වලතාවය කුමක්ද යන්න හදුනාගැනීමට නොහැකි විය. මෙම සිදුවීම මූලික කරගෙන 2008 ජුනි මස 5 වන දින ගුවන් හමුදා ලේකම් මයිකල් වියන් හා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ටී. මයිකල් මොස්ලි ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන් අතර ඒවා අනුමත විය. 2008 ඔක්තෝබර් මස විමර්ශන කමිටුවේ නිර්දේශයන්ට අනුව එ.ඇ.ගු.හ. විසින් න්‍යාෂ්ටික බෝම්බ, මිසයිල හා මිනිසුන් සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් වල පාලනයන් ගු.හ. ගෝලීය ප්‍රහාරක බලකාය නම් ආයතනය පිහිටුවා එයට භාරකරන ලදී.

පසුබිම:[සංස්කරණය]

2007 වසරේ 5BW ගුවන් හමුදා අනුඛණ්ඩයේ නිවහන වුයේ ම්යිනොට් ගුවන් හමුදා කඳවුර වන අතර 2BW අනුඛණ්ඩයේ නිවහන වුයේ බාර්ක්ස්ඩෙල් ගුවන් හමුදා කඳවුරයි. මෙම අනුඛණ්ඩ 2ට අයත් වුයේ එ.ඇ.ගු.හ. ගුවන් ප්‍රහාරක බලඇණියේ එක කොටසක් වූ, බාර්ක්ස්ඩෙල් කඳවුරේ පිහිටි 8AF නම් හමුදා කණ්ඩයටයි. මෙම සිදුවීම වන විට 5BW අනුඛණ්ඩයට කර්නල් බ්රුස් එමින්විසින්ද, 2BW අනුඛණ්ඩයට කර්නල් රොබට් විලර් විසින්ද, 8AF හමුදා ඛණ්ඩය ලුතිනන් ජෙනරාල් රොබට් එල්ඩර් විසින්ද ගුවන් ප්‍රහාරක බලඇණිය ජෙනරාල් රොනල්ඩ් කීස් විසින්ද අණ දෙනු ලැබීය.

එ.ඇ.ගු.හ. පියාසර පරමාර්ථ පිළිබඳ ලේඛණයට අනුව 5BW අනුඛණ්ඩය එ.ඇ.ගු.හ. යුදෝපකරණ පිළිබඳ ප්‍රහාරක බලකායෙහි පාර්ශව කරුවෙකු ලෙස B-52 ගුවන් හමුදා මෙහෙයුම් භාරව කටයුතු කරන ලදී. මේ අනුව ලොව පුරා ඉලක්ක වෙත න්‍යාෂ්ටික අවි ප්‍රවාහනය කිරීමේ කාර්ය 5BW අනුඛණ්ඩයහට තිබෙන එක් කාර්යභාරයක් විය. ඒ හේතුවෙන් මයිනොට් ගු.හ.කඳවුරු සතුව න්‍යාෂ්ටික බෝම්බ, න්‍යාෂ්ටික යුධ ශිර්ෂ සහ ඒවා ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් මෙන්ම AGM-129 නමැති උසස් දියුණු කෘස් මිසයිලගබඩා කල අවි හලක්ද පැවතුනි.

AGM-129 මිසයිලයක් ගුවනේදී

W80-1 විචල්‍ය වෙඩි බලයක් සහිත න්‍යාෂ්ටික මිසයිල ශිර්ෂ ප්‍රවාහනය සදහා AGM129 කෘස් මිසයිල වර්ග 1987 දී නිෂ්පාදනය කරනු ලැබීය. AGM129 මිසයිල B-1 නම් බෝම්බ ප්‍රවහන ගුවන් යනාව මගින් ප්‍රවාහනය සඳහා නිර්මාණය කලද පසුව එය B-52 ගුවන් යානා මගින් පමණක් ප්‍රවාහනයට තීරණය කරන ලදී. ගුවන් යානාවේ තටුවට පිටතින් සවි කරන ලද ආධාරකයක හෝ ඇතුලතින් ඇති විශේෂ ස්ථානයක මෙම මිසයිල තබාගෙන ගමන් කල හැකිය. 2000වසරේදී එ.ඇ.ගු.හ. අවි පාලනය පිළිබඳ ගිවිසුමට අනුව මෙතෙක් මිසයිල ශිර්ෂ ප්‍රවාහනය කල AGM129 මිසයිල භාවිතයෙන් ඉවත් කොට ඒ සඳහා AGM86 මිසයිල භාවිතා කිරීමට එකගවන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මයිනොට් ගුවන් කඳවුරේදී පැවති සියලුම AGM-129 මිසයිල B-52 ගුවන් යානා මගින් ලුසියානා වල පිහිටි බාක්ස්ඩෙල් ගුවන් හමුදා කඳවුරට ගෙනගොස් භාවිතයෙන් බැහැර කිරීමට කටයුතු කරන ලදී. වොෂින්ටන් පොස්ට් නම් පුවත් පතට අනුව 2007 අගෝස්තු මස 29 වනදා වන විට AGM129 කෘස් මිසයිල 200ක් පමණ මෙසේ ගුවන් මගින් මයිනොට් කඳවුරේ සිට බාර්ක්ස්ඩෙල් කඳවුර දක්වා ප්‍රවාහනය කර තිබුණි.

සිදුවීම:[සංස්කරණය]

2007 අගෝස්තු මස 29 වන දින දේශීය වේලාවෙන් 8 ත් 9 ත් අතර එ.ඇ.ගු.හ. පියාසර නිලධාරින් පිරිසක් බංකරයෙහි ගබඩාකර තිබූ AGM129 කෘස් මිසයිල මයිනොට් සිට බාර්ක්ස්ඩෙල් දක්වා ප්‍රවාහනයට සූදානම් කරන ලදී. B52 යානාවේ තටුවක පහළ සවි කල ආධාරකයක ව්‍යාජ AGM-129 මිසයිල 6ක් බැගින් යානාවේ තටු 2හි සවිකල ආධාරක 2ක් මගින් මිසයිල 12ක් ප්‍රවාහනයට නියමිතව තිබුණි. මේවා ප්‍රවාහනයෙදී ව්‍යාජ න්‍යාෂ්ටික යුධ ශිර්ෂ, මිසයිල හා සම්බන්ද කිරීමට නියමිතව තිබුණත් සත්‍ය වශයෙන්ම එහි ව්‍යාජ යුධ ශිර්ෂ සවි කර තිබුනේ මිසයිල 6ක් පමණක් බවත් ඉතිරි මිසයිල ශිර්ෂ 6හි සැබෑ මිසයිල ශිර්ෂ තිබු බවත් බාර්ක්ස්ඩෙල් කඳවුරෙන් වාර්තා විය. පසුව කරන ලද පරීක්ෂණ වලදී තහවුරු වූයේ මිසයිල නිරීක්ෂණයට යොදා ගත් ඉලෙක්ට්‍රොනික පද්ධතිය මෙම මිසයිල ප්‍රවාහනය සදහා සුදානම් කර ඇති ඒවා බවට හදුනාගෙන නොතිබූ බැවින් මෙම අවිධිමත් ක්‍රියාවලිය ඉලෙක්ට්‍රොනික පද්ධතිය විසින් අනුමත කර ඇති බවයි. මිසයිල හැසිරවීම සඳහා පත්කළ පිරිස විසින් පැරණි උපකරණ භාවිතා කර ඇති බවත් එබැවින් ඒවායේ මිසයිල වල තත්වය පිළිබඳ නිවැරදි සත්‍ය තොරතුරු නොතිබි ඇති බැවින් ඉලෙක්ට්‍රොනික පද්ධතිය මුලාවට පත් වි ඇත. පළමුව ප්‍රවාහනයට තීරණය කර තිබු මිසයිල පසුව කල්ඉකුත්වීමට ආසන්න මිසයිල මගින් ප්‍රතිස්ථාපනය කර තිබුනද ඒ බව අභ්‍යන්තර ප්‍රයෝජනය සඳහා යොදා ගනු ලබන ලියකියවිලි වල සටහන් වී නොතිබුන අතර ප්‍රවාහන සැලසුමේ පමණක් අන්තර්ගත වී තිබී මෙම ගැටලුවේ හේතු වශයෙන් හඳුනාගනු ලැබීය.

මයිනොට්හීදී AGM-129 මිසයිල ආධාරකයක් ගුවන් යානාවේ තටුවකට සවි කරන අයුරු

මෙම න්‍යාෂ්ටික අවි ගබඩා වලින් පිටතට ගැනීමට පෙර ඒ පිළිබඳ පරීක්ෂාකිරීමට නිලධාරී මණ්ඩලයක් පැමිණියද ඊට පෙර පැමිණ සිටි නිලධාරීන් විසින් ඔවුන්ව නවත්වා ඇත. උදෑසන 9.25 වන විටත් යුධෝපකරණ පාලන මුලස්ථානය විසින් B52 ගුවන් යානා හට අවි සහිත ආධාරක සවිකිරිමට අවශ්‍ය නිසි අවසරය ලැබී ඇත්දැයි තහවුරු කිරීමට අසමත් වි තිබුණි. මෙම අවි සහිත අධාරක ගුවන් යානා හට සවි කිරීමට පැය 8ක් ගතවී තිබු අතර පසුව එම ගුවන් යානා න්‍යාෂ්ටික අවි සඳහා සාමාන්යෙන් ලබා දෙනු ලබන විශේෂ ආරක්ෂාවන් කිසිවක් නොමැතිව පැය 15ක් පුරාවට මයිනොට් ගුවන් හමුදා කඳවුරේ ගාල් කර තිබී ඇත.

අනාරක්ෂිත AGM-129 මිසයිල 12ක් සහිත බහාලුමක බඩු බාර ලේඛණය අත්සන් කර සහතික කිරීමට පෙර බාක්සඩෙල් කඳවුරෙන් අනුයුක්ත කල එක් ගුවන් හමුදා පියාසර නිලධාරියෙකු විසින් අගෝස්තු මස 30 වන දින උදෑසන දකුණු පියාපතෙහි වූ මිසයිල පරික්ෂා කල නමුදු ඒ සියල්ලම නිවැරදි ලෙස පරීක්ෂක මිසයිල ශිර්ෂ වලින් සමන්විත වි තිබු බැවින් වම් පසෙහි වූ මිසයිල පරික්ෂා කිරීමකින් තොරවම ඔහු ඒවා සටහන් කර ඇත. B52 ගුවන් යානා නියමුවාද මයිනොට් ගුවන් කඳවුරෙන් පිටත් වීමට ප්‍රථම අවසාන පරීක්ෂාවක් සිදුකර නොමැත.

අගෝස්තු 30 වන දින උදෑසන 8.40 ට මයිනොට් කඳවුරෙන් පිටත වූ B52 ගුවන් යානාව උදෑසන 11.23 වන විට බාක්ස්ඩෙල් කරා ලගා වූ අතර එය රාත්‍රී වන තෙක් කිසිදු විශේෂ ආරක්ෂාවකින් තොරව නවතා තිබුණි. රාත්‍රී 8.30 ට පමණ විශේෂ කණ්ඩායමක් පැමිණ මිසයිල ගුවන් යානාවෙන් ඉවත් කරන්නට කටයුතු කරමින් සිටියදී එක් නිලධාරියෙකු විසින් මිසයිල වල අසාමාන්‍ය බවක් නිරීක්ෂණය කරන ලදී. එ අනුව ක්‍රියාත්මක වූ ඔවුන් රාත්‍රී 10වන විට මිසයිල සියල්ල ඉතා ආරක්ෂාකාරී ලෙස ගුවන් යානාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලද අතර මෙම තත්වය ඉහළ නිලධාරින්ට වාර්තා කිරීමට කටයුතු කරන ලදී. ඒ මයිනොට් ගුවන් හමුදා කඳවුරු බංකරයෙන් මිසයිල පිටතට ගෙන පැය 36 ක් ගතවුවාට පසුවය.

එවකට එ.ජ.ගු.හ. මාණ්ඩලික ප්‍රධානියා වූ ජෙනරාල් T. මයිකල් මෝස්ලි මහතා

මෙම සිදුවීම ජාතික හමුදා අණ දෙන මුලස්ථානයට "බෙන්ට් ස්පියර්ස්" සිදුවීමක් ලෙස වාර්තා කර තිබුණි. බෙන්ට් ස්පියර්ස් සිදුවීමක් ලෙස හදුන්වනු ලබන්නේ අහඹු පිපිරීමක් සිදුවිය හැකි අවස්ථාවක් හෝ න්‍යාෂ්ටික අවියකට සැලකිය යුතු හානියක් සිදුවන අවස්ථාවකය. එ.ඇ.ගු.හ. මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ටී. මයිකල් මොස්ලි විසින් මෙම සිදුවීම එ.ඇ. ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් හට අගෝස්තු මස 31වන දින වාර්තා කර තිබුණි. ගේට්ස් විසින් එහි පරීක්ෂණ වල නවතම තත්වය පිළිබඳ දිනපතා වාර්තා ඉල්ලාසිටි අතර මේ පිළිබඳව එවකට ජනාධිපති වූ බුෂ් මහතාවද දැනුවත් කරනු ලැබීය. එ.ඇ.ගු.හ. විසින් තවමත් මෙය කවර ඝනයේ සිදුවීමක්ද යන්න, එනම් බෙන්ට් ස්පියර්ස් සිදුවීමක්ද නැතිනම් වෙනත් සිදුවීමක්ද යන්න නිගමනය කර නොමැත. අවුරුදු 40ක ඉතිහාසයක් පුරාවටම මෙවැනි සිදුවීමක් සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර මාධ්‍ය මගින් පසුව මෙය පසුගිය දශකය තුල එ.ඇ. න්‍යාෂ්ටික අවි ආරක්ෂක අංශයක සිදු වූ දරුණුතම ආරක්ෂාව උල්ලංගනය වීමක් වශයෙන් හදුන්වා දෙනු ලැබීය.

එ.ඇ. රජයේ ප්‍රතිචාර:[සංස්කරණය]

මෙම සිදුවීමෙන් පසු 5BW බළකායේ නව අණ දෙන නිලධාරියා ලෙස කර්නල් ජෝ වෙස්ට මහතාව පත් කරන ලදී

එ.ඇ.ගු.හ. ප්‍රතිපත්ති වලට අනුව න්‍යාෂ්ටික අවි ප්‍රවාහනය කිරීම හා ගබඩා කිරීම ගැන ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කිරීමට අවසර නොතිබූ බැවින් හා මෙම සිදුවීම මහජන ආකර්ශනය දිනා නොගනු ඇතැයි සිතීම නිසා එ.ඇ.ගු.හ. ආරක්ෂක අමාත්‍යාංශය මුලදී මෙම සිදුවීම සැගවිමට උත්සාහ කරන ලදී. සත්‍ය වශයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ මුල්ම වාර්තාවෙහි "මාධ්‍ය මේ පිළිබඳ උනන්දු වීමක් බලාපොරොතු නොවෙමු" ලෙස සඳහන් වි තිබිණ. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන්ම මෙම තොරතුර පිටවීමත් සමග මිලිටරි ටයිම්ස් නමැති පුවත් පතෙහි මේ පිළිබඳ කුඩා ලිපියක් 2007 සැප්තැම්බර් මස 5වන දින පල විය.

සැප්තැම්බර් 5වන දින පුවතට ප්‍රතිචාර වශයෙන් පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක ගොල්ෆ් මොරෙල් මහතා විසින් මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ මෙම සිදුවීමෙන් කිසිදු අවස්ථාවක මහජනතාවට කුඩා හෝ අනතුරක් සිදු නොවූ බවත් දැනට එම සියලු න්‍යාෂ්ටික අවි හමුදා බාරයේ ආරක්ෂිතව පවතින බවත්ය. මෙම සිදුවීමෙන් දින කිහිපයක් ඇතුලත එ.ජ.ගු.හමුදාව මගින් ම්යිනොට් යුධෝපකරණ භට කණ්ඩායම් අණදෙන්නා හා අවසානයේදී පුහුණු ගුවන් භටයන් 25ක් රාජකාරියෙන් ඉවත් කරන ලදී. මෙම සිද්ධිය සම්බන්ද පරීක්ෂණය මෙහෙයවීම සදහා ජෙනරාල් කීස් විසින් එ.ජ.ගු.හ. මේජර් ජෙනරාල් ඩෝග් රීබර්ග් පත් කරනු ලැබිණි. සියලුම මිසයිල ශීර්ෂ ගණනය වී ඇත්ද යන්න දැන ගැනීමට එ.ජ.ගු.හ. භාන්ඩ ලේඛණය තුල ඇති පුපුරණ ද්‍රව්‍ය අඩංගු මිසයිල ශීර්ෂ සියල්ල ගණනය කරන ලදී. මීට අමතරව විශාල සමාලෝචන ක්‍රියාවලියක කොටසක් ලෙස සැලකෙන න්‍යෂ්ඨික අවි භාවිතය පිළිබඳ සිදුවන සුළු අත්වැරදීම් අධ්‍යනය සදහා වන ආරක්ෂක විද්‍යා මණ්ඩලය නමින් වූ විද්‍යාත්මක උපදේශක මණ්ඩලයක් පෙන්ටගනය විසින් පත්කරන ලද බව ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙන ලදී. දෙසැම්බර් 28වන දින ජෙනරාල් කීස් විශ්‍රාම යන බවත් ඒ සදහා ACC කමාන්ඩර් ජෝන් කෝලි පත්කරන ලෙසත් එ.ජ.ගු.හ. විසින් ඔක්තෝබර් 2වන දින ප්‍රකාශයට පත්කරන ලදී.

2007 ඔක්තෝබර් මස 19 වන දින පෙන්ටගනයේදී, එ.ජ.ගු.හ. ලේකම් මයිකල් වින් මහතා සහ මේජර් ජෙනරාල් රිචඩ් නිව්ටන් මහතා පරීක්ෂණ ප්‍රතිපල ඉදිරිපත් කරමින්

ඔක්තෝබර් 19වන දින එ.ජ.ගු.හ. ලේකම් මයිකල් වියන් සහ එ.ජ.ගු.හ. මේජර් ජෙනරාල්, මෙහෙයුම් සැලසුම් හා අවශ්‍යතා කාර්ය මණ්ඩල සහකාර ප්‍රධානී රිචඩ් නිව්ටන් විමර්ශනය කරන ලද ප්‍රතිඵල දක්වමින් දැනුම් දෙන ලද්දේ, මයිනොට් හා බාක්ස්ඩෙල් ගුවන් හමුදා මුලස්ථාන වලදී අවි භාවිතය සම්බන්ධයෙන් වන විශ්වාසය පළුදුවී ඇති බව හා එම ස්ථාන 2හිදීම ගුවන් හමුදාවේ සීමිත භට පිරිසක් එම ක්‍රියාවලිය අනුගමනය කිරීමට අපොහොසත් වූ බවයි. 5BW අනු ඛණ්ඩයේ කමාන්ඩර් කර්නල් එමින්, මයිනොට් හි 5 වන නඩත්තු කණ්ඩායම් කමාන්ඩර් කර්නල් සින්තියා ලන්ඩෙල්, බාක්ස්ඩේල්හි 2 වන ක්‍රියාන්විත කණ්ඩායමේ කමාන්ඩර් කර්නල් ටොඩ් වෙස්ට්ව්සර්, 5 වන යුදෝපකරණ භට කණ්ඩායම් ජ්‍යෙෂ්ඨ නිල නොලත් නිලධාරීන් 4ක් සදහා අධිකාරිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව නැවත පත් කරනු ලැබිණි. විශේෂ මෙහෙයුමක් සදහා 5BW අනුකණ්ඩයේ සියලුම කාර්යමණ්ඩල භට පිරිස ඔවුන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය හා අනිකුත් සංවේදී අවි භාවිතයන් සම්බන්ධ සහතිකය ලබාගන්නා ලදී. විචල්‍ය භට පිරිසෙන් ගුවන් භටයන් 65කට කාර්යමණ්ඩල විශ්වාසනීයත්ව වැඩසටහන් සහතිකය නොලැබුණි. තවද න්‍යෂ්ටික අවි හසුරුවන සියලුම ඒකකයන්හි ප්‍රධාන අණදෙන නිලධාරීන්, "ආරක්ෂක තර්ජන මර්දන මධ්‍යස්ථානයේ" නිරීක්ෂණයට යටත්ව "සීමිත න්‍යෂ්ටික ආරක්ෂක පරීක්ෂණයක්" සදහා යොමු කරන ලදී.

නව ACC කමාන්ඩර් ජෙනරාල් කෝලි විසින් මෙම සිදුවීම් හා සම්බන්ධ කවර හෝ කාර්යමණ්ඩලයකට එරෙහිව කටයුතු කිරීමටත් දණ්ඩන පැනවීමටත් මෙම ගැටලුව අධිකරණ කටයුතු පිළිබඳ යුධ බලධරයා වශයෙන් 12වන ගුවන් හමුදා අණ දෙන නිලධාරි, එ.ජ.ගු.හ.ලුතිනන් ජෙනරාල් නොර්මන් සෙයිප් වෙත යොමු කරන ලදී. පසුව සෙයිප් විසින් මේ හා සම්බන්ධ කිසිවෙකුට එරෙහිව අපරාධ දණ්ඩන නියම කිරීමෙන් තොරව මෙම පරීක්ෂණය වසා දමන ලදී.

විශ්‍රාමික එ.ජ.ගු.හ. කාර්යමණ්ඩල ප්‍රධානි ජෙනරාල් ලේරි වෙල්ච්, අසාධාරණ ලෙස මැදපෙළ නිලධාරින්ටම පමණක් දොෂාරෝපණය එල්ලවන ලෙස මුලික පර්යේෂණ පිටපත් මගින් ඉහළ අවධානයක් යොමු කල ගේට් ගෙන් ඉල්ලා සිටියේ විශාල විමර්ශනයක කොටසක් ලෙස සැලකෙන න්‍යාෂ්ටික අවි භාවිතය සම්බන්ධ ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි වල සුළු අත්වැරදීම් පිළිබඳ අධ්‍යනය කරන අරක්ෂක විද්‍යා මණ්ඩල උපදේශක කමිටුව මෙහෙයවන ලෙසයි. මීට අමතරව එ.ජ.ගු.හ. අධිකාරි ලත් නිල් පටි විමර්ශනයේ මුලාසනය දරනු ලැබුවේ එ.ජ.ගු.හ. මේජර් ජෙනරාල් පොලි පේයර් සහ ආරක්ෂිතව හා සුරක්ෂිත ලෙස න්‍යාෂ්ටික අවි ක්‍රියා කිරීමේ වගකීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ හැකියාව වර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අනුමත කිරීම සදහා 30දෙනෙකු ගෙන් යුක්ත කාර්යමණ්ඩලයකි. ඉන් අනතුරුව එ.ඇ. කොංග්‍රසය මගින් න්‍යාෂ්ටික ක්‍රියාවලිය පිළිබඳ ගැඹුරු විමර්ශනයක් සිදුකරන ලෙසට ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් හා එ.ඇ. බලශක්ති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

ප්‍රතිපලය[සංස්කරණය]

එ.ජ.ගු.හ. ක්‍රියාමාර්ග:[සංස්කරණය]

2007 ඔක්තෝබර් 24 වන දින නිවාස හමුදා සේවක කමිටුවට ගුවන් හමුදා ලේකම් වරයා වන වියන් පවසන ලද්දේ, විශ්‍රාම ගැන්වීම සදහා5වෙනි BW අනුකණ්ඩය නැවත සහතික කල හැකි බවත්, AGM 129 මිසයිල බර්ක්ස්ඩෙල් වෙත යැවියහැකි බවත් විශ්වාස කරන බවයි. නමුත් ඔහු එම නැවත සහතික කිරීමේ ක්‍රියාවලිය සදහා කාලසීමාවක් ලබා නොදෙන ලදී. 2007 නොවැම්බර් 01 වන දින 5BW අනු ඛණ්ඩය නැවත සහතික කරන තෙක් මයිනොට් හි න්‍යාෂ්ටික සංචිතයේ නඩත්තු කාර්යයන් බාර්ක්ස්ඩෙල් 2BW අනු ඛණ්ඩය තාවකාලිකව භාරගන්නා ලදී . 2007 දෙසැම්බර් 16 වන දින මූලික න්‍යාෂ්ටික නිශ්චිත පරික්ෂාව අසමත් වීම් නිසා, ආරම්භයේදීම 2008 ජනවාරි 23 වන දිනට සැලසුම් කර තිබී කල් දමන ලද න්‍යාෂ්ටික පරික්ෂාව සදහා නැවත සහතික වීමක් අවශ්‍ය විය.

තවත් න්‍යාෂ්ටික තහවුරු කිරීමේ පරික්ෂාවක් මාර්තු 29 වන දින සම්පුර්ණ කල අතර 2008 මාර්තු 31 කොර්ලි අනුඛණ්ඩය නැවත සහතික කරන ලදී. සම්පුර්ණ න්‍යාෂ්ටික තහවුරු පරීක්ෂාවක් 2008 මැයි මස සිදු කිරීමට සැලසුම් කරන ලදී. මයිනොට් වෙනුවෙන් කතාකරන මේජර් එලිසබෙත් ඕටිස් කියනු ලැබුවේ සම්පුර්ණ න්‍යාෂ්ටික තහවුරු පරික්ෂාවක් සිදු කිරීම සදහා අනුඛණ්ඩය එහි සහතිකය නැවත ලබාගත යුතු බවයි. අනුඛණ්ඩ විසින් තමන්ගේ සහතිකය පවත්වා ගැනීම සදහා සෑම මාස 18 කට වරක්ම න්‍යාෂ්ටික අවි භාවිතය පිළිබඳ තහවුරු පරීක්ෂාවෙන් සමත් විය යුතුය.

න්‍යාෂ්ටික අවි භාවිතයට හා බෙදාහැරීම් පද්ධතියට මගපෙන්වීමක් ලෙස, න්‍යාෂ්ටික හා න්‍යාෂ්ටික නොවන අවි එකම ගබඩාවක ගබඩා කිරීමට තහනම් කිරීමේ නව ප්‍රතිපත්තියක් එ.ජ.ගු.හ. මගින් නිකුත් කරන ලදී. තවදුරටත් මගපෙන්වීමක් ලෙස සියලුම න්‍යාෂ්ටික නොවන යුදෝපකරණ සහ මිසයිල ඒවා පුපුරන ද්‍රව්‍ය අඩංගු ශීර්ෂ වලින් සන්නද්ද නොවන බවට පැහැදිලිව දැන්වීම් පුවරුවක දැක්විය යුතු බවට උපදෙස් දෙන ලදී . අනුඛණ්ඩයන්හි අණ දෙන්නන්ට න්‍යාෂ්ටික අවි ගබඩා ප්‍රදේශයෙන් චලනය කිරීම සඳහා අනුමැතිය ලබා දීම පැවරෙන අතර තනි පුද්ගලයන් වශයෙන් අවි බාරකාරත්වය හා යුදෝපකරණ සම්බන්දයෙන්ද වගවිය යුතුය. න්‍යාෂ්ටික අවි භාවතා කරන සියලුම අනුඛණ්ඩ විසින් එකිනෙකා සම්බන්ධ වන දෘශ්‍ය පරීක්ෂණ පිරික්සුම් ලැයිස්තුවක් වැඩිදියුණු කල යුතුය. න්‍යෂ්ටික අවි භාවිතා කරන්නන්ගේ හා හසුරවන ගුවන් භටයන්ගේ රාජකාරි කාලය පැය 12 කට සිමා විය යුතු අතර , කිසියම් හදිසි කටයුත්තකදී වුවත් එය උපරිම පැය 16 නොඉක්ම විය යුතුය. එවක පටන් එ.ජ.ගු.හ. මගින් න්‍යාෂ්ටික සන්නද්ද මුලස්ථානයේ හදිසි පරීක්ෂණ වැඩසටහන් ඇතිකරන ලදී.

වාර්තා සමාලෝචනය:[සංස්කරණය]

ලැරී වෙච් මහතා (1984 දී)

2008 පෙබරවාරි 12 වන දින සමාලෝචන ප්‍රතිඵල වෙල්ච් හා පේයර් විසින් එ.ජ. සන්නද්ද සේවා සෙනෙට් කමිටුව ඉදිරියේ සාරාංශගත කරනු ලැබීය. වෙල්ච් හා පෙයර්ට අමතරව ගුවන්, අභ්‍යවකාශ හා මෙහෙයුම් තොරතුරු එ.ජ.ගු.හ. සහකාර මණ්ඩල ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ඩැනියෙල් ඩානෙල් හා මේජර් ජෙනරාල් රබර්ග් සෙනෙට් කමිටු සාමාජිකයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් තවදුරටත් තහවුරු කරන ලදී. ප්‍රශ්න ඇසීම අතරතුර වෙල්ච් පවසනු ලැබුවේ බෝම්බ භාවිතා කිරීමට අවසර ඇති හමුදා ඒකක නිසියාකාරව ඒවා පරික්ෂා කර නොමැති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඒවා මෙහෙයුම් කටයුතු සඳහා සුදානම්ව නොතිබි තිබිය හැකි බවත්යි. මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේදී මෙම අවි භාවිතා කිරීමට හා ඒවා ගබඩා කර තැබීමේ ප්‍රදේශ පිළිබඳ බැලීමේදී , දැනට වඩා වැඩි අවධානයක් ඒ සඳහා යොමු වීම අවශ්‍ය බව අප විශ්වාස කරන්නේයැයි ඔහු තවදුරටත් කරුණු දක්වමින් පවසන ලදී. වෙල්ච් මහතාගේ වාර්තාවේ තීරණය වූයේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වූ න්‍යෂ්ටික අවි බලකාය සහ න්‍යෂ්ටික නොවන අවි බලකාය එකට එකතු කර, "ප්‍රධාන වශයෙන්ම, දිනපතා න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පිළිබඳ තීරණ ගන්නා නායකත්වයෙහි බලතල අඩු කළ යුතු බවයි". එසේ නමුත් එක්සත් ඇමරිකානු න්‍යාෂ්ටික අවි පිළිබඳ ආරෂාව සම්බන්දයෙන් වූ කිසිදු බිඳ වැටීමක් වෙල්ච්ගේ හෝ පේයර් ගේ වාර්තා වලින් සොයා නොගන්නා ලදී.

වෙල්ච් හා පේයර් ගේ වාර්තාවන්ට පිළිතුරු දක්වමින් එ.ජ.ගු.හ. නිලධාරීන් කියා සිටියේ වාර්තාවල ඇතුලත් බොහෝ නිර්දේශ කිරීම් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත්, දැනට පවතින එම න්‍යාෂ්ටික ක්‍රියාපටිපාටි පිළිබඳ පාලන විධිවිධානයන් පිළිබඳ තෘප්තිමත් විය හැකි බවත්ය. සෙනෙට් කමිටුව ඉදිරියේ ඩැනියෙල් දුන් සාක්ෂියේදි ඔහු කියා සිටියේ න්‍යාෂ්ටික නිවර්තකයන් හා සම්බන්ධ ගුවන් හමුදා අංශ ස්ථිර බවත් අමෙරිකානු පොදු ජනතාවගේ න්‍යාෂ්ටික සම්බන්ධයෙන් වන විශ්වාසය සඳහා වූ ආරක්ෂිත හා සුරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා බවයි.

සිදු කල පරීක්ෂන, ඉල්ලා අස්වීම් හා නියම වූ දඩුවම්:[සංස්කරණය]

මයිනොට් හි සම්පුර්ණ න්‍යාෂ්ටික විශ්වාසවන්තභාවය පරීක්ෂාවක් 2008 මැයි 25 වනදින ආරක්ෂක තර්ජන මර්ධන ඒජන්සිය 5BW අනුඛණ්ඩය , සිදුකරන ලද පරීක්ෂාවන් 10න් 9ක්ම සමත් වූ අතර න්‍යාෂ්ටික ආරක්ෂාව පිළිබඳ පරීක්ෂාවෙන් අසමත් විය. මෙම පරික්ෂාව සැලකීමෙන් පසු වෙස්ටා කියා සිටියේ විනය හා පුහුණුව යන ක්ෂේස්ත්‍රයන් සම්බන්ධයෙන් කටයුතුකිරීමේ අවශ්‍යතාව පිළිබඳ සමස්ථ ඇගයීමෙන් චිත්‍රයක් මවා දුන් බවයි. 5BW අනුඛණ්ඩයේ ආරක්ෂක භට කණ්ඩායම් අණ දෙන්නා වන ලුතිනන් කර්නල් ජෝන් වර්ලි ගේ තනතුර වෙනුවෙන් ලුතිනන් කර්නල් ස්ටෙෆන් වෙවර් 2008 ජුනි 16 වන දින පත්කරන ලදී.

රොබට් ගේට්ස් මහතා

න්‍යාෂ්ටික විශ්වාසවන්තභාවය පරික්ෂාව අසමත් වුවද එම අනුඛණ්ඩ තමන්ගේ න්‍යාෂ්ටික සහතිකවීම තබා ගන්නා ලදී. න්‍යාෂ්ටික තොරතුරු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක හෑන්ස් ක්‍රිස්ටෙන්සන් 5BW අනුඛණ්ඩයේ පරික්ෂාව අසමත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු විද්‍යාඥයින්ගේ සංගමයට කියාසිටියේ "සමුදුරෙන් එහා න්‍යෂ්ටික අවි ගබඩා කල ඇති වෙනත් ස්ථාන වල සහ බාක්ස්ඩෙල් ගුවන් හමුදා කඳවුරේ හා වයිට්මන් ගුවන් හමුදා කඳවුරේ මේ සිදුවන්නේ කුමක්ද යන්න ඔබ සිතනවා ඇති" ලෙසනි. එම පරීක්ෂණ අනුව යමින් 2008 අගෝස්තු 15 වන දින මයිනොට් ඒවා සමත් වන ලදී.

2008 ජුනි 05 වන දින රොබට් ගේට්ස් විසින් තවත් සිදුවිමක පරීක්ෂණ ප්‍රතිඵල ඉදිරිපත් කරන ලදී. එහිදී සිදුවී ඇත්තේ වාහන වල ඉදිරිපස සවිකර ඇති MK12 වර්ගයේ ගිනි අවි 4ක් අනාරක්ෂිත ලෙස තායිවානයට ප්‍රවාහනය කිරීමයි. මෙහි පරීක්ෂණ සිදුකල එ.ඇ. නාවික හමුදා අධ්‍යක්ෂක අද්මිරාල් ක්ර්ක්ලන්ඩ් එච්. ඩොනල්ඩ් මහතා විසින් මෙම තායිවාන MK12 සිදුවීම ගේට්ස් මහතාගේ වචන වලින් මෙසේ විස්තර කරන ලදී. "මෙය අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල බලකායේ පාලනාධිකාරියට එහි සම්මතයන්ට , විශිෂ්ටත්වයට හා තාක්ෂණික නිපුණතාවයට සිදු වූ නින්දාවකි. 2007 අගෝස්තු මස මයිනොට් හා බාර්ක්ස්ඩෙල් අතර න්‍යාෂ්ටික අවි ප්‍රවාහනයේදී සිදු වූ සිදුවීම මෙන්ම තායිවාන සිදුවීමද ගු.හ. න්‍යාෂ්ටික අවි වල පිරිහීම පෙන්වයි. තවද පරීක්ෂණ වලින් මෙම අවස්ථා 2 ටම ඇති පොදු සමාන ලක්ෂණ කිහිපයක්ම හදුනාගත හැකිය". තවදුරටත් අදහස් දක්වමින් ඩොනල්ඩ් තම පරීක්ෂණ ප්‍රතිඵල වල සඳහන් කර ඇත්තේ "ගු.හ. න්‍යාෂ්ටික අවි කලමනාකරණයේ සමස්ථ පසුබෑමක් පෙන්නුම් කරන අතර මෙය පසුගිය දශකය පුරාවටම හදුනාගෙන තිබු නමුදු, එයට කිසිවෙකු විසින් සාර්ථක පිළිතුරක් ලබා දී නොමැති බවයි. මීනොට් හා බර්ක්ස්ඩෙල් සිදුවීම් මෙන්ම තායිවාන සිදුවීමට විශේෂ අනන්‍ය ලක්ෂණ පැවතුනද මේවායේ ප්‍රභවයන්ගේ සමානකම් ඇත. ගු.හ. නායකත්වයන්ගේ දුරදක්නා නුවණෙහි ඇති අඩුපාඩු හා න්‍යාෂ්ටික අවි සම්බන්ධ ක්‍රමයෙන් විනාශයට පත්වීම මෙම සිදුවීම් වල මුලික හේතු ලෙස දැක්විය හැක".

පරීක්ෂණ වල ප්‍රතිඵලයන් වශයෙන් ගේට්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ ගු.හ. සැලකිය යුතු සාමාන්‍ය නිලධාරීන් පිරිසකට හා කර්නල් වරුන් පිරිසකට නිලයෙන් පහ කිරීමේ සිට වැරදි ක්‍රියා කලාප පිළිබඳ ලියුමක් මගින් දැනුවත් කිරීම දක්වා වන විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය. තවද ගු.හ. ලේකම් මයිකල් වියන් හා එ.ඇ.ගු.හ. මාණ්ඩලික ප්‍රධානි මයිකල් මොස්ලි මහතාගේ ඉල්ලා අස්වීම අනුමත කරන ලදී. තවදුරටත් ගේට්ස් මහතා ජේම්ස් ආර්. ශෙල්සින්ග්ර් හට දැන්වා සිටියේ කලමනාකාරිත්වය න්‍යාෂ්ටික අවි ක්‍රියාකාරකම්, ප්‍රවාහන පහසුකම්, ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සංවේදී කරුණු දියුණු විය යුතු අයුරු පිළිබඳ ඉහළ මට්ටමේ නිර්දේශ අඩංගු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටත්ය.

2008 සැප්තැම්බර් 13 වන දින ශෙල්සින්ග්ර් මහතාගේ කමිටු වාර්තාවේ වූ නිර්දේශ ක්‍රියාවට නංවමින් ගේට්ස් මහතා විසින් සියලු න්‍යාෂ්ටික අවි සම්බන්ධ ක්‍රියාකාරකම් නිසි පාලනයක් යටතේ පිහිටුවීමට කටයුතු කරන ලදී. එය ගු.හ.ය යුධෝපාය බලඇණිය ලෙස නම් කරන ලද අතර ගු.හ. ආකාශ බලකායෙහි වූ සියලු කටයුතු සහ න්‍යාෂ්ටික අවි පිළිබඳ ක්‍රියාකාරකම් ඒ යටතට පවරන ලදී. තවද ගුවනින් ගොස් බෝම්බ දැමීමේ සියලු කටයුතුද තනි පාලනයක් යටතට පත් කරන ලදී. තවදුරටත් න්‍යාෂ්ටික අවි සම්බන්ධ කටයුතු සඳහා 1500-2000 ත් අතර අමතර පිරිසකගේ සේවය ලබා ගත යුතු බවට නිර්දේශ කර තිබුණි. ගේට් මහතා විසින් වැඩ බලන ගු.හ. ලේකම් මයිකල් බී. ඩොන්ලි මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් නොර්ට්න් එ. ස්චේවර්ට්ස් හට දන්වා තිබුනේ කලින් සිදු වූ න්‍යාෂ්ටික මෙහෙයුම් වල නිරතව විනය ක්‍රියාමාර්ග ගනු ලැබූ නිලධාරීන් සම්බන්ධව නැවත පරික්ෂා කර බැලීමක් සිදුකල යුතු බවයි. ස්චේවර්ට්ස් මහතාට අනුව ගු.හ. න්‍යාෂ්ටික ක්‍රියාකාරකම් පිළිබඳ කැප වීම හා උනන්දුව සම්බන්ධයෙන් පැහැදිලි විශ්මය දනවන සුළු අනුමත කල නොහැකි කඩාවැටීමක් ඇති බවත් මෑතක් වන තෙක්ම එය නිවැරදි කිරීමට ඉතා සුළු වශයෙන් පමණක් කටයුතු කර ඇති බවත්ය.

එ.ඇ. ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව 2008 සැප්තැම්බර් 25 වන දින වන විට ගු.හ.ජෙනරාල්වරුන් 6 දෙනෙක්ටත්, හමුදා ජෙනරාල්වරු 2නෙකුටත්, කර්නල්වරු 9 දෙනෙකුටත් දඩුවම් කර අවවාද කර සහ උපදෙස් ලබා දී ලියුම් ලබා දී තිබුණි. ගු.හ. මේජර් ජෙනරාල් වරු 2නෙකුට පමණක් තම ස්ථානයෙහි වෙනසක් නොකොට වැඩ කිරීමට අවස්ථාව ලබා දී ඉතුරු සියල්ලෝම විශ්‍රාම යැවීම හෝ විශ්‍රාම යැවීමට කටයුතු සම්පාදනය කිරීම හෝ තනතුරු වලින් පහ කිරීම කරන ලදී. ගු.හ. මාණ්ඩලික ප්‍රධානි නොර්ටන් ස්කුවර්ට්ස් මහතා එම නිලධාරීන්ට ලියුම් දීමට ප්‍රථම පුද්ගලිකව එක් එක් අය හමුවන ලදී. ඔහුගේ නිරික්ෂනයන් වුයේ හමුදා නීතියට අනුව මොවුන්ගේ කිසිදු වැරැද්දක් නොමැති නමුත් න්‍යාෂ්ටික අවි භාවිතයේදී තමන්ගේ වගකීම් ඉටු කිරීමට ප්‍රමාණවත් තරම් උත්සහයක් ගෙන නොතිබූ අතර ඒ සඳහා ඔවුන් වගකිය යුතු බවත්ය. මෙය පැහැදිලි කල ගුවන් හමුදාව පවසා සිටියේ මොවුන්ට දඩුවම් පැමිණ වුයේ තායිවානයට න්‍යාෂ්ටික අවි ප්‍රවාහනය සම්බන්ධයෙන් සිදු වූ ගැටලුව සඳහා බවත් මයිනොට් න්‍යාෂ්ටික අවි සම්බන්ධ සිදුවීම සඳහා නොවන බවත්ය.

මෙසේ දඬුවමට ලක්වුවන් අතර පෙන්ටගනයේදී අවි සවිකිරීම් හා මෙහෙයුම් සහයක නියෝජ්‍ය ප්‍රධානී , ලුතිනන් ජෙනරාල් කෙවින් සුලිවාන් මහතාද සිටි. වසර 2008 දී සුලිවාන් මහතා මේජර් ජෙනරාල් වරයෙකු වශයෙන් සිටියදී විශ්‍රාම ගන්නා ලදී. ගුවන් හා මිසයිල පද්ධති මධ්‍යස්ථානයේ අණ දෙන නිලධාරි ලුතිනන් ජෙනරාල් මයිකල් හැමෙල් මහතාටද අවවාද කොට ලිපියක් ලැබුණු අතර එම නිසා 2008 නොවැම්බර් මස ඔහු විශ්‍රාම යන ලදී. 20 වන ගු.හ. බලකායේ අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් රොගර් බර්ග් මහතා, ගුවන් හමුදා භාණ්ඩ හා මෙහෙයුම් භාර මුලස්ථාන ප්‍රධානී මේජර් ජෙනරාල් කැත්ලින් ක්ලෝස් මහතා, ගු.හ භාණ්ඩ හා ද්‍රව්‍ය භාර අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජෙනරාල් ෆ්‍රැන්සිස් බෘනෝ මහතා සහ ගු.හ.සම්පත් සංකලන අධ්‍යක්ෂක 3වන බ්‍රිගේඩියර් ජෙනරාල් ආතර් කැමරන් යන මහත්වරුන් හට අවවාද කොට ලිපි ලැබුණි.

2008 නොවැම්බර් මස 341MW නම් බැලස්ටික් මිසයිල ඒකකය මැල්ම්ස්ටෝම් ගුවන් හමුදා කඳවුරේදී ඔවුන්ගේ න්‍යාෂ්ටික අවි ආරක්ෂාව පිළිබඳ යෝග්‍යතා පරීක්ෂණය අසමත් විය. මසකට පසුව 90 MW ඒකකයේද එෆ්.ඊ. වොරන් ගු.හ. කඳවුරේදී ඔවුන්ගේ යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් විය. එලෙසම 2009 නොවැම්බර් මස කර්නල් මයිකල් එස්. ඩුවල් සමත් වූ 377ABW අනුකණ්ඩයද, කර්නල් රිචඩ් එම්. ස්ටර්කි යටතේ වූ 498 NSW ඒකකයද කර්ට්ලන්ඩ් ගු.හ. කඳවුරේදී ඔවුන්ගේ යෝග්‍යතා පරීක්ෂණ වලින් අසමත් විය.

2009 ඔක්තෝම්බර් 30 වන දින 8AF අනුකණ්ඩයේ අණ දෙන නිලධාරි මේජර් ජෙනරාල් ෆ්ලොයිඩ් එල්.කාපෙන්ටර් මහතා විසින් SBW අනුකණ්ඩයේඅණ දෙන නිලධාරි වෙස්ට මහතාව සියලු වගකීම් වලින් ඉවත් කරන ලදී. මෙයට හේතුව වශයෙන් ඔහු සඳහන් කර සිටියේ වෙස්ට මහතාට "විශිෂ්ටත්වයේ සංස්කෘතියක් නිර්මාණයට නොහැකි වීම, යුදමය කටයුතු වලදී දැක්වූ අඩු අවධානය, සහ අලුතින් පිහිට වූ 69වන භට කණ්ඩායමේ යෝග්‍යතා පරීක්ෂණය ඇතුළු අනිකුත් න්‍යාෂ්ටික අවි ආරක්ෂණය පිළිබඳ පරීක්ෂණ වලදී පෙන්වූ ප්‍රමාණවත් නොවන ප්‍රතිඵලයන් බවයි".

2009 ජනවාරි 08 වන දින ආරක්ෂක අමාත්‍යාංශයෙහි පාලනය හා සමස්ත රටෙහි න්‍යාෂ්ටික අවි මෙහෙයුම් පිළිබඳ කමිටු වාර්තාවක් එළිදැක්වීය. මෙම වාර්තාව මගින් න්‍යාෂ්ටික අවි ක්‍රියාකාරකම් පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ අඩු අවධානය සහ දුරදක්නා නුවණෙහි අඩුපාඩු විවේචනය කර තිබුණි. එහි නිර්දේශයන් ලෙස න්‍යාෂ්ටික ක්‍රියාකාරකම් පිළිබඳ වගකිව හැකි උප ලේකම් තනතුරක් ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිර්වචනය කල යුතු බව සඳහන්ව තිබුණි. කමිටු වාර්තාවේ නිලධාරින්ට අනුව එ.ඇමරිකානු නාවික හමුදාව පමණක් වගකීම් සහිතව න්‍යාෂ්ටික අවි පරිහරණයෙහි යෙදෙන බවට සඳහන් වුණි. තවදුරටත් වාර්තාවේ කමිටු සාමාජිකයන්ට අනුව බහුතරයක් ආරක්ෂක අමාත්‍යාංශයේ ජේෂ්ඨ හමුදා නිලධාරින්ගේ සහ මහජන නියෝජිතයන්ගේ න්‍යාෂ්ටික අවි සම්බන්ධ තමන්ගේ භූමිකාව පිළිබඳ අවධානය සංවේගය දනවන තරම් අඩුමට්ටමක පවතියි.

නව පාලනය:[සංස්කරණය]

2008 ඔක්තෝබර් 24 වන දින පෙන්ටගනයේදී එ.ජ.ගු.හ. ලෙකම් මයිකල් ඩොලි මහතා විසින් ගුවන් හමුදා ගෝලීය ප්‍රහාරක බලකාය පිහිටුවීම ගැන සාකච්ඡා කරමින්

2008 ඔක්තෝබර් 24 වන දින එ.ජ.ගු.හ. ලේකම් මයිකල් ඩොන්ලි විසින් "ගුවන් හමුදා ගෝලීය ප්‍රහාරක බලකාය" නම් විශේෂ ඒකකයක් පිහිටුවන බව ප්‍රකාශයට පත් කරන ලද අතර 2009 අගෝස්තු 07 වන දින සිට පිහිටුවන ලදී. ගුවන් හමුදා විශේෂ බලකායේ ආකාශ බලකායෙහි යටතෙහි වූ, අන්තර් මහද්වීපික මිසයිල බලකායද මෙම නව විශේෂ ඒකකය යටතට පමුණුවන ලදී. එහි අණ දෙන මුලස්ථානය ලෙස බාක්සඩෙල් ගුවන් හමුදා කඳවුර තොර ගන්නා ලද අතර එහි ප්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස තරු 3 ක් සහිත ජෙනරාල්වරයෙකු පත් කර එ.ජ.ගු.හ. සියලු න්‍යාෂ්ටික බෝම්බ, මිසයිල හා නිලධාරිගේ වගකීම පවරන ලදී.