අනුපාන

විකිපීඩියා වෙතින්

ආයුර්වේදය යනු රෝගයන්ට ප්‍රතිකාර කිරීමේ විද්‍යාවක් පමණක් නොවන අතර නීරෝගී හා තෙදැති දිවියක් ලබා දීමේ විද්‍යාවද වන අතර මෙම අවස්ථා දෙකෙහිදීම අනුපාන සඳහන් වෙයි. රෝග ප්‍රතිකාර ලෙසින් ගැණෙන ඔසු හා එදිනෙදා පරිභෝජනය වන ආහාර සම්බන්ධව අනුපාන භාවිතය විස්තර වන අතර, ඉතා සරල සිට මහත් අපැහැදිලි දක්වා පරාසයක වන කෘත්‍යයන් රැසක් එයින් සිදුවන බවක් පෙනෙයි.

ශබ්ද නිරුක්තිය[සංස්කරණය]

ඖෂධ හෝ ආහාර හෝ පරිභෝජනය හා සමගින් හෝ පරිභෝජනයෙන් අනතුරුව හෝ පානය කරන්නාවූ ද්‍රව්‍යයන් අනුපාන ලෙසින් හැඳින්වෙයි.

රසතරංගනී නම් ග්‍රන්ථය පරිදී ඖෂධ හා සමගින් පරිභෝජනය කිරීම හේතුවෙන් ඖෂධයෙහි හැකියාව ආවර්ධනය කරලීමෙන් ආබාධය අවප්‍රමාණ කරගැනුමට ඉවහල් වන්නාවූ දෙය අනුපාන ලෙසින් අර්ථදැක්වෙයි.

අවශ්‍යතා[සංස්කරණය]

අනුපානයක තිබිය යුතු අවශ්‍යතා අතර

  • ආහාරයට ප්‍රතිවිරුද්ධ ගුණාංග සහිත විය යුතුයි.
  • ධාතු සම්බන්ධයෙන් විරෝධක ලෙසින් ක්‍රියා නොකල යුතුයි.

නිදසුනක් ලෙසින් ස්නිග්ධ (තෙල් සහිත) ආහාර සඳහා රූක්ෂ (රළු) අනුපානද, මධුර රස සඳහා අම්ල රස අනුපානද, උෂ්ණ ආහාර සඳහා ශීත අනුපානද භාවිතා වෙයි.

වැසි ජලය හොඳම අනුපානය ලෙසින් සැලකෙයි.

මාත්‍රාව[සංස්කරණය]

අනුපාන පරිභෝජනයේදී මාත්‍රාව හෝ ලබා ගත යුතු ප්‍රමාණය දෝෂය අනුව වෙනස් වෙයි.
වාත රෝග සඳහා පලා එකක්ද, පිත රෝග සඳහා පලා දෙකක්ද, සෙම් රෝග සඳහා පලා තුනක්ද මාත්‍රාව ලෙසින් භාවිතා වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=අනුපාන&oldid=216761" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි