අධිකරණ ඉංජිනේරු විද්‍යාව

විකිපීඩියා වෙතින්

අධිකරණ ඉංජිනේරු විද්‍යාව යනු අපේක්ෂා කර ඇති පරිදි ක්‍රියාත්මක නොවෙමින් හෝ කිසිසේත්ම ක්‍රියාත්මක නොවෙමින් ද්‍ පුද්ගලික ආපදා හෝ දේපල අලාභහානි සිදු කරන්නාවූ රව්‍ය, නිෂ්පාදන, ව්‍යුහ හෝ සංරචක පිළිබඳ පර්යේෂණ පැවැත්වීමයි. බිඳ වැටීම්වල ප්‍රතිඵල, නිෂ්පාදන වගකීම් පිළිබඳ නීතිය මඟින් පරිශීලනය කරනු ලැබේ. මෙම විෂය සිවිල් නීති නඩුවල දී වඩා බහුලව භාවිතා වන අතර අපරාධ නීති නඩුවල දී ද භාවිතා විය හැකිය. සාමාන්‍යයෙන් අධිකරණ ඉංජිනේරු විද්‍යා පර්යේෂණයක අරමුණ වන්නේ සංරචකයක ජීවිත කාලය හෝ කාර්යඵලය වැඩි දියුණු කිරීමේ හෝ අනතුරක තොරතුරු තීරණය කිරීමට උසාවියට සහාය දැක්වීමේ හෝ අරමුණින් යුතුව වරද හෝ වරද සිදු වීම සොයා ගැනීමයි. තවද එයට බුද්ධිමය දේපල පිළිබඳ පැමිණිලි ගැන විභාග කිරීම ද ඇතුළත් විය හැකිය. (විශේෂයෙන් පේටන්ට් බලපත්‍ර)

අධිකරණ සමීක්ෂණ ක්‍රම[සංස්කරණය]

අධිකරණ සමීක්ෂණවල දී භාවිතා වන ක්‍රමවලට ප්‍රතිලෝම ඉංජිනේරු විද්‍යාව, ඇසින් දුටු සාක්ෂි විභාග කිරීම, කාලීන සම්මත පිළිබඳ ප්‍රායෝගික දැනීම මෙන්ම ආපදාවට ලක්වූ සංරචකය පරීක්ෂා කිරීම ඇතුළත් වේ. කැඩුණු නිෂ්පාදිත ද්‍රව්‍යයක බිඳීම් මතුපිට ද්‍රව්‍ය බිඳුණු ආකාරය හා බිඳ වැටීමට පෙර වූ ද්‍රව්‍යයේ ක්‍රියාකාරීත්වය ගැන බොහෝමයක් තොරතුරු සපයයි. බිඳීම් මතුපිට පිළිබඳ අධ්‍යයනය කිරීම ෆ්‍රැක්ටොග්‍රැෆි ලෙස හඳුන්වයි. උදාහරණ ලෙස බලවත් ආයාසය සාමාන්‍යයෙන් ලාක්ෂණික බිඳීම් මතුපිටක් නිර්මාණය කරන අතර එමඟින් බිඳ වැටීමට හේතුව ගැන නිෂ්චය කිරීමට ඉඩ ලබා දෙයි. මෙවැනි බොහෝමයක් පර්යේෂණවල මූලික අභිමතාර්ථය වන්නේ භෞතික හා රසායනික තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් බිඳ වැටුණු කොටස පරීක්ෂා කර බිඳ වැටුම් යාන්ත්‍රණය හඳුනාගැනීමයි. මෙම ක්‍රියාවලිය සමහරක් විට මූලික හේතු විශ්ලේෂණය ලෙස හඳුන්වයි. මලින වීම තවත් බහුල බිඳ වැටුම් ආකාරයක් වන අතර මලින වීමට අනුබල දෙන පරිසරයෙහි ඇති ක්‍රියාකාරී ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා සුපරික්ෂාකාරී විශ්ලේෂණයක් අවශ්‍ය වේ. ගිනි මඟින් ඇති වන අනතුරුවලින් වැදගත් සාක්ෂි විනාශ කරන නිසා විශේෂයෙන් ඒවා අභියෝගාත්මක පර්යේෂණ වේ. නමුත් අවශ්‍ය තරම් වේලා ඇතිව නැවැත්වීමට හැකි වුව හොත් එමඟින් හේතු සොයා ගැනීමට පහසුවෙන්ම හැකිවනු ඇත. ගිනි තැබීමක් ගැන සැක කිරීමක දී ගිනි සමීක්ෂණ කිරීම විශේෂිත හැකියාවක් වේ. නමුත් එය උදාහරණ ලෙස වැරදි ඉන්ධන නළ අනතුරට හේතු වන වාහන අනතුරු ප්‍රතිසංස්කරණය කිරීමේ දී ද වැදගත් වේ.