අනුරාධපුර යුගයේ සහජීවනය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
අනුරාධපුර රාජධානිය

මෙරට ප්‍රධාන ජන වර්ග දෙකක් ලෙස සිංහල ජන ප්‍රජාව හා ද්‍රවිඩ ජන ප්‍රජාව සැලකිය හැකිය. වර්මානයේ එම ප්‍රජාවන් අතර සහජීවනය තරමක් දුරට ‍බිඳී ගියද අතීතයේ සි‍ට එම සහජීවනය ඉතා ඉහල මට්ටමකින් තිබී ඇති මෙරට ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී පෙනී යයි. සිංහල ජන ප්‍රජාව මෙරට ප්‍රධාන ජන ප්‍රජාව ලෙස ඇති අතර අ‍නෙකුත් ජන වර්ග විශේෂයෙන් ද්‍රවිඩ ජනතාව අතීතයේ සිට අ‍‍ාක්‍රමණික සහ සංක්‍රමණික වශයෙන් මෙරටට පැමිණ ඇති බව හඳුනා ගත හැකිය. ඒ අනුව සුලු ජන ප්‍රජාවක් වූ ද්‍රවිඩ ජනතාව පිළිබඳව මෙරට ප්‍රථම රාජධානි යුගය වූ අනුරාධපුර යුගයේ සිට තොරතුරු හමු වෙි.

ලිඛිත මුලාශ්‍ර[සංස්කරණය]

එළාර රජතුමා ක්‍රි පූ 205 සිට ක්‍රි පූ 161 දක්වා[සංස්කරණය]

එලාර රජතුමා

මෙරට ද්‍රවිඩ ප්‍ර‍ජාව පිළිබඳව අනුරාධපුර යුගයේ ප්‍රථම වරට තොරතුරු හඳුගත හැකි වන්නේ එළාර රජ (ක්‍රි පූ 205 සිට ක්‍රි පූ 161 දක්වා) සමයේය. දකුණු ඉන්දියාවේ සොලි රජෙකු ලෙස මෙරටට පැමිණෙන එළාර නම් මෙම ද්‍රවිඩ පාලකයා වසර 44 කට අධික කාලයක් අනුරාධපුර රාජධානිය පාලනය කල බව මහා වංශයේ සඳහන් වේ. ද්‍රවිඩ පාලකයෙකු වූවද නීතිගරුක සහ ආගමික සහජීවනයට ගරු කල පාලකයෙකු ලෙස සැලකේ. වසර 44 ක අධික කාලයක් මෙරට සිංහල ජනයාගේ පාලකයෙකු ලෙස ද්‍රවිඩ පාලකයෙකුට කටයුතු කිරීමට හැකි වීමද මෙරට වාර්ගික සහජීවනය ඉස්මතු කරන වඩාත් නිවැරදිම නිදසුනකි. තවද එලාර රජුගෙන් පසු බලයට පත් වූ දුටුගැමුණු ර‍ජු විසින් ඔහුට සක්විති රජෙකු සමාන ගරු බුහුමන් දැක් වූ මුලාශ්‍රවල සඳහන් වේ.

ගජබාහු රජතුමා ක්‍රි ව 114 ක්‍රි ව 136 දක්වා[සංස්කරණය]

ද්‍රවිඩ ජන විශ්වාසය සම්බන්ධ පත්තිනි දේව ඇඳහිලි මෙරට ගෙන ආ පාලකයෙකු ලෙස ගජබාහු රජතුමා සැලකිය හැකිය. එතුමා චෝළ දේශයේ සිට පත්තිනි ඇදහිලි හා පත්තිනි සළඹ මෙරටට රුගෙන ආ බව රාජාවලියේ මෙන්ම දකුණු ඉන්දීය ග්‍රන්ථයක් වන සීලක්පරිකාරම් ග්‍රන්ථයේ සඳහන් වේ.

මහසෙන් රජතුමා ක්‍රි ව 276 ක්‍රි ව 303[සංස්කරණය]

බෝපන්න‍ෙ සහ රෝහණයේ ස්ථාන 2 ක ශිව ලිංග සහිත කෝවිල් පිහිටා තිබුණ බව අටුවා ග්‍රන්ථවල සඳහන් වේ. මේ අනුව පෙනී යන්නේ රෝහණය‍ේ පවා සිංහල ජන ප්‍රජාව හා මිශුව දුවිඩ ජන ප්‍රජාවද වාසය කර ඇති බවය.තවද ඉන්දීය ග්‍රන්ථයක් වන පෙරිය පුරාණම් හි ශිව ස්තෝත්‍ර වල මාන්තො‍ට්ටම් ලෙස සඳහන් වන්නේ මාතොට බවත්, තිරුක්කෝණ මලයි යනුවෙන් සඳහන්ව ඇත්තේ ගෝකණ්නය බවත් විශ්වාස කෙරේ. තවද ඒවායේ පැවති ශ්‍ර්‍රිව කෝවිල් ගැන මෙම ස්තෝත්‍රවල වර්ණා කොට ඇත. මේ පිළිබඳ අදහස් දක්වන සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ ඉහත සඳහන් ස්ථාන මෙරට ප්‍රධාන වරායන් බැවින් විවිධ රටවල්වලින් පැමිණි විවිධ ජන කොට්ඨාස මේ වරායන් ආශ්‍රීතව වාසය කරන්න ඇති බවය.

4 වන අග්ගබෝධි රජතුමා ක්‍රි ව 673 ක්‍රි ව 689 දක්වා[සංස්කරණය]

4 වන අග්ගබෝධි රජතුමාගේ පොත්තකුමිට්ටි නම් ද්‍රවිඩ සෙනෙවිවරයෙක් මාටම්බිය නම් භාවනා ගෙයක් කල බව සඳහන් වේ. තවද එම සෙනෙවිය‍‍ා කපුරු පිරිවෙන, කුරුන්ද පිල්ල පිරිවෙන, රජගෙය යන තැන්හි ප්‍රාසාද කරවූ සඳහන් වේ. තවද මෙම රජ සමයේ රජ මාලිගයේ ඉහල තනතුරු ද්‍රවිඩ ප්‍රභූන් දැරූ බව ලිඛිත මුලාශ්‍රවල සඳහන් වේ.

පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර[සංස්කරණය]

කණ්ඨක චෛත්‍යයේ වාහල්කඩ

අනුරාධපුර යුගයට අයත් කණ්ඨක චෛත්‍යයේ උතුරු වාහල්කඩ කැටයම් පේලියක ගණ දෙවියන් වෙත පඬුරු ගෙන එන පෙරහැරක් කැටයම් කිරිමෙන් ද පෙනී යන්නේ බෞද්ධ විහාරස්ථානවලට ද්‍රවිඩ ආභාෂය ලැබී ඇති බවය.

දෙවිනුවර උපුල්වන් දේවාලය

තවද අනුරාධපුර යු‍ගයේ අග භාගයට අයත් කුඩා හින්දු ‍සිද්ධස්ථාන කිහිපයක නටඹුන් අනුරාධපුර පැරණි නගරයේ උතුරු දෙසින් හඳුනාගත හැකි වූ බව සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි.

තවද දෙවිනුවර උපුල්වන් දේවාලය ඉදි කර ඇත්තේ පළමු වන දප්පුල රජතුමා බව හඳුනාගෙන ඇත.

මේ අනුව පෙනී යන්නේ අනු‍රාධපුර යුගයේ සිට මෙරට ජාතීත් අතර සහජීවනය පැවති බවය.