අතිච්ඡාදන ජානය

විකිපීඩියා වෙතින්

අතිච්ඡාදන ජානයක් යනු තම ප්‍රකාශ්‍ය නියුක්ලියෝටයිඩ අනුපිළිවෙළ, තවත් ජානයක ප්‍රකාශ්‍ය නියුක්ලියෝටයිඩ අනුපිළිවෙළ අඩවශයෙන් අතිච්ඡාදනය කරන ජානයකි.[1] මේ ආකාරයට නියුක්ලියෝටයිඩ අනුපිළිවෙළකට එකක් හෝ ඊට වැඩි ජාන ඵලයන් ගණනක ක්‍රියාකාරීත්වයට දායකත්වය සැපයිය හැක. අතිමුද්‍රණය ලෙස හැඳින්වෙන අතිච්ඡාදනයේ දී එක් ජානයක අනුපිළිවෙළක සියලු හෝ සමහර කොටස්, එකම පථයක ඇති අනෙක් ජානයේ විකල්ප කියවුම් රාමුවක් තුළ දී කියවිම සිදුවේ. අතිමුද්‍රණය යනු පවතින අනුපිළිවෙළ, ගෙනෝමයේ පැරණි ජාන හෝ පෙරාතුව පැවති කේත රහිත ප්‍රදේශ තුළින් අලුතින්ම (de novo) නව ජාන මතුවීමේ යාන්ත්‍රණයක් ලෙස හඳුන්වනු ලැබේ.[2] අතිමුද්‍රිත ජාන විශේෂයෙන්ම වෛරසවල ගෙනෝම සංවිධානයේ සුලභ ලක්ෂණයක් වන අතර, කුඩා වෛරස් ජාන තොරතුරු කට්ටලයක් තුළ පැවතිය හැකි ප්‍රකාශ්‍ය ජාන සංඛ්‍යාව විශාල ලෙස වැඩි කිරීමට සුදුසුය.

වර්ගීකරණය[සංස්කරණය]

Tandem out-of-phase overlap of the human mitochondrial genes ATP8 (+1 රාමුව, රතුපාටින්) and ATP6 (+3 රාමුව, නිල්පාටින්)[3]

ජාන විවිධාකාර ක්‍රම වලින් අතිච්ඡාදනය විය හැකි අතර එකිනෙකට සාපේක්ෂව එවායේ පිහිටීම මගින් වර්ගීකරණය කළ හැක.[1][4][5][6][7]

  • ඒකදිශ හෝ තණ්ඩල අතිච්ඡාදනය: එක් ජානයක 3' අන්තය, එකම දාමයේ අනෙක් ජානයේ 5' අන්තය සමග අතිච්ඡාදනය. මෙම සැකසීම, ඊතල මගින් කියවුම් රාමුව මුල සිට අගට පෙන්නුම් කරන → → සළකුණෙන් සංකේතවත් කළ හැක.
  • අභිසාරී හෝ end-on අතිච්ඡාදනය: ජාන දෙකෙහිම 3' අන්ත ප්‍රතිවිරුද්ධ දාමවල අතිච්ඡාදනය. මෙය → ← ලෙස ලිවිය හැක.
  • අපසාරී හෝ tail-on අතිච්ඡාදනය: ජාන දෙකෙහිම 5' අන්ත ප්‍රතිවිරුද්ධ දාමවල අතිච්ඡාදනය. මෙය ← → ලෙස ලිවිය හැක.

අතිච්ඡාදන ජාන, ඒවායේ සාපේක්ෂ කියවුම් රාමු විස්තර කරන කලාව (Phase) අනුව ද වර්ගීකරණය කළ හැක:[1][4][5][6][7]

  • In-phase overlap occurs when the shared sequences use the same reading frame. This is also known as "phase 0". Unidirectional genes with phase 0 overlap are not considered distinct genes, but rather as alternative start sites of the same gene.
  • Out-of-phase overlaps occurs when the shared sequences use different reading frames. This can occur in "phase 1" or "phase 2", depending on whether the reading frames are offset by 1 or 2 nucleotides. Because a codon is three nucleotides long, an offset of three nucleotides is an in-phase, phase 0 frame.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 වයි. ෆුකුඩා, එම්. තොමිතා et ටී. වශියෝ (1999). "Comparative study of overlapping genes in the genomes of Mycoplasma genitalium and Mycoplasma pneumoniae". Nucleic Acids Res. Oxford Journals. 27 (8): 1847–1853. doi:10.1093/nar/27.8.1847.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; keese_1992 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. Anderson S, Bankier AT, Barrell BG, de Bruijn MH, Coulson AR, Drouin J, Eperon IC, Nierlich DP, Roe BA, Sanger F, Schreier PH, Smith AJ, Staden R, Young IG (April 1981). "Sequence and organization of the human mitochondrial genome". Nature. 290 (5806): 457–465. doi:10.1038/290457a0. PMID 7219534.
  4. 4.0 4.1 Fukuda, Yoko; Nakayama, Yoichi; Tomita, Masaru (December 2003). "On dynamics of overlapping genes in bacterial genomes". Gene. 323: 181–187. doi:10.1016/j.gene.2003.09.021.
  5. 5.0 5.1 Johnson Z, Chisholm S (2004). "Properties of overlapping genes are conserved across microbial genomes". Genome Res. 14 (11): 2268–72. doi:10.1101/gr.2433104. PMC 525685. PMID 15520290.
  6. 6.0 6.1 Normark S.; Bergstrom S.; Edlund T.; Grundstrom T.; Jaurin B.; Lindberg F.P.; Olsson O. (1983). "Overlapping genes". Annual Review of Genetics. 17: 499–525. doi:10.1146/annurev.ge.17.120183.002435. PMID 6198955.
  7. 7.0 7.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; rogozin_2002 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=අතිච්ඡාදන_ජානය&oldid=412275" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි