Jump to content

අනුෂ්කා සංජීවනී

විකිපීඩියා වෙතින්
සංජීවනී 2020 ICC කාන්තා විස්සයි20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහර දෙමින්

අනුෂ්කා සංජීවනි (උපත: 1990 ජනවාරි 24) යනු ජාතික කාන්තා ක්‍රිකට් පිලට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවකි. දකුණත් පිතිකාරිනියක හා කඩුලු රකින්නියක හා වන සංජීවනි 2014 ජනවාරි 23 වන දින ඉන්දියාවට එරෙහි වැ එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග වරම් ලැබී. 2020 ජනවාරියේ, ඕස්ට්‍රේලියාවෙහි පැවති 2020 අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා සංචිතයට ඇයගේ නම ඇතුළත් විය. 2021 ඔක්තෝම්බරයේ, සිම්බාබ්වෙහි පැවැති 2021 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පිලට ඇය නම් කෙරිණි. 2022 ජනවාරියේ, ඇය මැලේසියාවෙහි පැවැති 2022 පොදු රද මඬුලු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පිලට නම් කෙරිණි. 2022 ජූලියේ, එංගලන්තයේ බර්මින්හැමයේ පැවැති 2022 පොදු රද මඬුලු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පිලට ඇය නම් කෙරිණි. 2024 අයිසීසී කාන්තා විස්සයි20 ලෝක කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා සංචිතයට ඇය නම් කෙරිණි.

"https://si.wikipedia.org/w/index.php?title=අනුෂ්කා_සංජීවනී&oldid=743722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි